21 කොටස

212 27 6
                                    

" ඕයි ආත්ම.. "

" ඇයි බං.. "

" උඹ අරක කියන්නැද්ද බම්.. "

" මොකද්ද.. "

" අරක බං අරක.. "

" අරක කිව්වම මං දන්නවද.. "

" අරක හු#තො.. අරක.. හෙහෙහෙ හේහේ හෙහෙහෙ හේහේ.. "

අශේන් අයියගෙ වුඩී වුඩ්පෙකර් මෝඩ් එක ඔන් වෙලා එතන හිටිය ටික දෙනෙක් අපි දිහා බැලුවත් එක්ක.. පගයා අවදානෙමයි ඉල්ලන්නෙ..

" ආත්ම.. මූ අහන්නෙ කවද්ද ආස්ක් අ- අහ්ම් කරන්නෙ කියලා.. "

දුශේන් අයියා කියන ගමන් මායි සන්ශයිනුයි දිහා බලලා ඉක්මනට අහක බලාගත්තා.. මට ක්ෂණිකව ආත්ම අයියා දිහා බැලුණා.. බලන්න එපැයි පගයගෙ මූණෙ සිරියාව.. සට සට ගාලා පැණි බේරෙනවා.. මුදවපු කිරි සුට්ටක් තිබ්බනම් එල..

" කියපන්කො.. "

" ..... "

" හරි එහෙනම්.. කියන්න දවසක්වත් හිතලා නැද්ද කංකුණ්ඩෝහ්.. "

" එහෙම හිතලා නෑ.. දැන්ම- "

" හරි.. මං වැඩක් කියන්නම්.. උඹ.. එයා බැඳලා පැණිහඳ යන්න මොහොතකට කලින් කියපන්.. එක්කො පළවෙනි ළමයා හම්බුණාම කියපන්.. අන්න එල.. මේවට තමා නගින්නෙ ප්‍රෙශර්.. "

" අඩෝ සිරාවටම ආත්ම.. සෙල්ලම් නෙවෙයි බං.. "

" ..... "

අශේන් අයියගෙ ටෝක් එකට ආත්ම අයියගෙ මූණ මැද්දෑවට දෙයියන්බෝලයක් පාත්වුණා වගේ කළුවුණා.. පගයා මීක් සද්දයක් නැතුව මාරුවෙන් මාරුවට ට්වින්ස් අයියලා දිහා බැලුවා.. උබර්ලා බලනවා ඇති මේ මොකද කියලා.. සේරටම කලින් අපි කොහෙද ඉන්නෙ කියල කියන්නම්කො.. අපි තාම අපතයො ටික වගේ කැම්පස් එක ඉස්සරහ ඉන්නෙ..!! එහෙම ඉන්න හේතුව අහවල් ඉස්කෝලෙ ලබ්බෙ සෙවල බයික් පගයයි ඒකෙ අනිත් සෙට් එකයි.. ඒ හු#තො හින්දා මේ මහ පග තුන් කට්ටුව අපිට නිවාඩු පාඩුවෙ ආතල් එකේ ගෙදර යන්න දුන්නෙත් නෑ.. පොඩි පගයොන්ටත් එහෙමයි- පොඩි කිව්වට අටේ නවයෙ ඕලෙවල් කට්ටියක්.. අයියලා ටික එනකම් ඉන්න කිව්වා.. යකෝ අපෙ අම්මලා තාත්තලටවත් නැති දරු කැක්කුමක්නෙ මුන්ට තියෙන්නෙ.. වැරදුණා සහෝදර කැක්කුම.. එක්කො සහෝදර ප්‍රේමයද.. මොනෞත්තක් උනත් මේක සම්පූර්ණ වශයෙන් මානව අයිතිවාසිකම් කඩ කිරීමක්.. මෙහෙම ගියොත් අඳින්න ඕනි ජොකාගෙ පාටත් මුන්ගෙන් අහල අඳින්න වෙයි.. මතක් වෙනකොටත් බ්වැක්.. අසාධාරණයට එරෙහිව සටන් කරන්නෝනි.. හැබැයි අබ ඇටයක් තරම් ගරුත්වයක් මුන් කෙරෙහි තියෙන හින්දා එහෙම කරන්නෑ.. අපි හොඳ වැඩියි..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now