17 කොටස

60 9 9
                                    

"අායිෂ් මෝඩයො තවුසෙ මොකද්ද ඒ කරේ.."


මං ගෙදර අාපු ගමන් වොශ් එකක් දාගෙන කාමරේට වැදිලා දොර වහගත්තා..අම්මා බලනවා අැති මට මේ මොනා වෙලාද කියලා..මේ වෙලාවෙ මට කාත් එක්කවත් කතා කරන්න මූඩ් එකක් නෑ..මගේ හිත මටම දොස් කියනවා..මං කෙලින්ම අැඳට පැනලා මගේ කොට්ටෙ හපාගෙන හපාගෙන ගියා..මොන විලිලැජ්ජ නැති වැඩක්ද මං ඒ කරේ..අායෙනම් රෙද්දක් අැඳන් සයද්ට මූණ දෙන්න බෑ බෑ බෑමයි..දැන්නම් මට වහ කන්න හිතෙනවා..මං මොකද්ද කරන්න ඕන..අැත්තටම එයා එහෙම එකක් බලාපොරොත්තු වෙලා නැත්තන්? එහෙමනම් මං කරේ ලොකු වැරැද්දක්..මං එයාව අපහසුතාවයට පත් කරාද..අාාාාහ්..මගේ ඔලුව කම්මලක් වගේ..

මම දස අතේ කල්පනා කරනවා..මට හිතෙන්නෙ මං කරේ ඕන්නැති වැඩක්..හොඳම දේ තමයි සයද්ගෙන් සමාව ගන්න එක..මට තිබ්බා එහෙම නොකර ඉන්න..ඒත් කොහොමද අප්පා විලිලැජ්ජාවක් නැතුව 'අනී මට සමාවෙන්න සයද් මං වැරැද්දක් කරේ' කියලා කියන්නෙ..උෟ මොනා නොහිතයිද..ඒ උනාට මෙහෙම ඉඳලා බෑ..මොකක් හරි කරන්න වෙනවා..මට අද නිදිමතක් ගෑවිලාවත් නෑ..වෙලාව එලිවෙන්න දෙකයි..මං කල්පනා කරේ මේ වෙච්ච දේ හරිගස්සන්න පුලුවන් විදියක් ගැන..

අන්තිමට මම තීරණය කරා සයද්ගෙන් සමාව ගන්න..මම එයාට මැසේජ් එකක් දාන්න හිතන් ඉන්ස්ටර් එකට ලොග් උනත් යනකොටම දැක්කෙ වරුන්ගෙ පෝස්ට් එකක්.. එදා රෙස්ටුරන්ට් එකට ගිය දවසේ ගහපු සෙල්ෆිය..එකක් නෙමෙයි දෙකම දාලා..එකක් මං එයා දිහා බලන් ඉන්න එකක්..අනික ෆොටෝ එක දිහා බලන් ඉන්න එකක්..සැක් ඒකෙනම් මහ අසික්කිත කපල් ලයින් එකක් එන්නෙ..ෆොටෝ එකට ෆේස් කරපු ෆොටෝ එක දැම්මත් කමක් නෑ..ඒත් මං උෟ දිහා බලන් ඉන්න එක දාන්න ඕන්නෑනෙ..මොලයක් නැද්ද මං දන්නෑ හිපාටුවා..දකින උන් හිතයි අපි කපල් එකක් කියලා..ඒ මදිවට කැප්ශන් එකට දාලා තියෙන්නෙ රතුපාට හාට් එකක්..අැයි මටම මෙහෙම වෙන්නෙ..මට ඕකව අල්ලගන්නම්කො හෙට..

කැප්ශන් එක බලන්න යටට යද්දි දැක්කෙ ඊට යට තියන පෝස්ට් එක සයද්ගෙ කියලා..මං ටක්ගාලා ගිහින් බැලුවෙ මොකද්ද පෝස්ට් එක කියලා..සමහරවිට මැච් එකේ ෆොටෝස් වෙන්න අැති..ඒත් නෑ..ඒක එයාගෙ නිකන් ෆොටෝ එකක්..රෑ වෙලාවක කාර් එකේ වාඩි වෙලා ඉන්න ගමන් ගහපු සෙල්ෆියක්..පොඩ්ඩක් ඉන්න මේක දාලා තියෙන්නෙ විනාඩි පහකට කලින්..ඔව් නේන්නම් තාමත් ඔන්ලයින් ඉන්නවා..මේ මනුස්සයට නින්ද යන්නැද්ද අැත්තට..කිවුවෙනම් හරි මහන්සියි කියලා..මහන්සි නිසා වෙන්න අැති මේ මල රෑත් ඔන්ලයින් ඉඳන් පෝස්ට් ශෙයා කරන්නෙ..බොරුකාරයා..
ඊළඟට මගේ අැස් ගියේ ෆොටෝ එකට යටින් දාලා තිබ්බ කැප්ශන් එකට..

මන්දාරම් නුවර | MANDARAM NUWARA Dove le storie prendono vita. Scoprilo ora