8 කොටස

318 40 17
                                    

කලා උළෙලට තව පැය විසි පහක් වගේ තියෙන්නෙ.. සුදූට කලා උළෙල බලන්න ඕනි කියල මෙහෙ ඇවිල්ලනෙ ඉන්නෙ.. අප්පච්චිට සතියක්ද කොහෙද මොබයිල් ස'විස් වැටිල එන්න වෙන්නෙ නෑලු.. සුදූ ආව වෙලේ ඉඳන් බනිනවා බනිනවා ඉවරයක් නෑ.. යටගිය දවස සුදු පුතා ලොකු වැඩක් කරලනෙ ඉන්නෙ.. කාටද ඉතින් ආඩම්බර.. සුදූටමනෙ..

" තමුසෙවනම් ලැයිමෙන් ගෙනාව එකෙක්ද කොහෙද.. යන හැම තූත්තුකුඩියෙම මොකෙක් හරි එකෙක් එක්ක පැටලිලා එන්නෙ.. නාරදත් ගොඩක් දොස් කිව්වා ඒකට.. අනේ අම්මපා මට නම් තේරෙන්නෑ නංගි මේ ළමයට ඉහේ කෙස් ගානට මං කියල ඇති එක එක උන් එක්ක පැටලෙන්නෙපා කියලා.. කියන එකක් අහන එකක්යෑ.. අර මනුස්සයා මොනා හිතන්න ඇතිද.. කොහෙද ඉතින් අපිට රැවුල නෑනෙ.. "

අම්මා මට ජාතිය අමතලා අත මිටි කරලා ඔළුවෙ පැත්තකට එකක් ඇන්නා.. ඒකනම් සිරාවටම රිදුණා.. අම්මගෙ සුදු පුතා බෝඩිමකුත් හොයාගෙන අප්පච්චි එක්ක කොළඹ නැන්දලෑ ගෙදර ගියානෙ.. එහෙදි නංගියි මායි බඩු පැක් කරනකොට අර හු#නලා ප# ටෝක් එකක් දාලා ඒකට නැගලා ඌට නිල් වෙන්න දෙක තුනක් දීලා උද්දාමයට පත්වෙලා ඉන්නෙ.. ඇට තලන්න බැරි උන එකයි ලොකුම විස්සෝපෙ.. සුදූ දන්නෙ සීන් එකේ හෙන සුට්ටයි.. සේරම කිව්වොත් එයා කලබල වෙන නිසා අනිත් ටික කියන්න ගියෙත් නෑ.. ශේප් එකේ යන්න ඇරියා.. දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයිනෙ.. ආයි ඒක මතු කරගන්න ඕන්නෑ..

අමියා බිත්තියට ජැක් ගහගෙන සසර කලකිරිලා වගේ බලන් ඉන්නවා.. මාමා අත් දෙක බැඳගෙන දොරට හේත්තුවක් දාගෙන අමුතුම හිනාවක් එක්ක අම්මටයි පුංචටයි පේන්නැතිවෙන්න තොල් උල් කරල මට ෆ්ලයින් කිස් එකක් එව්වා.. ඊටපස්සෙ හිමීට 'දැට්ස් මා බෝයි.. අන්න එහෙම තමා ඉන්න ඕනි.. හරිම වෙලාවට පවර් එක පෙන්නන්න ඕනි.. ඕවා හංගන් ඉන්න හොඳ නෑ.. පෙන්ඳෙක් වෙන්න හොඳ නෑ.. පුරුෂාධිපත්‍ය පතුරවන්න ඕනි.. ගැම්මට ඉන්න ඕනි' කියල හෙන හෑල්ලක් දෙසලා පිට් එකකුත් දැම්මා.. පුංචට මාමා කිව්ව එක ඇහිලා පිටිපස්ස හැරිලා මාමට රැව්වා.. මාමා කට සිප් එකකින් වහනවා වගේ එකක් කරලා උඩ බලාගත්තා.. මරු පුරුෂාධිපත්‍ය.. කොහෙන්ද මේවට හිනාවෙන්නෙ මං අහන්නෙ.. අම්මා තව පැය කාලක් විතර මට බැනලා පුංචා එක්ක කදේට වැටුණා.. මං සුදූගෙ කොණ්ඩෙ ගලෝගෙන ගිහින් බෑග් එකත් කරට අරන් අමියා එක්ක මිදුලට බැස්සා.. අද අපි කවුරුත් ඉස්කෝලෙ ගියෙ නෑ.. හවස යනවා.. හවසට ෆයිනල් රියසල්ස් ගන්න කතාවක් කිව්වා.. එන්ට්‍රන්ස් එකේ දානවා කිව්ව ගොක්කොළ වැඩ කෑල්ලට සෙට් වෙන්න හදන ටික හදන්න ඕනි.. පොල්තෙල් පහන හදන්න ඕනි බ්ලා බ්ලා බ්ලා.. ආහ්.. කරන්න වැඩ ගොඩා~ක් තියෙයි.. අමියා නම් බැක් ග්‍රවුන්ඩ් සපෝටින් යනවා කිව්වෙ.. තව වැඩක් උනානෙ මට විතරක්.. හෙඩ් පගයා හෙවත් ආත්ම අයියා කොහෙන් හරි මගෙ නම්බරේ හොයාගෙන මල ගිනි පාන්දර එන්ට්‍රන්ස් එකට 'කලා උළෙල 2023 කියල හදාගෙන එන්න.. අදම ඕනි' කියල එන්ට්‍රන්ස් එකේ සයිස් එකත් එක්ක මැසේජ් එකක් දාල තිබ්බනෙ.. මේ යකාත් මරු වෙලාවට මැසේජ් දාන්නෙ.. අපි ඌ වගේ නිශාචරයෙක් කියල හිතුවද දන්නෑ.. මාත් රෑ වෙනකම් හිටියට ඌ වගේ පාන්දර වෙනකම් ඉන්නෑනෙ.. ඕවට තමා මට නගින්නෙ.. මං ඉස්කෝලෙ යන්නෙත් නැතුව පුප කඩි කාලා වගේ ඒකෙ අකුරු ටික හදලා හැඩ වැඩ දාලා සේරම ඉවරකරලා හුස්මක් ගන්න උනේ නෑ සුදූ ඇවිල්ලා ජාතිය ඇමතුවා.. සැකේ සැක් අද නම් මහ ලබ්බෙ දවසක්.. මටමයි වෙන්නෙ.. හවසට ගිහින් මහ පගයව හොයාගෙන ඒ ටික දීලා ඕනි ප#ක් කරගනින් කියල චැප්ටර් ක්ලෝස් කරන්න ඕනි.. රෙද්ද..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now