කලබැගෑනිය

226 40 152
                                    

පසුදින උදෑසන කුක්සෝම උඩ ගොස් අවදි වූයේ කුමක් හෝ විශාල ගාලගෝට්ටියක් ඇසීමෙනි. ඔහු වහවහා සාලයට දිව්වේ ය.

සාලයෙන් හතරෙන් තුනක් ම ගම්මුන්ගෙන් පිරී තිබිණි. ඒ මැද ආරච්චිල පවුලේ උදවිය හිස් බිමට යොමාගෙන සිටියහ. ශාන්ති නෝනාගේ දෑසින් කඳුළු වැගිරෙමින් තිබූ අතර ආරච්චිල ඇය සනසන්නට මහත් සේ වෑයම් කළේ ය.

"ආ ඔය එන්නෙ අති උත්තම හා දත් රාජයා." කුක්සෝමගේ පැමිණීම දුටු ගැමියකු කීවේ ය. ඒ ඇසූ අනෙක් පිරිසෙන් බොහෝදෙනෙක් සමච්චලයට මෙන් සිනාසුණ හ.

ශාන්ති නෝනා කෝපයෙන් දත්මිටි කමින් විත් එම ගැමියාට දුන් කම්මුල් පහරේ සැරට ඔහුට තරු පොකුරු පිටින් මැවී පෙනෙන්නට වූයෙන් ඔහු මඳක් පසුපසට ගොස් ඇගේ දර්ශනපථයට හසු නොවන සේ පිරිස අතර වහං වූයේ ය.

මෙයින් පිරිසගේ උද්යෝගය මදක් බැස ගියද ඊළඟ මොහොතේ ඈ එවැනි ම කනේ පහරක් කුක්සෝමට ද දෙනු දක්නට ලැබුණෙන් එයින් එම උද්යෝගය යළිත් වර්ධනය වන්නට විය. උද්දාමයට පත් පිරිස අත්පොළසන් දෙන්නටත් උරුවම් බාන්නටත් වූහ.

සිදුවන්නේ කුමක්දැයි යන්තමින්වත් වටහාගන්නට නොහැකි වූ කුක්සෝම දෑස් ලොකු කර ගෙන තම පවුලේ උදවියත් සාලයේ උන් ගම්වැසියනුත් දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූයේ ය.

තම ගිනිපුපුරු පිට වන බැල්ම හෙළා ගම්මුන් නිහඬ කළ ශාන්ති නෝනා ඔවුන්ගෙන් එකෙකු අත තිබූ කොළයක් උදුරාගෙන "මේ තියෙන්නෙ උඹේ කෙරුවාවල්. ඉඳා අරගෙන කියවපන්." කියමින් එය කුක්සෝම අතට දුන්නේ ය.

එය කවි කොළයක් බව ඔහුට බැලූ බැල්මට ම පෙනිණි. මඳක් කියවාගෙන යද්දී එය නිකන් ම කවි කොළයක් නොව කවි කොළයක් ලියන ලද කැලෑ පත්තරයක් බව ඔහුගේ නුවණට වැටහිණ.

එම කැලෑ පත්තරය මෙසේ වීය.

ගුරෙකු හාවෙකු සමඟින් පෙම් කෙළීම

හා හා හරි හාවා
දේවාලෙට ආවා
හිටගෙන ගුරු ගාවා
වටපිට ඇහැ ලෑවා

ගුරු ඇඳ සුදු
වී පිරිසිදු
පොහොය නැති දු
සිල් ගත් බඳු

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now