කෝපි පාට අැස් කියන්නෙම පිස්සුවක්ලුනෙ..ඉතින් මට තියෙන්නෙත් කෝපි පාට අැස්.. ඒ කියන්නෙ මම පිස්සෙක්ද..
මම මීෂ ෂදෙව් අාග්‍යන් යාපාබණ්ඩාර.. අවුරුදු දාහතයි.. ඉන්නෙ නුවර.. මගේ අම්මගෙ න...මොන මගුලක්ද මේක අවුරුදු කුමරා තරඟයක් නෙමෙයිනෙ මෙච්චර විස්තර කියන්න.. ඔච්චර තමා ඉතින් දැනට කියන්න තියෙන්නෙ.. විශේෂ දේවල් නෑ සාමන්‍ය පවුලක එකම පුත්‍ර රත්නය.. මං වගේ පුතෙක් ලබන්න අපේ අම්මයි තාත්තයි සෑහෙන්න පින් කරලා තියෙනවා.. අම්මා කියන විදියට මං හම්බෙන්න ඉද්දි අපේ අම්ම පිනටම බර වෙලා ඉඳලා තමයි මේ පිංබර මාව හම්බෙලා තියෙන්නෙ.."බල්ලො, පාර බලාගෙන අැවිදපන්.. බොට අසිහියද"
මගේ මනෝපාර කඩාකප්පල් කරලා ඒ සද්ද පූජාව පටන් ගත්තෙ මගේ එක වසරෙ ඉඳන්ම අතිජාත සුජාත පඡාත මිත්‍රයා අවිනු.. සමරනායක ජ්වෙලරීස් කම්පැනි එකේ අනාගත අයිතිකාරයා තමයි මූ..ගැම්මක් තමයි කොම්ලො.. උෟ කම්පැනි ඔව්නර් උනාම මං උගේ මැනේජර් වෙන්න තමයි අපි පොඩි කාලෙ ඉඳන්ම ප්ලෑන් කරගෙන ඉන්නෙ..මේකා පොඩිකාලෙ ඉඳන්ම දුකට සැපට එකට හිටිය මගෙ බොක්කෙ ෆිට් එකනෙ ඉතින්.. ඒ නිසා මැනේජර් පට්ටම ගන්න බැරි වෙන එකක් නෑ..පස්සෙ ටික කාලයක් ගියාම පසු අයිතියත් ලියාගන්න එක තමයි මගේ ප්ලෑන් එකේනම් ලියවිලා තියෙන්නෙ.. ඒ ප්ලෑන් එක අර ප්ලෑන් එකට අමතර කොටසක්.. ඒක දන්නෙ මං විතරයි.. ඉම්හි ඉම්හි..
"කෑ ගහන්න එපා බල්ලො..මං හොඳ සිහියෙන් ඉන්නෙ"
අපි හිටියෙ උදේ පාන්දරම තිබ්බ පම්පෝරි දේශනේ ඉවර වෙලා අලුත් පන්ති වලට යන ගමන්.. අද තමයි අපේ ඉස්කෝලෙ 12 වසර අලුතින් පටන්ගන්නෙ.. අපේ ඉස්කෝලෙ නුවර ප්‍රධාන පෙලේ පිරිමි පාසලක්..නම කිවුවම නොදන්න කෙනෙක් නැති තරම්.. මම පොඩි කාලෙ ඉඳන්ම අාවේ මේ ඉස්කෝලෙට.. මගේ පාප මිත්‍රයත් එෙහෙම්ම තමයි.. අපි ඒලෙවල් වලට තෝරගත්තෙ කොමස් ස්කීම් එක.. පොඩි කොල්ලො වගේ පිස්සු කෙල කෙල ඉඳලා ඒලෙවල් වලට අඩිය තියද්දි හිතේ පොඩි චකිතයක් තිබුණත් ඊට වඩා ලොකු අාසාවක් තිබුණා මේ කාලෙදි අපිට විඳගන්න පුලුවන් අලුත් අත්දැකීම්වලට මූණ දෙන්න.. හැමෝම කියන තරම් ඒලෙවල් කාලෙ සුන්දරද කියලා මට බලාගන්න ඕන..
YOU ARE READING
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Non-Fictionඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...