ගෙවුණ මාසෙම මහ එපා කරපු එකක් වෙලා තිබ්බෙ.. නංගි ආපහු කොළඹ ගියා.. මම වැඩිය කාමරෙන් එළියට ආවෙත් නෑ.. මේ ඉන්න තත්වෙන් ක්ලාස් කරන්න හිතක් නැති නිසාත් ඉක්මනටම මෙහෙන් යන නිසාත් මං හැමෝටම කියලා ක්ලාස් නැවැත්තුවා.. ඇත්තම කිව්වොත් මට හිත ෆෝකස් කරගෙන වැඩක් කරන්න ටිකක් අමාරු වුණා.. අම්මට මොනා හරි තේරිලා වෙන්නැති වටින් ගොඩින් එක එක ප්රශ්න ඇහුවත් මං පරිස්සමට උත්තර දීලා ශේප් වුණා.. ඒ මාසෙම අමීර් අපේ ගෙදර ඇවිත් කරන්න පුළුවන් සේරම උදව් ටික කරලා යමින් ගමන් අම්මගෙ වැඩ දෙක තුන කරා.. ඌ ඔය මරිමොංගල් වැඩ කරන්නෙ මගේ හිත හදන්න කියල මං හොඳටම දන්නවා.. ඒකනෙ මං ඕකට ඔච්චර ලව්.. අපේ ලව් එක කඩන්න සක්කරයා තියා උගෙ පුතා වෛමටවත් බෑ.. අනේ මන්දා ඌ කරන ඒවට මං කොහොම සලකන්නද කියලා හිතාගන්න බෑ.. ඌට ඕක කිව්වම ඌ කියනවා දෑත බදලා වැලඳගෙන පත තොත්තුවක් දෙන්නලු.. ප#යා කොහෙන් ගියත් ස්පර්ශයෙන්මයි නවතින්නෙ.. වැඩක් නැති වෙලාවක හොයලා බලලා ඕකට කෙල්ලෙක් සෙට් කරල දෙන්න ඕනි ස්පර්ශ කර කර ඉන්න..
සිද්ධ වුණ දේවල් එක්ක නුවරඑළියෙන් ටික කාලෙකට ඈත්වෙන එක හොඳ නිසා මම නුවර යන වැඩේට කැමති වුණා.. කැමති වුණා නැතා අප්පච්චි මාව නුවර යවනවා තමා.. ඒක වෙන කතාවක්.. නාකි පඩත්තර සෙවල ගස් ඔටුවගෙ සිත බිඳෙයි සෝ සොරි නතින් ටු ඩූ මාමා<සීයා පප්පේ.. ඉතින් අන්තිමට මම නුවර ආවා.. කාලයක් හීතලේ ඉඳල මෙහෙ ආවම රස්නෙ දැනෙනවා වැඩී.. අමාරුයි තමා මොනා කරන්නද.. ටික දවසක් යද්දි හරියයි.. හැම දේටම පුරුදුවෙන්න ඕනිනෙ..
අලුත් ඉස්කෝලයක් එක්ක වෙනම යුනිෆෝම් එකක්.. අද තමයි ඒ දවස.. ඔඩිටෝරියම් පරිශ්රය එකම යුද්ධයක් වගේ.. මායි අමීරුයි උත්සවේ පටන් ගන්නකම් ඈතට වෙලා බලන් හිටියා.. පෙනුමෙන් අපේ වයසෙ කියල හිතෙන තරමක් කොට එකෙක් පෙට්ටි වගේකුත් උස්සගෙන අපේ පැත්තට වේගෙන් ඇවිදගෙන ආවා.. ඒ එක්කම කොහෙදෝ ඉඳන් දුවගෙන ආව එකෙක් උගෙ ඇඟේ හැප්පීගෙන දිව්වා.. අපේ පැත්තට ආව එකා වටයක් කැරකිලා ගිහින් මුණින් අතට වැටිලා මූණ බිම ඇනගත්තා.. ප#යා වැටිච්ච එකාව නැගිට්ටුවෙවත් නෑ.. මායි අමීරුයි ගිහින් ඒකාව නැගිට්ටවලා පෙට්ටි ටිකත් උගෙ අතින් තිබ්බා.. බිම ඇනිච්ච පාරට මුගෙ නහය රෝස පාට වෙලා.. හිනා යන්නත් එනවා.. මේ වගේ වෙලාවක එහෙම එකක් සෙට් වෙන්නැති හන්දා අමාරුවෙන් කාගෙන හිටියා..
YOU ARE READING
සෙංකඩගල අහස යට (Nonfic)
No Ficciónදෙනුවන්, මං උඹට ආදරේ තරම උඹ තවම දන්නෑ.. දැනගන්න ඕනි නම් මේ බෝගම්බර වැව් ඉවුරට ගහන පොඩි පොඩි රැළි ගාන ගණන් කරන්න.. ~ ආත්ම ශ්රවුශාක්ය බණ්ඩාර පුළුවන්කමක් තිබ්බනම් මං අයියගෙ දුකයි වේදනාවයි උරාගන්න පුළුවන් විදිහෙ ස්පොන්ජ් කෑල්ලක් වෙනවා.. ~ නුවිනු දෙ...