19 කොටස

223 35 5
                                    

උදේ පාන්දර එලාම් එකට මට නැගිට්ටුණත් මං ඒක ඕෆ් කරලා රෙද්ද ඔළුවෙ හිටන් වහගෙන අනිත් පැත්ත හැරුණෙ එළියෙ හිටු කියල වහින සද්දෙ ඇහුණ නිසා.. අනික මෙහෙ උදේ පාන්දර හීතලයි එක්කනෙ.. වැස්සත් එක්ක එන හීතල එක්ක දොයියගන්නවා කියන්නෙ- ඒක නම් අම්මටසිරි වෙන ෆීලින් එකක්.. දවසම උනත් දොයියන්න පුළුවන්.. කියන්න වචන නෑ පගෝ.. ඒ වගේ වෙලාවට උදේම නැගිටිනවා කියන්නෙ මහ එපාම කරපු වැඩක්.. නුවරඑළියෙ මීට හපන්.. නුවරඑළිය කිව්වම අර හු#තවත් මතක් උනා කියහල්ලකො.. ඉදකින් තුක් විතරක්.. ඔය ප#යා මතක් උනොත් අද දවසට කෙලවෙන නිසා මං කොට්ටෙට ඔළුව තද කරගෙන ටිකක් වෙලා ඉඳලා මනෝපාර අහකට කරලා තඩි ඈණුමක් ඇරගෙනම ඇඳෙන් බැස්සා..

බැහැලා ෆෝන් එක අරන් මැසේජස් බැලුවා.. මොකද කිව්වොත් සෙක්ශන් ගෲප් එකට රැයක් දවාලක් අදාලම නෑ.. ආත්ම අයියා පාන්දර තුනයි ගානකට 'ada enwd' කියල අහල තිබ්බා.. යකෝ මරු වෙලාවටනෙ මූ මැසේජ් දාන්නෙ.. මූ ගිය ආත්මෙ දාර උලමෙක්ද මන්දා.. අනික මේකා මොනෞත්තකටද මං එන එක අහන්නෙ.. මං උගෙ වයසෙ එකෙක් නෙවෙයිනෙ.. මූ රෑට රෑට සෙවනගල එකවත් ගහනවද දන්නෑ.. කෙල්ල එක්ක- වැරදුණා ලව්/ ක්‍රශ් කොල්ලා එක්ක මල් නෙලනවා වෙන්නත් පුළුවන්.. ඒ උනාට සිංදු කෑල්ලක් හින්දා වැරදි නිගමනවලට එන එක නරකයි.. ඒ හේතුව අපි ටිකක් පස්සට ගහමු.. එක්කො මූ පාන්දර තුනට වැල් බලලා මානසික තෘප්තිය ලබනවා වෙන්නත් පුළුවන්.. නග්ගගෙන ස්වයං වින්දනේ යෙදෙනවා වෙන්නත් පුළුවන්.. මල් අදිනවා වෙන්නත් පුළුවන්.. අන්ඩර්වර්ල්ඩ් වැඩවල නිරත වෙනවද දන්නෙත් නෑ.. මේවනෙ යකෝ ටහිකෙන නිගමන.. අඩෝ පුළුවන්කමක් තිබ්බනම් මිස්ටර් හෝම්ස් වගේ රහස් පරික්ෂකයෙක් වෙනවා.. අමියව වොට්සන්ට ගන්නවා.. සන්ශයින්ව හොප්කින්ස්ට හොඳා.. එතකොට ලෙස්ට්‍රේඩ්, හඩ්සන් නෝනෙ, ප්‍රොෆෙසර් මොරියාටි මොක්කුද.. පොඩි බෝරෙ මොරියාටි කරොත්.. මං චිත්ත රූපයක් මවා ගත්තා.. ඉදකින් තූ විතරක්.. සැහ් මේ ඉමැජිනේශන් නම් මහ අජූතයි.. තව දිගට හිතුවොත් මොන ලබ්බවල් මගෙ ඔළුවට එයිද දන්නෑ.. ඒ නිසා මං ඉක්මනට ඔළුවට එකක් ඇනගෙන කොණ්ඩෙනුත් ඇදගෙන ෆෝන් එක තියල ලෑස්තිවෙන්න ගියා.. මං ලෑස්ති වෙලා සාලෙට යද්දි-

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now