"පේෂන්ට්ට ලොකු ඉශූ එකක් නැහැ..රයිට් ලෙග් එකේ අැන්ක්ල් එක හරියෙන් සොෆ්ට් ටිෂූ ඉන්ජරි එකක් තමයි තියෙන්නෙ..ඒ වෙලාවේ අාපු සඩ්න් පේන් එකත් එක්ක තමයි පේෂන්ට්ට සිහිය නැති වෙලා තියෙන්නෙ..සතියක් වගේ රෙස්ට් කරාම මේක හොඳටම හොඳ වෙයි..වොරි වෙන්න දෙයක් නෑ.."
"ඕකේ..තැන්ක් යූ ඩොක්ට"
මට සිහිය එද්දි අපේ හවුස් එකේ සෙට් එකයි අවිනුයි ඔක්කොම මගේ හොස්පිට්ල් රූම් එකේ තැන් තැන්වල හිටියා..සයද් ඩොක්ට එක්ක බර කතාවක..ඉරෝනුත් එතන හිටියා..වරුන් අැඳ ලඟ තිබ්බ පුටුවක වාඩි වෙලා පොඩි ටේබ්ල් එකට ඔලුව තියාගෙන හිටියා..අවිනු මගේ අත ගුලි කරලා අල්ලගෙන අැඳේ කොනග වාඩි වෙලා හිටියා..මං මේ සේරම දැක්කෙ අඩ සිහියෙන්..
"අනේ උඹ නැගිට්ටද මගේ සප්තරනේ..උඹේ කකුලට වින කරපු පාපතරයට මං යහතින්නම් ඉන්න දෙන්නෑ..ඉම්හි ඉම්හි.."
ඔන්න පටන්ගත්තා ඩ්‍රාමා ක්වීන්ගෙ නන් ස්ක්‍රිප්ට් ඩ්‍රාමා එක..මූට රඟපාන්න ස්ක්‍රිප්ට් අවශ්‍යම නෑ..බැලුවොත් කරන්නෙ බොරුවට රඟපාන එකනෙ..මුගේ අති විශිෂ්ඨ රංගනේ දැකලා මට නිකන් අායෙත් සිහිය නැති වෙන්න වගේ..මේ යකාගෙ සමයං නිසා තමයි හැමෝම දැනගත්තෙ මට සිහිය අැවිල්ලා කියලා..තැන් තැන්වල හිටපු සෙට් එකම අැස්පිය ගහන ක්ෂණයෙන් මගේ අැඳවටේ රැස් උනා..ටේබ්ල් එකට ඔලුව ගහන් හිටපු වරුන් අවිනුගෙ කටහඬට ඔලුව උස්සලා මට සිහිය අැවිල්ලා තියනවා දැකලා පුටුව අැඳ ලඟට තව ටිකක් ලං කරන් වාඩි වෙලා මගේ අත අල්ලගත්තා..එයා හිටියෙ කලබලෙන් වගේ..
"මීෂ අා යූ ඕකේ..ඔයා හොඳින් නේද?"
"හ්ම්..මම හොඳින් වරුන්"
"තෑන්ක් ගෝඩ්..අපි බය උනා.."
මම හරියටම හොඳ සිහියට අාවම තමයි අැඳෙන් වාඩි වෙලා වටවෙලා හිටපු හැමෝම දිහා බැලුවෙ..හේශ් වරුශ නුරාන් ටිනූෂ හතර දෙනත් අැඳ වටේ හිටියා..
"අඩේ මදැයි ඔයින් ගියා..අපි හිතුවෙ උඹ මලා කියලා..මායි නුරානුයි පාට හතෙන් බීම හතක් බොන්නත් ප්ලෑන් කරන් හිටියේ.."
"නෙදකින් බොගෙ කට..මං මැරුනනම් තේරෙයි කාට කාටත් මගේ අගේ.."
මේ වරුශයා කට අැරියොත් කියන්නෙ ඔය වගේ කට කැඩිච්ච කතාවක්මයි..ගොං ලබ්බා..මේ මලක් වගේ ඉන්න මාව මුන් මරාගන්න ප්ලෑන් කරන හැටි..අනේ අනිච්චං සංසාරේ..
YOU ARE READING
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Non-Fictionඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...