20 කොටස

246 29 6
                                    

හුවෑඈඈ.. අඩේ සුදූඌඌ.. මාව බේරගනියෝ.. මෙන්න ශිවන්‍යා වගේ ජීවියෙක් කන්න එනෝඕඕඕ.. ඒ වෙලාවෙ ආවෙ සර්ප ගෑනියෙක් කියල මං දන්නවා.. හැබැයි මූණ එච්චර ක්ලියර් නෑ.. ඒ නිසා ඒ ජීවියව මෙතැන් සිට ශිවන්‍යා ලෙස නම් කරමි.. ඉතින් මං දිව්වා.. තව දිව්වා.. ඒත් ශිවන්‍යා නැවතුණේ නෑ.. එයා මගෙ පස්සෙන්ම ආවා හෙන අසහනකාරියෙක් වගේ.. තිස්ස දුවනවා මුවා පන්නනවා වගේ දෙනුවන් දිව්වා ශිවන්‍යා පැන්නුවා.. දෙනුවන් දිව්වා ශිවන්‍යා පැන්නුවා.. මං පැය ගානක් තිස්සෙ දිව්වත් ඒ ගෑනි මාව අතෑරියෙම නෑ.. මං කාන්තාරෙකුයි තඩි සැඩපාර වැඩි ගඟකුයි විස සර්පයො ඉන්න ඒරියා එකකුයි පිරානා මාළු ඉන්න විලකුයි හෙන කටු අකුලකුයි මඩ ගොහොරුවකුයි මිනිස්සු ගිලින ගස් තියෙන මූකලන් කැලෑවකුයි තරණය කරලා තව දුර ගිහිල්ලා පත කන්දකුත් නැගලා ඒකෙ මුදුනටම දුවගෙන ආවා.. දැන් යන්න වෙන තැනකුත් නෑ.. අහෝ මාව කොටු උනා.. අඩෝ.. පලකො නයෙක් හොයාගෙන.. නයින්ටයි මිනිස්සුන්ටයි වෙළිලා හැ#නෙන්න බෑ යකෝ.. අපේ ලිංග එකිනෙකට වෙනස් ප#යො.. තොගෙ එක පොඩියි.. මගෙ එක ලොකුයි.. තේරෙන්නැද්ද තොට.. අච්චර කියද්දිත් ඒකි මං ළඟටම ආවා.. මං අඩියෙන් අඩිය පස්සට ගියා.. මං දැන් කඳු ගැට්ටෙ ඉන්නෙ.. පල්ලෙහා තඩි හෙලක්.. ලෝකාන්තයෙන් පැන්නම බලංගොඩින් මතුවෙනවා වගේ මේකෙන් පැන්නොත් කොහෙන් මතුවෙයිද ප්‍රියන්ත.. කැබලිවලට ඛණ්ඩනය වෙලා නැතිවෙලා යන්නත් පුළුවන්.. ශිවන්‍යා තව තව මං ගාවට ආවා.. අපි දෙන්නගෙ ගැප් එක අඩි දෙක තුනක් වගේ තිබ්බෙ.. කරන්න දෙයක් නෑ.. මරණය මිස වෙනත් මගක් නැත.. අහෝ තාම විස්සක්වත් නෑ.. මං මැරෙන්න යන්නෙ.. වාවන්නෑ දෙයියෝ.. අන්තිමට මං ඇස් තද කරලා වහගෙන 'මතු ආත්ම භාවවලදිත් මනුස්ස වර්ගයා එක්ක මිසක් හැපින්නක් එක්ක හැ#නෙන්නෑ.. වෙරි සොරි වෙන්ඩෝනි' කියාගෙන කන්දෙන් පල්ලෙහාට ගුවන්ගත උනා.. මේ ගෙවෙන්නේ මාගෙ අවසන් තත්පර කිහිපයයි.. ජීවිත්‍ය අනිත්‍යයි මරණය නියතයි කියන්නෙ කට කහනවටද බං.. මෙතැන් සිට යන්නේ මාගේ අවසන් කැමැත්ත බව දැන්වීමට කැමැත්තෙමි.. මාගේ අකල් මරණය මව්පියන්ට වාර්තා කර, මෘත දේහයෙ කැබලි එකතු කර ආදාහනය කරන ලෙසත්, මෘත දේහය හමු නොවුණොත් කිසිදා මා අමතක නොකරන ලෙසත්, මා සතුව පවතින දේපල සහ අනෙකුත් ගව මහීසාදී දේවල් අදාල පාර්ශ්වවලට සම සමව බෙදාදීමට කටයුතු කරන ලෙස මගෙ අන්ත්‍රයේ මිත්‍රයාට දැනුම් දීමට කැමැත්තෙම්..

සෙංකඩගල අහස යට (Nonfic)Where stories live. Discover now