13 කොටස

263 36 10
                                    

" හම්මෝ.. හතරම ඉවරයි නේද මල්ලිලා.. සම වයස් කාණ්ඩය.. මොකද තත්වෙ.. "

" තව දෙකක් තියෙයි බං.. වරකො ගෑනි වගේ කෑගහන්නැතුව සප් එකක් දෙන්න.. "

" ඔන්න මං ආවා.. ඔබලාගෙ සහයෝගයට මගේ හද පිරි මෙව්වා එක.. "

" පුතාලා තේ බොන්න එන්න.. "

ගිය සතියත් එහෙ බලලා මෙහෙ බලද්දි ගෙවිලා ගියා.. ඉන් අනිද්දා මීට් එක.. අපි හිටියෙ සංකල්ප අයියලෑ ගෙදර අර එදා බාගෙට හදපු සුකුරුත්තන් ටික හදලා ඉවර කරන ගමන්.. ආට් ක්ලබ් එකේ අයියලයි අපේ වයසෙ සෙට් එකයි මල්ලිලා ටිකයි තව හවුස් බැජස් හදන්න ආව හවුස් හතරෙම සෙට් එකයි ප්‍රිෆෙක්ට්ස්ලයි ඇන්ටිලයි තව එකී මෙකී නොකී අය ඇවිල්ලා සංකල්ප අයියලෑ ගෙදර හරියට සරණාගත කඳවුර වගේ.. සිකුරාදා මීට් එක හින්දා මේ දවස් ටිකේ උදේ ඉඳන් ඕත් එකට යන විදිහයි ගිහින් ඉන්න විදිහයි ප්‍රැක්ටිස් කරවනවා.. ඕත් එක තියෙන්නෙ මුලමනෙ.. ආරම්භක කතා ටිකයි අර ලබ්බවල් මේ ලබ්බවල් ටිකයි ඉවර වෙනකම් පැයකට කිට්ටුවෙන්න ගිනි කාස්ටකේ පහසුවෙන් හිටන් ඉන්න ඕනි.. ඒ කරලා හවසට ඩෙකරේශන්ස් වැඩත් කරල ගෙදර යද්දි ඇට දෙකේ හිටන් වෙහෙසට පත්වෙලා ඉන්නෙ.. ඇඳට වැටෙන්නෙ කොයි වෙලාවෙද කියල මතකයක් නෑ.. ඒ මදිවට මේ දවස් ටිකේ අව්වෙ ඉඳලම ඔළුවෙ කැක්කුමකුත් අල්ලලා.. අනිද්දට හවුස් හදන්න යන්නත් ඕනි.. අනේ හුකේ..

මං මුලින්ම අපි හදන ටික ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං කිව්වනෙ පිනාට ළමයින්ගෙ නිර්මාණාත්මක චින්තනය බලන්න ආස හිතිලා කියලා.. ඒකට අනුව තමා අර මොනාද කැටයම් දාපු සුකුරුත්තන් ටික හදන්නෙ..

තව.. පිනාගෙ අදහසක් නිසා අපි හිතුවා වෙනදට පාවිච්චි කරන තනිපාට හවුස් ෆ්ලැග් එක වෙනුවට ඒක ටිකක් මොඩ් කරලා ගන්න.. ෆ්ලැග්ස් ඩිසයින් කරන වැඩේ මායි සුපුනයි කලින් දවසෙම බාරගෙන එදාම ඉවරයක් කරල දැම්මා.. ඩිසයින් එක ගැන කිව්වොත් මෙහෙමයි.. ෆ්ලැග් එක පොල්ලට සෙට් වෙන පැත්තෙ උඩ ඉඳන් ලියවැලක් ඇවිල්ලා ඒ ලියවැලෙන්ම හවුස් එකේ නම කඩ්ඩෙන් ලියවෙලා වැල දිගේම පල්ලෙහාට ගිහින් නැතිවෙලා යන ඩිසයින් එකක් දැම්මා.. එක හවුස් එකකට ඒ ජාතියෙම ඩිසයින්ස් දෙක තුනක් කරලා හවුස් කැප්ටන්ලට යැව්වම උන් කැමති එකක් තෝරගෙන ප්‍රින්ට් කරගෙන තිබ්බා.. එතනින් ඒ වැඩේ ඉවරයි..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now