9 කොටස

261 35 14
                                    

" කෝ ගෙනාවැයි.. "

" ඉඳා.. ගනින්.. "

සිකුරාදා කලා උළෙල තිබ්බට සෙනසුරාදා ක්ලාස් යන්න එපැයි.. ක්ලාස් ගියත් කරකෝලා අතෑරපු සීන් එකේ හිටියෙ.. මම ඩෙස්ක් එකට ජැක් එකක් ගහගෙන මිත්‍ර සංගමේ උන් කියන වැල් බූත අහන් හිටියා..

" ශෙහානී~ "

එදා ශෙහානිව කදේට ටපලගත්ත කෙල්ල දුවගෙන දුවගෙන ඇවිල්ලා බෑග් එක ඩෙස් එක උඩින් තියලා මුල්ලට තල්ලු කරලා ශෙහානිගෙ උඩින් මුල්ලට පැනලා දොහ් ගාලා බංකුවෙන් වාඩිවුණා.. ශෙහානි බංකුවත් අල්ලගෙන ඒකිට රැව්වා..

" මේ බලහන්කො.. මම කියුට්ලු.. ශෝයිලු.. ලස්සනට නටනවලු.. එයාගෙ හිහ්හිහ්ලු.. අඩේ හාට් එකක් එක්ක කෝටු බබ්බු කපල් එකකුත් ඇඳලා.. නම්බරෙත් ලියලා.. "

" කොටයි කියල ලියල නැද්ද බං.. "

" ගහප් තොට.. උඹලා තරම් ගයන්න බැරි උනාට, තරමක් කොට උනාට, බළල් ඇස් නොතිබුණාට මමත් ලම්සන සෙම්සි කොල්ලෙක් හරිත.. "

" අඩෝ ඊයෙ මූ හින්දා කී දෙනෙක් ටර්න් ඔන් උනාද දන්නෑ නේත.. "

" මට එහාපැත්තෙ හිටිය ඕබී අයියා කෙනෙක් පපුවට ගහගෙන ගහගෙන ගියා දැක්කා.. "

කලා උළෙල ඉවර උනාට ඒකෙ උණුසුම බහින්න ටිකක් කල් යනවනෙ.. ලස්සනම වැඩේ තමා තුහිනයට දොළ දුකක් ඇවිල්ලනෙ එදා අපිට හම්බුණ ආදරය අයැද ලියල තියෙන චිට්ස් බලන්න.. දොළ දුකක් ආවම ඒක අනිවා ඉෂ්ට කරන්න ඕනිලුනෙ.. ඒ හින්දා කට්ටියම චිට්ස් ටික ගෙනල්ලා කියවන්න කියලා ඌට දුන්නා..

" මේ මැ- අම්.. චිට් හම්බවුණේ නැද්ද.. "

" හම්බවුණා.. ඩස්ට්බින් එකට දැම්මා.. "

" සැක්.. මේකිගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.. "

" මා දයාබර හාවෝ.. කටාරින්න මයෙ අම්මා.. "

" ආආ.. "

අමියා හැක්ස් එකක් මගෙ කටට දාලා ඌත් එකක් කටේ දාගෙන කොළ දෙක මගෙ බෑග් එකේ පොකට් එකේ ගැහුවා.. ඔටු කිරි බොන ප#යා..

" යමක් අහුවුණා.. අඩෝ.. මෙන්න මුගෙ පොකට් එකෙත් එකක් ගහලා.. ඕක කියෝපන් තුහිනයෝ.. "

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now