අපි හිටියෙ ෆැවිලියන් එකේ ඉස්සරහම පේලියෙ..අදනම් මං මේ අාවට සයද් ගහන ගහන ලකුනක් ගානෙ මගේ පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා..දැනටමත් මූ ලකුණු 77ක් ගහලා ඉන්නෙ..අපේ ස්කූල් එකේ හැමෝම දත කට මැදන් බලන් ඉන්නෙ සයද් සෙන්චරිය ගහනකන්..හැබැයි මං අැරෙන්න..දුස්ට කමකට කියනවා නෙමෙයි.. ඒත් සයද්ට පුලුවන්නෙ 99ක් ගහලා අවුට් වෙන්න..එක ලකුණයිනෙ අඩු..එතකොට එයත් සතුටින් මාත් සතුටින් ටීම් එකේ උනුත් සතුටින් බලන් ඉන්න උනුත් සතුටින්..හැබැයි ඉතින් එක අතකින් බැලුවහම මොන රටේද බං සීයක් ගහන්න ලංවෙලා අවුට් උනාම සතුටු වෙන්න..සැක්..මට මූ අවුට් වෙන්න කියලා ප්රාර්ථනා කරන්නත් බෑ සීයක් ගහන්න කියලා ප්රාර්ථනා කරන්නත් බෑ..හැමෝම චියර් කර කර මැච් එක බලද්දි මං නිකං එලොවටත් නෑ මෙලොවටත් නෑ වගේ ඔහේ පුටුවෙ වාඩි වෙලා මැච් එක බලන් හිටියා..
"මීෂයා..මෙච්චර සුපිරි මැච් එකක් යන කොට මොකද්ද බං ඔහොම ඉන්න එකේ තේරුම"
"අැයි උඹ කියන්නෙ මට උඩ පැන පැන නටන්න කියලද"
"නටන්න ඕන්නෑ චියර් කරලා පොඩ්ඩක් අාතල් එකේ ඉඳහන්කො..අනික අපේ සයද් ගහන්නෙ බල්ලො"
"ඒකම තමයි ප්රස්නෙ බං..උෟ දැම්මම අවුට් වෙන එකක් නැද්ද?"
"තූ නෙදකින් තොගෙ කට..තෝ බලන් ඉන්නෙ අපේ ස්කූල් එක පරාද වෙනකන්ද බල්ලො..උඹනම් මහ මොකෙද්ද මන්දා බං"
ඒපාර අවිනුවා මට දෙස් තියන්න පටන් ගත්තා..කවුරුත් දන්නෑනෙ මට තියන ප්රස්නෙ..හැමෝම දන්නෙ මට බයින්න විතරයි..මං අඬනවා හරිත..ඉම්හි ඉම්හි..
ලන්ච් බ්රේක් එක වෙලාවෙ මටනම් එලියට යන්නවත් මූඩ් එකක් තිබ්බෙ නෑ..ඒ නිසා අවිනුයි මායි ඉද්දි වරුන්ලා ගියා මොනාහරි ශෝට්ඊට්ස් ටිකක් අරන් එන්න..අද ඉරෝන් අපි එක්ක හිටියෙ නෑ..එයා ගිහින් එයාගෙ පරණ ස්කූල් එකේ යාලුවො එක්ක මැච් එක බලන්න..කවුරුත් නැති උනාම තමයි අපිව හොයන් එන්නෙ ඒ නරියා..ග්රවුන්ඩ් එකේ හිටපු ක්රවුඩ් එකෙන් බාගෙට බාගයක්ම වගේ මේ වෙනකොට එලියට ගිහිල්ලා..අායෙ ඉතින් මැච් එක පටන් ගද්දි තමයි කට්ටිය එන්නෙ..ඊයෙට වඩා අද සෙනග වැඩී..අන්තිම දවසනෙ..හවස් වෙද්දි තවත් වැඩි වෙයි..කොහොමත් මැච් එකේ අන්තිම හරියෙනෙ චිල් එක වැඩි..
VOCÊ ESTÁ LENDO
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Não Ficçãoඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...