(චැප්ටර් එකෙ වචන 300ක් විතර දෙපාරක් කොපි පේස්ට් වෙලා තිබුණ නිසා ඒක එඩිට් කරලා රීපබ්ලිශ් කළා. Kim_Yeoshik නංගෝ තැන්ක්යූ ඒක පෙන්නුවට)
පසු දිනයේ උදෑසන දහයේ හෝරාවත් පසු වුවද චිමී සාන්ත අවදි වූයේ නැත.
ඔහුව පැදුරෙන් ඔසවා බූරු ඇඳක් මත බාවනු ලැබුව ද තත්වය එලෙස ම විය.
බියෙන් ඇලලී ගොස් සිටි ආරච්චිලගේ අවසාන තීන්දුව වූයේ ඔහුව බූරු ඇඳ පිටින් ම ඔසවා බක්කි කරත්තයක පටවාගෙන දේවාලය වෙත රැගෙන යා යුතු බව ය.
ඒ අනුව ආරච්චිලගේ නියෝගය පරිදි ගමේ අලංකාරම බක්කි කරත්තයේ හිමිකරුවා වූත් ගිය වසරේ ගමේ අවුරුදු උළෙලේ බක්කි කරත්ත ධාවන තරඟයෙන් ශූරතාවය ලැබුවා වූත් ෂූමාකර් අයියාගේ කරත්තය කැඳවා ගෙන එනු ලැබිණ.
ප්‍රථමයෙන් චිමී සාන්තව බූරු ඇඳත් සමඟින් කරත්තයට පැටවුණු අතර අනතුරුව ආරච්චිල පවුලේ සාමාජිකයෝ ද අංගම්පොර ශූරයෝ තිදෙනා ද එයට ගොඩ වූහ.
නමුත් කරත්තයට පැටවූ බර ඉතා අධික වූ හෙයින් ගොනුන් දෙදෙනා උන් තැනින් අඟලක්වත් ඉදිරියට ඇදුණේ නැත.
අවසානයේ ආරච්චිල පවුලේ සාමාජිකයන් පමණක් බක්කි කරත්තයේ නැග යන්නටත් අංගම්පොර ශූරයින් තිදෙනා ඒ පිටුපසින් පයින් එන්නටත් කතිකා කර ගැනිණි.
පිරිස රැගත් බක්කි කරත්තය දේවාලයට සේන්දු වනවාත් සමඟ මෙතෙක් මර නින්දේ උන් චිමී සාන්ත සෙම පෙරමින් අනිත් අයවත් පෙරලාගෙන දුවගොස් දේවාලය තුළට වැදුණේ ය. ආරච්චිල ඔහුව නතර කරන්නට සැරසුණ ද ඊට පෙර ඔහු මහත් භක්ත්‍යාදරයෙන් යුතුව සිය අනියම් ප්‍රේමය වූ භූමි අක්කා සිපගත්තේ ය.
* * * * *
සුගතන් දේවාලයේ ඇතුළු භාගය සුද්ධ පවිත්‍ර කරමින් සිටියේ ය.
ඊයේ සවස පටන් තම කුටියට වී නොනවත්වා සක්මන් භාවනාවේ යෙදෙමින් සිටි ටේ බණ්ඩා ගුරුන්නාන්සේ තවමත් දවසේ රාජකාරි අරඹා නොතිබිණ.
සුද්ධ පවිත්‍ර කටයුතු අවසන් කළ සුගතන් මදක් සැතපෙන්නට සැරසිණි. යාන්තම් ඇහැ පියවෙනවාත් සමඟ ම ගත පුරා වෙළී ගිය කම්පනකින් ඔහු උඩ විසි වී ගියේ ය.
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...