29 කොටස

186 22 4
                                    

පහුවදා උදේම මං නැගිටලා ගැම්මෙන් ලෑස්ති උනේ නුවරඑළි යන්න.. අහෝ කොතරම් කාලයක් පෙරුම් පිරුවාද මා මේ දිනය උදාවන තෙක්.. දැනටමත් නුවරඑළියෙ සීතල දැනී දැනී දැනෙනවාආආ වගේ එකක් එනවා සමාධි.. ශුඩූඌඌ ශුඩාප්පච්චි.. මම එන්නෙමි නුඹ දෙපළ සොයා.. සුකනි ඇවිල්ලද දන්නෑ.. ටෝකක් දාන්නත් බැරි උනා මේ දවස් ටිකේ.. කොහොමත් එන එකනෙ.. මං පුංචටයි මාමටයි වැඳලා පොඩි පගයට පචයක් කියලා සිත සනසලා බෑග් දෙකත් උස්සන් ගැම්මෙන් පාරට ගියා.. ඒ අස්සෙ අර පුK කියන පොල්ල කොට හු#තෙ හු#නලා ළඟපාත සැරිසරනවද කියලා රබර් ඇහැ දාලා බැලුවා.. සැහ් හිටියෙ නෑ.. අම්මපා මං බලන් ඉන්නෙ ඕකගෙ පොල්ලට හැටනව පාරක් කෙලලා එල්ලලා හරහට- අහ්ම් අහ්ම් හරි මේ අවස්ථාවෙ ඒකව පොඩ්ඩක් pause කරමු.. නැත්තම් මගෙ පුංචි මොළේට මොන වගේ භයානක සිතුවිලි පහළ වෙයිද කියන්න බෑ සාම්ත.. බෑග් දෙකක් කියන්නෙ මෙහෙමයි.. බැක්පැක් එකේ මගෙ වස්ත්‍ර ටික.. අනිත් එකෙත් වස්ත්‍ර තියෙයි.. ඊටවඩා තියෙන්නෙ පුංචා සුදූට දෙන්න කියලා ලෑස්ති කෙරුව අරවා මේවා වගයක්.. මං ඕවා බලන්න ගියෙ නෑ.. කෙල්ලොන්ගෙ එව්වා අපිට අදාලම නෑනෙ.. අනික අනුන්ගෙ ඒවා හොයන එක නරක පුරුද්දක්.. සුදූ තමා එහෙම කියල දුන්නෙ.. අම්මා කියන එක අහන හොඳ පුතෙක් මං.. ඉන්න ගමන් ඉතින් පිඟන් කෝප්ප හරේ මෙහෙ හෝදලා පිහදාලා ගානට අඩුක්කරනවත් එක්ක.. ඒක මෙතනට අදාලම නෑ..

මං හෝල්ට් එකේ ටිකක් වෙලා බකන්නිලාගෙන හිටියම බස් එකක් ආවා.. ඒකෙ සෙනග එච්චර නෑ.. මං ගිහින් බෑග් දෙක උඩින් ගහලා පිටිපස්සෙම මුල්ලෙ සීට් එකේ තැන්පත් උනා.. සෙංකඩගල පුරවරයෙන් තාවකාලිකව වෙන් වෙන්නෙමි - නැවත පැමිණෙන්නෙමි.. කරන්න වැඩකුත් නැති එකේ මං වට්ටිය ඕපන් කරගෙන මං කියෝ කියෝ හිටිය එකේ අලුත් එපි ටික කියෙව්වා.. එළකිරි සුපිරිකිරි වැලක් බලන්න තිබ්බා හැබැයි මං ඉන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක හින්දා ඒක සෙට් නෑ.. ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් මං.. මං සේරම අප්ඩේට්ස් ටික කියෝලා ඊටපස්සෙ කල්ප කාලාන්තරයක් තිස්සෙ කියවන්න පෙරුම් පිරුව පොතකුත් එහෙමම කියෝලා ඉවර කරා.. මං හෙන ෆාස්ට් නේත.. ඉතින් මං සතුටින්.. බස් එක මග හෝල්ට් එකකින් නැවැත්තුව ගමන් මගෙ සතුට පක්වෙලා හි#වෙලා ගියා.. මක්නිසාදයත් කුරුළු ජෝඩුවක් ඇවිල්ලා මං ගාවින්ම තැන්පත් උන නිසා.. යකෝ පිටිපස්සෙම සීට් එක අච්චර දිග එකේ අහවල් ලබ්බකටද මුන් ඇඟ අස්සෙම ගැන්නෙන්න එන්නෙ.. මේවට තමා- සැක් අපරාදෙ මුල්ලක් සෙට් කරගත්තෙ කියලා හිතුණෙ.. දැන් හිටපන්කො උන්ගෙ මල් ටෝක්ස්, වල් ටෝක්ස්, පඩ ටෝක්ස්, ලොරි ටෝක්ස් ටික අහගෙන.. අහෝ දෙවියනේඒඒ කිමද මෙතරම් පනිට්ටු.. හිතලා හිත ගන්න උනේ නෑ උන් කිස් එකක් එහෙම දීලම වැඩේ පටන්ගත්තා.. වැඩේ කිව්වෙ මල්, වල්, පඩ, ලොරි ටෝක්ස්.. උබර්ලා වෙන හු#තවල් හිතන්නෙපා.. ගමන්කරන වාහනයක් අස්සෙ ඒවා සාර්ථකව කරගන්න බෑ.. නවත්තලා තියෙන එකක නම්.. සැහ් මේ මනස නම්.. මං අත මිටි කරලා ඔළුවට එකක් ඇනගෙන යථා තත්වයට ආවා.. එතකොට තමා මං දැක්කෙ අර කපල මං දිහා බයවෙලා වගේ බලන් ඉන්නවා.. සැක්ම සැක් ලැජ්ජාව උකු දියර බාල්දියෙන් එකයි.. යකෝ තොපි පාඩුවෙ ලව් කරපල්ලකො.. මොන හු#තකටද අනුන්ගෙ රෙද්ද අහක් වෙච්ච එක හොයන්නෙ.. කුණුහරුපයක් කියන්න බැරිකමට ඒක දිව අග තියාගෙන මං උන් දෙන්නට මගෙ කිරි සුදු හා දත් දෙක පෙන්නලා ඒ ක්ෂණයෙන් ජනේලෙ පැත්තට හැරිලා ඉය'ෆෝන්ස් දෙක කනේ ගහගෙන ගස් පිටිපස්සට යන දිහා බලන් හිටියා.. පාඩුවෙ පොතක් කියවන්නත් තිබ්බා හැබැයි අර දෙන්නා ලව් කරන අස්සෙ ඕකෙ තියෙන ඒවා දැකලා මුළු සර්වාංගෙම ධමනි ශිරා ඇතුළු නහර ටික ගහලා ගිහින් වලකජ්ජ ගැහුවොත් එහෙම මල හු#තක් වෙන්නෙ.. අනාගතේ එහෙමම පක්වෙලා යනවනෙ ඉන්දුල.. අහෝ හතුරෙක්ටවත් එහෙම වෙන්නෙපා මයෙ දෙයියො.. සැක් ඉය'ෆෝන්ස් දෙක ගහගත්තට සිංදුවක් ප්ලේ වෙන්න දාලා නෑනෙ.. කපලක් එක්ක ඉඳලා මොළේ මක්කද්ද වෙලා චමින්ද.. මං ප්ලේලිස්ට් එකක් ප්ලේ වෙන්න දාලා ජනේලෙට ඔළුව තියාගත්තා.. සාමයෙන් සතුටෙන් සිංදු තුන හතරක් වගේ ප්ලේ උනා..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now