28 කොටස

169 26 6
                                    

..... ආආආ.. ආත්ම අයියේඒඒ.. තවුසෙ මට මේ මොනාද කරේ.. සැහ් මේ කොහෙවත් යන මෙලෝ රහක් නැති හි#වෙලා යන ලබ්බෙ ටෝක් එකක් කෙරුව හරියක්.. මූ මට කැමතිද මන්දා.. සමහර වෙලාවට එහෙමත් හිතෙනවා.. වෙන්න බෑ සමාධි.. ක්‍රශ් එකක් ඉන්නවලුනෙ.. එහෙනම් අහවල් ලබ්බකටද අමුතු රට ටැපලිලා නොමග යන ටෝක්ස් මට දෙන්නෙ.. අදාල එකාට කියන්න එපැයි.. මොනෞත්තක්ද මන්දා ඉන්දුල.. සැක්ම සැක්.. මොළේ තියෙන රැළි ටිකත් ටැපලිලා යනවා මේවා හිතන්න ගියාම.. විසාල කරදරයක් උනානෙ මේක.. වැලක් එහෙම බලලා මනස සැහැල්ලු කරගෙන බොන්න මොනාහරි ළඟට අරන් තමා මේ වගේ ප්‍රශ්න විසඳන්න ඕනි.. මම ඇට්ටේරියා ගහේ එල්ලලා තියෙන wind chime එක හුළඟට වැනෙන දිහා බලාගෙන මගෙ පුංචි මොළේ වෙහෙසුවා.. එක්කෝ.. ආත්ම අයියා මට අමුතු ටෝක්ස් දෙන්නෙ- මමද මුගෙ ක්‍රශ් එක.. සෑ සෑ.. මං මොකෙද්ද ඌ මොකෙද්ද.. අපි අහසට පොළව වගේ.. කිසිම ගැළපීමක් නෑ.. හරි..! ඒක එහෙම උනාමයි කියමුකො.. මට ඒකා ගැන තියෙන්නෙ අමාශෙන්ම උපදින සහෝදර මෙව්වා එකක් විතරයි.. සමහර වෙලාවට පගයව දැක්කම ට්‍රැක පනිනවා තමා.. ඒත් ඒක මෙතනට අදාලම නෑ.. ආආආ.. මොනෞත්තක්ද මේ.. ඕනවට වඩා මනෝ ගහන්න හොඳ නෑ.. පෙනේද ප්‍රතිඵල.. ඒත් මේ වෙන දේවල්වල හැටියට මනෝ නොගහත් බෑ නාලනී.. දැනටමත් මොළේ රැල්ලක් ටැපලීගෙන යනවා වගේ දැනෙනවා..

" ඉතින්.. ඔච්චර මනෝ ගහන්න තරම් මොකෝ සීන් එක.. "

මං හරි සිහියට ආවෙ පුංචා කතාකරාම.. -ටහිකෙන්න කොයි වෙලේද මගෙ ඉස්සරහට ආවෙ.. දැනුණෙවත් නෑනෙ.. ඒපාර මගෙ සංවේදන හැකියාවටත් කණකොකා කෑගහලද කොහෙද.. මං ක්ෂණිකව ආත්ම අයියගෙ පෝස්ට් එකෙන් අයින්වෙලා පුංචට විරිත්තුවා.. පුංචා අමුතු හිනාවක් දාලා මට එහාපැත්තෙන් වාඩිවෙලා මං ගාවට ඇදුණා.. එන පොට හොඳ නෑ..

" පුතණ්ඩියා කෙල්ලෙක්ට ලයින්ද.. අක්කණ්ඩිට කියන්නෑ මං.. "

ගැහැණුන් සබරගමු අහස වැනිය..

" මට කෙල්ලෙක් නෑ.. "

" ඇත්ත කියනවකො.. අපි අපිනෙ.. "

" සිරාවටම නෑ පුංචො.. "

" එහෙනම්.. එක්කො ඕන්නෑ.. "

මං පුංචා දිහාට සැක කටයුතු බැල්මක් හෙළුවා.. ශුඩූගෙ පොඩි වර්ශන් එක මොකාටද එන්න හදන්නෙ.. හොර හිනාව ලෙසටම සැක සහිතයි.. කොහෙන් හරි වැඩේ අල්ලගන්න තමා ඔය හදන්නෙ.. ඇට දෙක පල්ලා ශුවර්..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now