24 කොටස

284 32 10
                                    

" රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය
ශීඝ්‍ර වුනේද ෂ්... විසර්ජන
ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරී- සැක්ම සැක්.. මොන ප- "

ආත්ම අයියලගෙ ගෙදර ගිහින් එන මග හෙන කරුමෙකට හොටු හූරන වැස්සක් සෙට් උනා.. කුඩෙන් ගියාට වැඩක් නැති නිසා අපි අහුවුණ බස් හෝල්ට් එකකට වෙලා බලන් හිටියෙ යන්න පුළුවන් ගානට වැස්ස අඩු වෙනකම්.. යද්දිත් බස් හෝල්ට් එකේ අපේ ඉස්කෝලෙම අපේ වයසෙ තව කොල්ලො තුන් හතර දෙනෙකුත් හිටියා.. සෙංකඩගල අහස ලස්සන වහිනකොටලුනෙ.. ප# තමා.. හයියෙන් වහිද්දි දෙපිටින් යන්න දෙන්නෙ.. කියන එකාට දෙකේ දෙකේ පොල්ලකින් දීලා අරින්න තියෙන්නෙ.. අම්මපා මේවට තමා-

අපි ඔහොම ඉද්දි හොඳට නාගත්ත තව කොල්ලො සෙට් එකකුත් බස් හෝල්ට් එකට ගොඩවුණා.. උන්ව නම් කලින් දැකල නෑ.. අපේ උන් ටික හිටිය විදිහෙන් උන් අහවල් ඉස්කෝලෙ කියල හිතාගන්න පුළුවන් උනා.. උන් ටික හෝල්ට් එකේ එහා කොනට ගිහින් කදේ දාගෙන හිටියා.. ඒ එක්ක මහ වැස්සෙම බයික් එකක් වතුර විදගෙන රේස් කරගෙන රුං ගාලා ගියා.. වැස්ස හින්දා හිටියෙ මොකාද කියල පෙනුන්නෑ.. අර හු#තා වෙන්නැති.. වෙලාව යද්දි වැස්ස කලින් තිබ්බටත් වඩා නැගලා ගියා.. අපි ආත්ම අයියලෑ ගෙදරින් එනකොටම හයට ඇති.. දැන් නම් කළුවර වෙලා පාරෙ ලයිට් හිටන් දාලා.. මං වැස්සට කැමති තමා හැබැයි හැමවෙලේම වහිද්දිත් එපා වෙනවා.. අනික අද දවසත් මහ අමුතුයි සෙට් නෑ.. මං පුංචට කෝල් එකක් ගහලා එන්න ටිකක් පරක්කු වෙනවා කිව්වා.. එයත් සුදූ වගේ පොඩ්ඩ එහෙ මෙහෙ උනත් කලබල වෙනවා..

විනාඩි ගානක් සාමයෙන් සතුටෙන් නිවී හැනහිල්ලෙ යන්න ඇති.. එකපාරටම අනිත් කොනේ කොල්ලො ටිකයි අපේ වයසෙ අනිත් සෙට් එකයි කතාකෙරුව සද්දෙ එන්න එන්න වෙනස් වෙන්න ගත්ත නිසා අපේ අවදානෙ සූකිරි කැටේට ඇදෙන ඇඹලයා වගේ නිකන්ම ඒ පැත්තට ගියා..

" ඇයි.. ඇයි.. තෝ මොකද්ද කියන්නෙ හු#තො.. "

" ඇයි බං මොකෝ සීන් එක.. "

" කතා කරලා විසඳගමු මචං.. අනවශ්‍ය ප්‍රශ්න ඕන්නෑනෙ.. "

එහා කොනේ සාමදූතයො ටික වාග් ප්‍රහාරය මැද්දට පනින්න ගිහින් උන් ටික ඩොන් පටොන් ගාලා දඩාර ගුටි කෑවා.. උන්ව බේරගන්න ගිය උනුත් අනිත් උන්ගෙන් ගුටි කාලා ටිකෙන් ටික එතන මහා සංග්‍රාමයක් නිර්මාණය උනා.. ඒ අස්සෙ අපේ සෙට් එකේ වලි කාපර්ලා උන හරුපයා හෙවත් ධනුද්දරයයි කොට තුහිනයයි වලිය අස්සට පැනලා එතන මල හු#තක් උනා.. මායි අමියයි උන්ව බේරගන්න අභිප්‍රායෙන් වලිය මැද්දට පනින්න හැදුවත් අපේ හැටි දන්න දෑස නොපෙනෙන මහ පග සන්ශයින් සුපුරුදු සාම දූතකයව ඇඟට ආවේස කරගෙන සන්සුන් ගමනෙන් ගැම්මෙන් වලිය මැද්දට ගියා..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now