25 කොටස

182 31 8
                                    

" අඩෝ.. මෙන්න ගුණවතී මූට චිටක් දාලා.. මේ බලහන්..!! "

මුළු හෝල් එකේම අවදානෙ තමන්ගෙ පැත්තට ගන්න ගමන් ධනුද්දරයා පෙඳේ කපපු කෑරලෙක් වගේ බලියන්න ගත්ත නිසා අපි කන එකත් පැත්තකට දාලා ඒකට එබුණා.. මිනුකි කන්න ගිය බත් කට අතේ තියාගෙනම ඒකට එබුණා.. OPD කියන්නෙ නිකන්ද ඉතින්.. ඒ උනාට කොල්ලො ටිකක් එකට සෙට් උනාම කෙල්ලොන්ට හපන්.. කොච්චර තිත්ත උනත් ඇත්ත කියන්න එපැයි බං..

" සැක්ම සැක්.. ඒ උත්තමාවි මුලින් දේවින්ද විහස් දුශේන් ආත්ම අයියලට ට්‍රයි කරා.. දැන් මූට.. හික් ගෑවුණා.. "

ශෙහානිත් චිට් එකට එබිලා-

" එසේ මෙසේ වටේ යෑමක් නෙවෙයි යන්නෙ.. "

මං පුප පවිත්‍ර කරන අතෙන් ධනුද්දරයගෙන් චිට අරන් කියෝලා ඔටු කිරි අමියට සෙවල දස වලත්ත පැණි දෙපිටින් බේරෙන හිනාවක් දැම්මා.. ඒකා මට රවලා අත් දෙකේම මැදඟිලි දෙක දික්කරලා අනිත් උන්ටත් රැව්වා..

" ගුණවතිත් රැවටුණේ ඔය ලම්සන හැඟීම් අවුස්සන බළල් දෑසටනේ.. අපිත් වසී වෙනෝ.. සිරා කියන්නෙ.. "

" අම්න ඒකයි.. "

" අඩෝ මෙහෙම ගිහින් යාළුවො ගැනත් අනවශ්‍ය හැඟීම් පහල වෙයිනෙ.. සැහ්.. සැහ්.. මොන ඒසකමක්ද ඒ.. ඒක වහාම ක්‍රියාත්මක වන පරිදි මොළෙන් ඩිලීට් කරලා දාන්නෝනි.. "

" ගැහැණුන් මායාවකි.. අප මේ යන්නෙ මිරිඟුවක් පසුපස.. මේ කය දිරනවා.. සියල්ලම අනිත්‍යයි.. මරණය නියතයි.. මට ගෑණු එපාආආආ.. "

" අයියෝ හැ#නෙනවා.. "

" එහෙනම් කොල්ලොද ඕනි.. "

" ඒත් එපා.. බැඳීම් අඩු තනිකඩ ජීවිතේ සැපකි සැමදා.. "

" අන්න එහෙම තමා සගෝ ඉන්නෝනි.. උණ්ඩුකපුච්චෙන්ම එකඟයි.. "

ශේප් එකේ බත් එක වාෂ්ප කරන ගමන් වෙන කොහෙහරි ලෝකෙකට දිවංගත වෙලා හිටිය ශෙහානිත් එකපාරටම මැද්දට පැන්නා.. අමියා ඒකිට පිට් එකක් දාලා බත් කටක් කටේ ඔබාගත්තා..

" එතකොට ආත්- "

තුහිනයා මොකුත් කියන්න කලින් සන්ශයින් ක්ෂණිකව ඒකගෙ කටට බත් කටක් එබුවා.. අහන්න ගියේ මොකද්ද කියල මට තේරුණා.. හොඳ වෙලාවට පගයා ඕක කිව්වෙ නැත්තෙ.. නැත්තම් ශරිර අභ්‍යන්තරයෙ වෙන්න පුළුවන් සේරම විපර්යාස ටික වෙලා මගෙ ඇඟ අස්සෙ තියෙන බෝ නොවන අමුතු ලෙඩේ මතුවෙන්න තිබ්බා.. හිරු කිරණ නම් දෙයියෙක්ම තමා.. ඒ කිව්වට එදා දැක්ක 'මොත්මෑන්' හීනෙ ආයි මතක්වෙලා මගෙ ඇඟ පුරාම පොඩි ඇම්පියර් ගානක කරන්ට් එකක් ලෝඩ්වෙලා අල්ලට දාඩිය දාලා ඉහින් කනෙන් රස්නෙ පිටවෙනවා වගේ දැනෙන්න ගත්තා.. මේ හු#ත කරන්න බෑ.. මූ නම් මගෙ ශරීර සෞඛ්‍යයට ලෙසටම අහිතකරයි.. ආආආආ.. ශුඩූ.. ඔයැයිගෙ ශුඩු පුතා මන්ද මානසිකයෙක් වේගෙන එන්නෙ.. අද ඉඳන් ඉතිපිසෝ ගාථාව කියල දොයියගන්න ඕනි.. එතකොටවත් ඔය වගේ ලබ්බෙ හීන පේන එකක් නැතිවෙයි.. ඒ එක්කම ගුණවතී එයාගෙ යාළුවත් එක්ක අත හෝදන්න යන්න අමුතු වෝක් එකකින් ඩෙස් ටික මැදින් ගියා.. ඒ යන ගමන් අමියට අමුතුම හිනාවක් දැම්මා.. ශෙහානි ඒකිට රැව්වා.. සන්ශයින්ට දඩාර වල් හිනාවක් යන්න ගිහින් බත් එක හිර කරගෙන කහින්න ගිහින් කණ්ණාඩිය ඇඟ දිගේ රූටලා ගිහින් ඩෙස් එක යටට ගියා.. තුහිනයයි මිනුකියි අතින් කට වහගත්තා.. ධනුද්දරයා අවදානෙ ගන්න බොරුවට කැස්සා.. මං මස් කෑල්ල කඩන්න ගිහින් ඒක සින් ගාලා ශෙහානි දිහාවට ලිස්සලා ගියා.. අමියා ඒකිට ඇහෙන්නම ඔවැක් ගාලා වමනෙ කරන්න වගේ කාරන සද්දයක් දැම්මා.. ඒකි මූණ ඔරොක් කරගෙන යාළුවාව ඇදන් යන්න ගියා.. ඒකි දොරෙන් එළියට ගියාම තුහිනයා තඩි බත් කටක් කටේ ඔබාගෙන-

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now