කෙසෙල් කැවීම

248 45 132
                                    

පසු දින අළුයම් ජාමයේ අවදි වූ කුක්සෝම තමා විසින්ම උයා පිහා ගත් බෙරි වූ බතකුත් ලුණු වෙනුවට සීනි දැමූ පරිප්පු හොද්දකුත් පොල් කුඩු සම්බෝලයකුත් අනුභව කර නා කියාගෙන දේවාලය වෙත පිටත් වූයේ ය.

ඔහු එහි ළඟා වන විටත් දේවාලයේ ඉදිරි ද්වාරය විවර කර තිබුණේ ය.

දේවාල භූමියේ හරි මැද ලොකු රත්කෙහෙල් කැනක් එල්ලා තිබිණි. දේවාලයේ බිම අලුතින් ම වියන ලද අලංකාර කළාල කීපයකින් ආවරණය කර තිබිණ.

නමුත් ගුරුන්නාන්සේ පෙනෙන්නට නොසිටි බැවින් ඔහු ඇතුළට නොයා වටපිට බලමින් රැඳී සිටියේ ය.

කුක්සෝම දේවාලයේ දොර අසලට විත් තමා පැමිණෙන තුරු බලා හිඳින බව ඇතුළු කොටසේ උන් ටේ බණ්ඩාට ඉවෙන් මෙන් දැනුණේ ය.

"අනේ මගෙ කුක්සෝමේ. ඔයා ආවද මගෙ වස්තුවේ?" කියමින් ඔහු දෑත් දිගු කරගෙන ඉදිරියට දිවගියේ ය. "අනේ මගෙ බණ්ඩයියේ" කියමින් දිව ආ කුක්සෝම ඔහුගේ ඇඟට පැන්නේ ය.

ඔහු කීපවරක් ම ටේ බණ්ඩාගේ හිසත් දෙකොපුලත් සිම්බේ ය. ඔහුගේ නැහැයට පිච්ච මල් සුවඳක් දැනිණි.

"අද බණ්ඩයියා ගාව හරි සුවඳයි." කී ඔහු ගැඹුරු හුස්මක් ඉහළට ඇදගනිමින් එම සුවඳින් තම පෙනහළු පුරවා ගත්තේ ය.

"මං උදේ පාන්දරම කඩමණ්ඩිය පැත්තෙ ගියා ජුන් සිඤ්ඤෝවයි ජිනදාසවයි දැකබලාගෙන එහෙම්ම ම රත් කෙහෙල් කැනකුත් අරන් එන්න කියලා. ජුන් සිඤ්ඤෝට මං කරපු උපකාරෙට කෙළෙහිගුණ සැලකිල්ලක් හැටියට මිනිහා මට කඩේට ඇවිත් තිබ්බ අලුත් ම සුවඳ ජාතියෙන් සුවඳ පුළුන් කෑල්ලක් නොමිලෙ ම දුන්නා."

ඔහු තම වම් කනේ ගසා තිබූ සුවඳ පුළුන් කැබැල්ල එළියට ඇද පෙන්වීය.

තම පෙම් කුමරා එම සුවඳින් වසඟව සිටින අයුරු දුටු ඔහු පුළුන් කැබැල්ල දෙකඩ කඩා ඉන් එක් කොටසක් කුක්සෝමගේ කන තුළ රුවා ඉතිරි කොටස ආපසු සිය කන තුළ ම රඳවා ගත්තේ ය.

ලැජ්ජාවෙන් බිම බලාගත් කුක්සෝම හීන් හිනාවක් පෑවේ ය.

"හොඳායි අපි මහා කෙසෙල් කැවීමේ චාරිත්‍රෙ පටන්ගන්න යමු දැන්" ටේ බණ්ඩාගේ කීමට ඔහු හිස සලා එකඟත්වය පළ කළේ ය.

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now