(මගේ රීඩර්ස්ලගේ ගෲප් එකක් හැදුවා. එන්න කැමති අය ඉන්නවා නම් 0715891023ට මැසේජ් එකක් දාන්න.)
---------------------------------------------------
පුරා තුන් දිනක් පේ වූ තරුණයින් සිව්දෙනා ජලස්නානය කර ධවල පැහැ වස්ත්‍රයන්ගෙන් සැරසුණ හ.
"අද අපි යන්න හදන්නේ වෙසමුණි රජ්ජුරුවෝ හම්බවෙන්න." ටේ බණ්ඩා කුක්සෝමට පැවසී ය.
"හෑ? මොකක්?" වෙසමුණි යන නම ඇසුණු සැණින් ඔහුගේ සර්වාංගය ම වෙව්ලන්නට වූයේ ය.
"වෙසමුණි රජ්ජුරුවෝ කියන්නෙ දරුණු යකෙක් නේද?"
"ජාතිය යක්ඛ උනාට වෙසමුණි අයියා කියන්නෙ හරි හොඳ යකෙක්." යි පිළිතුරු දුන් ගුරුන්නාන්සේ මනුලොව සිට වෙනත් ලෝකයක් වෙත යාත්‍රා කළ හැකි රථය වූ දඬුමොණර යානාව එතැනට ගෙන්වා ගැනීම සඳහා මන්ත්‍ර ජප කරන්නට ගත්තේ ය.
ඕං ඕං ඒස්වාහ්ඃ
දඬුමොණරං වරඃ වරඃ
රාවණං නිෂ්පාදනං වරඃ
ආකාසෙං වරඃ වරඃ
ගම් පියසට වරඃ වරඃ
රීං රීං ඒස්වාහ්ඃ පුඃඔහු දෑත් ඉහළට ඔසවමින් වහලේ උළු කැට අතර තිබූ විය සිදුරක් තරම් කුඩා විවරයෙන් අහස දෙස බලමින් එකසිය අටවරක් එම මන්ත්‍රය මැතිරී ය.
මඳ වේලාවකින් දේවාලයේ දොර විවෘත වී දීප්තිමත් කහ පැහැ එළියක් විහිදුවමින් දඬුමොණර යානය දේවාලය තුළට ආවේ ය.
එහි රියදුරු අසුනේ හිඳ සිටි නිල් පැහැ වාමනයෙක් පිරිසට ඇතුළු වීම සඳහා එහි ද්වාරය විවර කළේ ය.යානයේ ඇතුළත බිත්තිවල රන් ආලේප කර මැණික් ඔබ්බවා තිබිණි. ඇතුළත ඉතා සුවපහසු ලෙස විල්ලුද රෙදිවලින් ආවරණය කරන ලද ආසන පනවා තිබිණි.
ටේ බණ්ඩාත් කුක්සෝමත් ඉදිරි අසුනේ ඉඳගත් අතර චිමී සාන්ත සුගතන් ද සමඟ පසුපස ආසනයට වැදුණේ ය.
වාමන රියදුරා රථය පණ ගැන්වූ සැණින් එය දේවාලයෙන් පිටතට විත් අහසට නැගුණේ ය.
* * * * *
දඬුමොණරය වෙසමුණි මන්දිරයට සේන්දු වන විට කුක්සෝමට ටේ බණ්ඩාගේ උරහිස මත හොඳටම නින්ද ගොස් තිබිණ. ටේ බණ්ඩා හිමින් සීරුවේ ඔහුව අවදි කරවීය.
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...