4 කොටස

366 45 14
                                    

එදා ඉන්ටෝල් එකට කලින් පීරියඩ් දෙකට කෙමෙස්ට්‍රි වැටිල තිබ්බෙ.. කෙමෙස්ට්‍රි මැඩම් එනකම් වෙන කරන්න දේකුත් තිබුන්නැති නිසා අපි සන්ශයින්ව කදේට පටලගත්තා.. මෑන් එච්චර කතාකරන එකෙක් නම් නෙවෙයි.. ඒත් හිතුව තරම් ආබාධයක් නෑ වගේ.. පොතට කලින් පිටකවරෙ බලන්න හොඳ නෑ කියන්නෙ ඕකට තමා..

" සිරාවටම තවුසෙගෙ නම සන්ශයින්ද.. ලස්සන නමක් ඈ.. තවුසෙ ක්‍රිස්ටියන්ද එතකොට.. "

" පිස්සුද බං.. හොඳට අහගනින්.. මම රනුද් ලක්ෂිත ඩයස්.. සිංහල එල කොල්ලෙක්.. "

" බල්ලනේ.. අද කෙමෙස්ට්‍රි මැඩම් නැතෝලු.. "

ප්‍රභාගෙ නිවේදනයෙන් අමන්දානන්දයට පත්වුණ පන්තියෙන් තුන් කාලකට වඩා හුරේ කියද්දි බැලුවත් පොත මූණෙ ගහගෙන ඉන්න රහසින්වත් පව් නොකරන සද් ගුණවත් කුමර බඹසර රකින බුද්ධිමත් ඇසූ පිරූ තැන් ඇති කියල පෙන්නගෙන ඉන්න මහා පග ප්‍රාණීන් ටික මූණත්තහඩු ටික නාළු කරගත්තා..

" එහෙනම් කමු.. බඩගින්නෙ මැරෙයි භල්ලනේ.. බත් මුල් ටික ගනිල්ලා.. "

ධනුද්දරයා පිටි අල්ල නළලට තියාගෙන ෆේන්ට් වෙනවා වගේ ඇක්ට් එකක් දාලා කොරිඩෝ එකට ගිහින් හොඳට වටපිට බලලා දැලෙන් එළියට අත හෝදලා හොර ගොනා වගේ පන්තියට ආවා..

" ඕක ඇරහන් ඉක්මනට බඩගිනී.. "

ධනුද්දරයා කොරිඩෝ එකේ ඉඳන්ම නලාව ගහගෙන ඇවිත් අතපය හතර සිව් දිශාවට යොමු කරගත්ත අන්දරේ වගේ දොහ් ගාලා පුටුවට පතබෑවුණා..

" අඩේ හාල්මැස්සො.. "

" හෝව් හෝව්.. "

" තුච්ඡ නර පණුවට සමාව ලන්ච් ශීට් එකේ ඔතා.. අහෝ මෙම යුෂ්මතා වරදක් කළත් එය කරනුයේ තුන් සිතකින් නොවේ මා ප්‍රිය හිම තුහිනයෝහ්.. "

පන්තියෙ පිටිපස්සෙ ඉඳන් ආව මොනිටරයා ඉස්සරහට යන ගමන් තුහිනයා ධනුද්දරයට කවන්න හැදුව බත් කට උදුරගෙන කටට ඔබාගෙන කට ඇරල අමුතු එකක් කරන ගමන් ඌට විරිත්තලා රෙකෝඩ් බුක් එක අරගෙන කොහෙටද අතුරුදහන් උනා..

" ආආආ කියන්න.. "

" මේ මොකත.. "

" මිතුර.. අපේ මිත්‍ර සංගමයෙ නීති ටිකක් තියෙයි.. එක.. වලි බෑ.. සොඳුරු වලි විතරයි.. දෙක.. යාළුවො අතර රහස් බෑ.. බට් අතිශය ප්‍රයිවට් ඒවට ඒක අදාල නෑ.. ජොකාගෙ ඉඳන් ඕනිම දෙයක් කියන්න පුළුවන්.. තුන.. මිත්‍ර සංගමයෙ රහස් පිටතට දෙන්න බෑ.. හතර.. එකිනෙකාට උදව් කරගන්න ඕනි.. පහ.. කන වෙලාවට හැමෝටම කියල කවාගෙන තමා කන්න පටන්ගන්න ඕනි.. හදිසි අවස්ථාවලදි එහෙම ඕන්නෑ.. හය.. කරන හැම කුල්ල කුජීත වැඩකටම සප් එක දෙන්න ඕනි.. ගොට් ඉට්..? "

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now