3 කොටස

85 7 34
                                    

"සයද් මේ අහනවකො..උඹ උදේ අාපු වෙලේ ඉඳන් ක්ලාස් එකේ හිටියා නේද "

"හ්ම්"

"තමුසෙ දැක්කද කවුරුහරි මගේ බෑග් එකට මොකක් හරි දානවා"

"ම්හ්"

"මොකද්ද ඕයි බස්සෙක් වගේනෙ.. කට අැරලා කියනවකො..දැක්කද නැද්ද"

"ම්හ්"

"හැබැයි තවුසෙ කට අැරලා කියන්නැත්තන් මං තවුසෙට ඉන්න දෙන්නෙම නෑ..කියපන් කියපන්.."

ප්‍රශ්නයක් අැහුවම හරියට උත්තරයක් දෙන්න බැරි ගොන් වස්සෙක්ගෙන් ප්‍රශ්න අහන මටත් හොඳ වැඩේ.. ඒ උනාට මං අහන දේට උත්තර නොදී පැනලා යන්න කවුරු කියලද දන්නෑ මූ හිතන් ඉන්නෙ..මොකද මේක මට දැවෙන පස්නයක්..

පාඩුවෙ පොතක් කියව කියව හිටපු සයද්කාරයගෙ පොත මං අැදලා අරන් වහලා දැම්මා.. ඊටපස්සෙ අැහිබැමත් අකුලන් මගේ මූණ දිහා බලන් ඉඳපු සයද් දිහා මං දවා අලුකරන බැල්මක් දැම්ම මූ ගැස්සිලා ඉස්සරහ බලාගත්ගා..

"පාඩුවෙ ඉඳපන් මීෂ"

"ඔච්චර තමයි කියන්න දන්නෙ හිපාටු බස්සා..තවුසෙගෙන් අහන කට හොඳයි බිම උලාගත්තනම්.."

මං එහෙම්ම ඉස්සරහට වෙලා එබුනේ ඉරෝන් දිහාවට..

"ඒ මේ ඉරෝන් උඹ දැක්කද බං කවුරුහරි මගේ බෑග් එකට මොකක් හරි දානවා"

කාලෙකට පස්සෙ ලියුම හම්බුන වෙලාවෙ ඉඳන් වරූව හොයාගන්න මගේ හිතේ යටපත් වෙලා තිබ්බ හැඟීම අායෙ අායෙ ඉස්මතු උනා..මේ බස්සයි උගෙ යාලුවයිනෙ ඉතින් අපි ලඟ ඩෙස්ක්වල ඉන්නෙ.. ඉතින් මං මුගෙන් අහන එක වැරදිද මං අහන්නෙ..ඒත් මේකගෙ කටේ පිට්ටුනෙ..
අඩුම තරමේ මුගෙ නල්ලමලේ යාලුවවත් දැක්කද දන්නෑ..

"නෑ බන්..අැයි මොකෝ කේස් එක..බෑග් එකේ බෝම්බයක්වත් සෙට් කරලද"

මූ ඒකත් විහිලුවට අරන් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා..දෙන්නම එකයි බලන් ගියාම..කිසිම වැඩකට නැති ගොබ්බ හැතිකරේ..

"ඔව් මේ මීෂගෙ බෑග් එකේ බෝම්බයක් සෙට් කරලනෙ..අපි මේ බය වෙලා ඉන්නෙ..හරි හිනා..පොඩ්ඩක් බලන්න ඔයාගෙ බෑග් එකෙත් එකක් තියේද දන්නෑ.."

මන්දාරම් නුවර | MANDARAM NUWARA Where stories live. Discover now