ප්‍රේමයේ අතුරු කතාවක්

223 37 51
                                    

චංචල වූ සිතින් යුත් කුක්සෝමත් ටේ බණ්ඩාත් ඉකුත් වූ රැය පහන් කළේ නිදි වර්ජිතව ය.

ඔවුන් සේ ම නිදි වරමින් උන් පන්සලේ අලුත් ම ඇබිත්ත කොලුවා වූ ශාන් එම රාත්‍රියේ තම ආදර කතාව ඔවුන් හා පවසා තිබුණේ ය.

එහා ගමේ වඩුවකුගේ පුතකු වූ යිබෝවංශ පොඩි හාමුදුරුවෝ හෙවත් ගිහි නාමයෙන් පවසන කල යීබෝ යනු වැලි කෙළියේ පටන් ශාන්ගේ අඹ යහළුවා විය.

වසරක පමණ කාලයක සිට ශාන් යීබෝට ඒකපාර්ශ්විකව පෙම් කළ නමුත් ඔහු ඒ බව මුවින් ප්‍රකාශ කරන්නට මැලි වී ඇත.

පසුව ඔහු යීබෝගේ පහළොස්වන ජන්මදිනය දා තම ප්‍රේමය ප්‍රකාශ කර ඔහුව පුදුම කරවන්නට සැලසුම් කරගත් නමුත් ඊට පෙර හදිසියේ ම එවකට තුදුස් වියේ උන් යීබෝ සසුන්ගත වන්නට තීරණය කර තිබිණ.

ඒ ඔහුගේ සොහොයුරියන් දෙදෙනාගේ දෑවැදි සඳහා වියහියදම් කිරීමත් යීබෝ ඉගෙනුම ලද ටවුමේ ඉංගිරීසි පාඨශාලාවේ මාසික ගාස්තු ගෙවීමත් තමාට එකවර සිදු කළ නොහැකි බවට ඔහුගේ පියා නිරන්තරයෙන් කළ ගෝරනාඩු ඉවසාගත නොහැකි වූ තැන ය.

තමා ඉගෙනුම අතහැරියහොත් පවුලේ වියදම් යම් පමණකට අඩු වන බව ඔහුට කල්පනා විය.

නමුත් ඔහුගේ නැන්දණියක වූ ඥානලතා විසින් පවසා තිබුණේ ඔහු මහණ වුවහොත් පවුලේ වියහියදම්වලින් හරි අඩක් ඉතිරි වන බවත් එසේම දරුවකු සසුන්ගත කිරීමේ මහා පුණ්‍යකර්මයේ බලයෙන් ඔහුගේ දෙමාපියන් හට මතු උපදින භවයක් පාසා දිව්‍ය විමානවල උපදින්නට ලැබෙන බවය.

ඉදින් තමා සතුව ඇති හොඳම විකල්පය එය බවට ඔහු ඉස්මුදුනින් ම පිළිගත්තේ ය.

එම අරමුණ පසෙකලා තම නිවසට විත් ඔහුට නතර වන්නැයි ඇවිටිලි කරන්නට ඇවැසි වුව ද තමා කුඩාකලදී ම මවත් පියාත් මිය පරලොව ගිය දිනයේ පටන් තනිවම වෙහෙස මහන්සි වී තමා රැක බලාගත් දිළිඳු අත්තම්මාට බරක් වීමේ හැකියාවක් ශාන් හට නොතිබිණ.

ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් වරක් එක් දාන වේලක් මගහැරී යාම නිසා තම පියා සමඟ දැඩි අමනාපයෙන් උන් හෙයින් තම ගම්මානය අතහැර අසල්වැසි ගම වූ අන්දකයිප්පු ගමට ගොස් ඉන්ද්‍රචාපාරාමයේ ලොකු හාමුදුරුවන් ළඟ මහණ වන්නට ඔහු තීරණය කළේ ය.

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now