හිස් බනානා මිල්ක්ෂේක් බෝතලය පෙට්ටගම තුළට දමා වසනවාත් සමඟ ම කුක්සෝමගේ සවන් වැකුණේ ජිනදාසගේ සාස්පාන් පහරකින් කාගෙදෝ පශ්චාත් භාගයක් පොඩිපට්ටම් වන හඬ ය.
ඒ සමඟ ම "මේකි අපෙ නම්බුව කෑවා සුදු මහත්තයෝ" කියමින් ශාන්ති නෝනාත් , සිය වට්ටක්කා හැඩැති පශ්චාත් භාගය පිරිමදිමින් නෙල්ලි මැණිකාත් , සාස්පානක් අතින් ගත් ජිනදාසත් , සිද්ධාලේප අසමෝදගම් බෝතලයක් කටට හලා ගනිමින් චිමී සාන්තත් සාලයට ප්රාදුර්භූත වූ හ.
බොහෝ වේලාවක් හඬමින් සිටි නිසා නෙල්ලි මැණිකාගේ ඇස් රතු වී තිබිණි. ජිනදාස යළිත් වරක් සාස්පාන ඉහළට එසවූයේ තම නැගණියගේ ඔළුගෙඩිය ඉලක්ක කරගෙන ය.
"හා හා ඔහොම ඉන්ට. වෙච්ච දේ කියලා ඉඳපල්ලා මුලින්." නෙල්ලි මැණිකාගේ හිස අනූනවයෙන් බේරුණේ ආරච්චිල වහා ඉදිරිපත් වූ නිසා ය.
අමනාපයෙන් මෙන් තම පියා දෙස බලා මරියානා අගාධය තරම් ගැඹුරු හුස්මක් ගත් ජිනදාස උගුර පාදමින් කතාව ඇරඹී ය.
"අප්පච්චියි සූටි මලයයි ගුරුන්නාන්සේ බැහැදකින්න ගිහින් ටික වෙලාවකට පස්සෙ අපි කට්ටිය ම ගියා පන්සල පැත්තෙ ගිහින් එන්න. කොහොමින් කොහොම හරි අපි මල් පූජා කරන් යද්දි එක ආසනේකට මල් මදි වුණ හින්දා මං මෙන්න මේකිව යැව්වා පන්සලේ ආවාස ගේ පිටිපස්සේ තියෙන වතුසුද්ද ගහෙන් මල් ටිකක් කඩන් එන්න."
"කවුද හිතුවෙ මේකි අපෙ සනුහරේ ම කිසිම ගෑනියෙක් නොකරපු විදිහෙ වලත්ත වැඩක් කරයි කියලා" ජිනදාසගේ කතාවට හරස් කැපූ ශාන්ති නෝනා යළිත් තම ශාන්තිය දසත පතුරවන්නට වූවා ය.
"හා හා ඉවසන්න මයෙ සුදු හාමිනේ. ලොකු පුතා කතාව කියන් යන්නකො." ආරච්චිල තමා සතු සන්සුන් ම ස්වරයෙන් එසේ පැවසුවේ තම හාමිනේගේ ශාන්තිය නිවස තුළ පැතිරෙන්නට වූ කළ එයට හසු වන සියල්ලන් ම දැවී අළු වී යන බව සහසුද්දෙන් ම දැන සිටි බැවිනි.
"මේකිව යවලා පැය බාගයක් ම ගිහිල්ලත් නොආපු හින්දා අපේ ජිමින් මලයව යැව්වා මේකි හොයාගෙන එන්ට. ටික වෙලාවක් ගියත් මූත් ආයෙ නාපු හින්දා මායි අපෙ අම්මණ්ඩියි දෙන්න ම ගියා මොන ගිනි විජ්ජුම්බරයක් ද වෙන්නෙ කියලා දෑහින් ම බලාගන්ට."
YOU ARE READING
අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔
FanfictionTaekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ලයිට් වැඩ... සුගතන්ගේ වෙස් මාරු වැඩ... හොබීදාසගේ උපාසක වැඩ... නෙල්ලි මැණිකාගේ වලත්ත වැඩ... සමඟ, ටේ බණ්ඩා ගුරුන්නාන්සෙයි කුක්සෝ...