7 කොටස

59 9 35
                                    


"ලමයි අද ඉඳන් ඔයාලගෙ ස්පෝට්ස් මීට් එකේ වැඩ පටන් ගන්නවා..මේක ඔයාලගෙ අවුරුද්ද..මුලු ජීවිත කාලෙටම මේ දවස් එන්නෙ එක පාරයි.. ඉතින් වැඩේ ලස්සනට වගේම පිලිවෙලට වැදගත් විදියට පාසලේ ගෞරවය අාරක්ෂා වෙන විදියට කරන එක ඔය හැමෝම සතු යුතුකමක්.."

අපි හිටියේ මන්ඩේ අසෙම්බ්ලි එකෙන් පස්සෙ අද අපේ දොළහ වසරට විතරක් තිබ්බ විශේෂ රැස්වීමේ.. ප්‍රින්සිපල් සර් කතා කරද්දි දොළහ වසර සෙක්ශන් බාර සර්,හාමුදුරුවො, පන්තිබාර ටීචර්ස්ලා,හවුස් බාර ටීචර්ස්ලා වගේම අපේ වයසෙ ඔක්කොම ලමයි මේන්හෝල් එකේ වාඩි වෙලා හිටියා.. අද ඉඳන් අාපහු ඉගෙන ගන්න වැඩ පොඩ්ඩක් පස්සට දාලා ස්පෝට්ස් මීට් පෙරඩ් බිග්මැච් සීසන් එකට තමයි අපි එන්ටර් වෙන්න යන්නෙ..ලමයි හැමෝම ඒකටනම් දත කට මැදන් ලෑස්ති වෙලා ඉන්නෙ..ඉස්කෝලෙ කාලෙ මේ වගේ ෆන් එකක් ගන්න පුලුවන් අන්තිම දවස් ටිකනෙ මේ ඉස්සරහට එන්නෙ..

ප්‍රින්සිපල් සර් විනාඩ් විස්සක් විතර කතා කරලා එයාගෙ දේශනාව ඉවර කරලා යන්න ගියා..ඊළඟට සෙක්ෂන් බාර සර් කතා කරලා ඉවරවුණාම පන්ති බාර ගුරුවරු ක්ලාස් වලට ගිහින් එතන ඉතුරු වුනේ හවුස් බාර ගුරුවරුයි ලමයි ටිකයි විතරයි..ස්පෝට්ස්මීට් එකේ ප්‍රධානත්වය අරන් වැඩ කරන දුනුසිංහ සර් අපිට ස්පෝට්ස්මීට් එකේ වැඩ වෙන විදිය එකින් එක පිලිවෙලකට පැහැදිලි කරලා දුන්නා..ලමයි හැමෝම ඒවා හරි උනන්දුවෙන් අහන් හිටියෙ..ඊළඟට තිබුනෙ හවුස් කැප්ටන්ස්,වයිස් කැප්ටන්ස්,ලේකම්,භාණ්ඩාගාරික වගේ තනතුරු තෝරගන්න..

"හරි ලමයි මං හිතනවා මම කියපු හැමදෙයක්ම ඕගොල්ලොන්ට පැහැදිලි අැති කියලා..දැන් හැමෝම තම තම තමන්ගෙ හවුස්වලට අදාලව ඒ ඒ තැන් වලට යන්න.. එහා කොනට පැන්තර්ස් , ඊළඟට වේරියර්ස්, ඊළඟට නයිට්ස්, මෙහා කොනට ට්‍රෝජන්ස්..හවුස් බාර සර් අැන්ඩ් මිස් ඉස්සරහින් ඉන්නවා..විනාඩි පහක් දෙන්නම් ඒ තැන්වලට ගිහින් අදාල පේලිවල වාඩි වෙන්න..කමෝන් හරි අප්"

ලමයි හැමෝම දඩිබිඩියෙ එහෙ මෙහෙ දුව දුව තමන්ගෙ හවුස් එකට අදාල තැන පුටු පේලිවල වාඩි උනා.. මම ඉතින් ගිහින් ට්‍රෝජන්ස් එකේ කට්ටිය ඉන්න තැනට සෙට් උනා..අවිනුවා නැතුව එපා වෙනවා අප්පා..උෟ වේරියර්ස් එකේනෙ..උෟට තමයි හොඳම පෝරියල් එක සෙට් උනේ..ඉරෝනුත් උගේ හවුස් එකේ..දැන් ඉතින් ගහගෙන මරාගෙන හරි එකට ඉන්නැතැයි..හොඳම වැඩේ කටු අතු දෙකට..

මන්දාරම් නුවර | MANDARAM NUWARA Où les histoires vivent. Découvrez maintenant