10 කොටස

257 36 13
                                    

එදා සඳුදා.. අමියා මිදුලෙ ඉඳන්ම 'ගෙදර කවුරුත් නැහ්.. තනියෙන් ඉන්න බැහ්.. බල්ලෙක්වත් නෑනෙ.. හාවව ඕනෙහ්.. සත්තලනේ මා ඔබ සොයා පැමිණියෙමි' ගාගෙන මාමට හාට් එකකුත් පෙන්නගෙන සම්ප්‍රාප්ත උනා..

" අඩෝ තව නැපියක් එනවත.. අන්කල් රහල් ගැම්මක් තමා.. ඕයේ මං පස්වෙනි පාරටත් අයියෙක් වෙන්න යන්නෙ.. "

අමියා හිනාවෙවී මගෙ අතට තඩි පෙට්ටියකුයි කවරෙකුයි දීලා-

" වම්බොට්ටා දෙන්න කිව්වෙ.. "

" අඩෝ අඩෝ.. පොර දැන් සල්ලිකාරයා වෙලානෙ.. "

තවුසෙලා බලනවා ඇති මේ මොකාද කියලා.. වම්බොට්ටා කියන්නෙ අමියගෙ ලොකු අයියට.. උගෙ පවුලෙ කීයක් කියල ඉන්නවද.. අයියලා දෙන්නයි අක්කයි තව පොඩි පගයො දෙන්නෙක් ඉන්නවා.. තව දෙන්නෙක් ඔන් ද වේ.. උන්ව මතක තියාගන්නෙ උන්ටම ආවේණික වූ කාඩ් එකෙන්.. අමියගෙ පොඩි අයියට කියන්නෙ පතෝලයා කියලා.. අක්කට කියන්නෙ පයිප්පෙ කියලා.. පොඩි පගයොන්ට කතා කරන්නෙ ඉලක්කම්වල නම් කියලා.. වම්බොට්ටා රට ඉන්නෙ.. පයිප්පෙයි පතෝලෙයි ඉන්නෙ කොළඹ.. වැඩි විස්තර පස්සෙ කියන්නම්..

" ඒ අන්කල් රහා~ල්.. ඒ ඒ මෙහේ.. හූ හූ.. "

" බූරු පුත්තු දෙක පාඩුවෙ වැඩක් බලාගන්නවා.. "

" අන්කල්ව අවුස්සන එකත් වැඩක් තමා.. "

" මේ පොඩි එකා ඉන්න හින්දා මොකුත් කියන්න බෑ.. නැත්තම්- "

" අන්කල්ගෙ කෙස් පැහෙයි කේන්ති අරන්.. ඒක නෙවෙයි.. මීට් එක මේ මාසෙ ##.. අන්කල් එනවත.. "

" එනෝ.. එනෝ.. අපි නෑවිත් කොහොමද.. අපි නැත්තම් ඒවා කෙරෙන්නෙත් නෑ.. "

" අනේ අම්මේ දීප්තිමත් ආදි ශිෂ්‍යයා.. තනි ඇහැට ඇඬුණා.. "

" දීප්තිමත් තමා යකෝ.. අපි කරපුවගෙන් කාලක්වත් උඹලා කරලා තියෙනවද.. නෑ.. අපි ඒ කාලෙ- "

ස්පෝට්ස් කරපුවයි, යාළුවො එක්ක ක්‍රිකට් ගහන්න ගිහින් ඔඩිටෝරියම් එකේ වීදුරුවක් බින්ඳ එකයි, පොඩි පගයොන්ට කියලා මිදුල අතුගාවගත්ත ඒවයි, ඒ කාලෙ හොඳම හවුස් එකයි, වලි දාගෙන ටීචර්ස්ලගෙන් ගුටි කාපුවයි, හොස්ටල් එකේ කුස්සියට පැනපුවයි, ටර්ම් ටෙස්ට්වල කොපි කෙරුව ඒවයි, බල්ලොන්ට පූසොන්ට බත් දාපුවයි, කෙල්ලො දාගන්න යාළුවන්ට සප් කරපුවයි, කෙල්ලොන්ට ක්‍රශ් කරපුවයි අරක කොරා.. මේක කොරා.. යැයි යැයි යැයි කියලා එයාගෙ පාසල් කාලෙ ගැන මතකාවර්ජනයක් කරා.. ස්පෙශලි ක්‍රශ් කරපු කෙල්ලො ගැන කියන්න ගියාම පුංචා රවාගෙන අල්ලපු ගෙදර ආච්චි එක්ක දොරකොඩ.. පුංචා මාමා දිහා බලාගෙන ආච්චිත් එක්ක කුස්සියට ගියා.. මාමා ඒක දැක්කෙ නෑ වගේ විසිල් එකක් ගගහා එයාට නෙවෙයි වගේ වටපිට බැලුවා.. එතනින් ඒ කතාවෙ හොඳම හරිය නැවතුණා.. පුංචා නැති වෙලාවක ඔය ගැන සවිස්තරාත්මකව දැනගන්න ඕනි..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now