ඩෙඟා නැටීම

274 45 103
                                    

ගුරුන්නාන්සේ හමුවට ගිය කුක්සෝම ආපසු නිවසට එන විට කවුරුන් හෝ විසින් ඔහුගේ සරම් සියල්ල ම සාලය පුරා විසි කර තිබිණි.

ඒ මැද සෙම පෙරාගෙන භූමි අක්කා සිපගනිමින් වැටී සිටියේ ඔහුගේ පොඩි අයියණ්ඩිය වූ චිමී සාන්ත ය.

බියෙන් මුසපත් වූ කුක්සෝම දොර වසා දමා හෙමි හෙමින් ඒ අසලට ගොස් පහත් වී තම සොහොයුරාගේ සිරුරට අත තැබී ය.

ඒ ස්පර්ශයත් සමඟ නව පණක් ලද්දෙකු මෙන් දනිපනි ගා නැගී සිටි චිමී සාන්ත අතකින් තම මලණුවන්ගේ උගුරු දණ්ඩ ඩැහැගත්තේ ය.

එසේ අල්ලාගෙන ඇදගෙන ගොස් සෙලවීමටවත් නොහැකි වන සේ ඔහුව බිත්තියට තබා තද කළේ ය.

ඔහු කෑගැසන්නට තැත් කළත් බිය වැඩිකම නිසා ඔහුගේ මුවින් කිසිඳු වදනක් පිට නොවී ය.

ඔහුගේ බොටුවෙන් ඩැහැගෙන චිමී සාන්ත මඳ වේලාවක් ඔහුගේ ඇස් ගෙඩි දෙක තුළට තම දෑස ම ඔබාගෙන බලා සිටියේ ය. ඒ දෑසේ කෝපයක් සටහන් වී තිබෙතැයි බලාපොරොත්තු වුවද ඒ වෙනුවට ආයාචනාත්මක බැල්මක් සටහන් වී තිබුණේ මන්ද යන්න කුක්සෝමට උභතෝකෝටික ගැටලුවක් විය.

චිමී සාන්ත හෙමි හෙමින් පහතට නැමී තම මලණුවන්ගේ සුරත ලෙව කන්නට වූයේ ය.

ඉන්පසුව කුක්සෝම ඉදිරියේ දණගසා ගෙන ඔහුගේ සරමේ හැමතැන ම ඉව කරගෙන ගිය හේ ඒ සරමේ අලුතෙන් මැහුමක් යොදා තිබූ තැන විසි තිස් වතාවක් පමණ එක දිගට සිඹගෙන ගියේ ය.

ඊළඟට ඔහු එතනින් ඉවත්ව ගොස් තැන් තැන්වල විසිරී තිබූ සරම් ටික එක තැනකට එක්කාසු කළේ ය. නැවතත් තම සොයුරා අසලට ආ ඔහු මැදඟිල්ල ඉහළට උරුක් කර පෙන්වීය.

ඔහු එක්වරම කුක්සෝමගේ සරමෙන් අල්ලා ඇද්දේ ය. එහෙත් සරමේ ගැටය ඉතා තදින් දමා තිබූ හෙයින් එය යාන්තමටවත් බුරුල් වූයේ නැත.

තම සොයුරාගේ මේ විප්‍රකාර හැසිරීම කුක්සෝමට අපභ්‍රංශ බඳු විය. එහෙත් බිය නිසා කාය ශක්තිය අන්තයට ම සිඳී ගොස් තිබුණෙන් ඔහු කිසිවක් කරකියා ගන්නට නොහැකිව අසරණ වී ගල්ගැසී උන්නේ ය.

"අනේ සාන්ත ඔය සරම මෙහෙ දීපියව්" කියා කෑගසමින් චිමී සාන්ත සාලයේ බිම පෙරළි පෙරළී හඬන්නට වූයේ ය. සුළු වේලාවකට පෙර පැත්තක ගොඩගසා තිබූ සරම් ටික අතට ගෙන නැවතත් සාලය පුරා විසුරුවා හැරි ඔහු හතරගාතෙන් මිදුලට දිව්වේ ය.

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now