18 කොටස

232 33 9
                                    

" මේ ගොඩේ ඒවට රතු තරු අලෝපන්.. අර ගොඩේ ඒවා කොළ.. මං රතු පාට මාක් එකක් දාලා තියෙන ඒවා අහු උනොත් මොකුත් අලවන්නෙපා.. වෙනම ගොඩක් ගහපන්.. ඒවා තරඟෙකට යවන්න තියෙන ඒවා.. හරිය.. "

" හරේ.. වැටහුණා.. "

අමියා රොබෝ කෙනෙක් වගේ ඔළුව වනලා වැඩ පටන්ගත්තා.. අපි වැඩේ කර කර ඉන්ඳැද්දි මට unknown නම්බරේකින් කෝල් එකක් ආවා.. මං සාමාන්‍යයෙන් ඒවා ආන්සර් කරන්නෑ කියල මුලින්ම උබර්ලට කිව්වනෙ.. වාත උනොත් තමා ආන්සර් කොරන්නෙ.. ෆෝන් එක තුන් හතර සැරයක්ම රින්ග් උනාට පස්සෙ මං ආන්සර් කරා.. ගත්තට අනිත් පැත්තෙ එකා හ්ම් සද්දයක් නෑ.. මොනෞත්තක්ද මන්දා.. ඌ කතා කරන්නැත්තම් මං හරි කතා කරන්න එපැයි.. මේවට තමා මට අම්මපා.. මං කෝල් එක ආන්සර් කරලා ආරූඪ කරගත්ත වොයිස් එකෙන්-

" හෙලෝ.. "

" ..... "

" හෙලෝ.. "

" ..... "

" හෙලෝ... කවුද මේ.. "

කතා කරන්නෙත් නෑ.. මොන හු#තෙක්ද මන්දා.. ඌට හු#ගනින් කියල මං කෝල් එක කට් කරන්න හැදුවා..

" උඹට මාව ‍අඳුනගන්න බැරිද මගෙ මැණික.. ම්ම්ම්ම්ම්.. "

ඈ යකෝ අඳුනගන්න කතා කරන්න එපැයි.. මොන පිස්සු හු#තෙක්ද මේ.. හෝව් හෝව්- මට මේ කටහඬ අහල පුරුදුයි.. ඒත් කොහෙදිද.. ටිකක් වෙලා හිතද්දි කෙනෙක් මගෙ ඔළුවට ඇවිත් ඔළුව මැද හෙනයක් ගැහුවා වගේ අතුරුදහන් උනා.. අහන්න දකින්න ආසම නැති එකෙක්ගෙ කටහඬක් මෙහෙම ඇහෙද්දි- සැක් මං මතක් කරන්නවත් කැමති නෑ.. බ්වැක්.. අනික කවුදඩෝ මැණික.. දෙන්න තියෙන්නෙ පරයගෙ හුප්තට දෙකක් ගැලවිලා බිම දිගේ රෝල්වෙලා ගිහින් කුණු කාණුවකට වැටෙන්න..

" තමුසෙ මොන හු#තකටද මට කතා කරන්නෙ.. "

" මං මගෙ මැණිකට නැතුව වෙන කාට කතා කරන්නද ඉතින්.. "

" සේරටම කලින් තමුසෙ මට මැණික කියන එක නවත්තනවා.. මං කවද්ද තමුසෙගෙ මැණික උනේ.. මාර ප#ක් උනානෙ මේක.. "

" මැණික් කියන්නෙ හෙනට වටින දෙයක්.. ඒවා නැතිවෙන එක නරකයි.. හැබැයි නැති කරගන්න එක ඊට වඩා නරකයි.. මට වටින හින්දා මම මැණික කියලා කියනවා.. මං ගොඩක්ම කැමති නිල් මැණික්වලට.. මොකද ඒවගෙ වටිනාකම අනිත් ඒවට වඩා ගොඩක් වැඩියි.. "

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now