13 කොටස

44 8 4
                                    

අපි බලන්න දාගත්තෙ LOVER කියලා පන්ජාබි මූවි එකක්..ඒක පාසල් ප්‍රේමයක් ගැන යන කතාවක්..පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අපිට පෙන්නන්නෙ කොල්ලා පිස්සුවෙන් වගේ කෙල්ලට අාදරේ කරන හැටි.. මං කොහොමත් අාසයි ස්කූල් ලව් එෆෙයාර්ස් තියන ෆිල්ම් බලන්න..අනේ මංදා අමුතු කික් එකක් තියනවා ඒ ෆිල්ම්ස්වල..මටත් එහෙම ලව් එකක් තිබ්බනම් කියලත් නිකමට හිතෙනවා ඉතින්..පොඩි පොඩි දේවල් වලින් එකිනෙකාව සතුටු කරන , ප්‍රශ්න අඩු , කිසිදෙයක් ගැන ලොකුවට බරක් පතලක් නැති අාදරේම විතරක් පුරවගත්තු හරිම සරල අාදර කතාවක්..පාසල් කාලෙ අායෙ ගන්න බෑනෙ.. කවදහරි ඒ කාලෙ මතක් වෙද්දි පාසල් ප්‍රේමයක් තිබ්බා කියලවත් සතුටු වෙන්න පුලුවන්නෙ අඩුම තරමෙ..ඔන්න ඕවා තමයි මං දැනුත් ෆිල්ම් එක බල බල කල්පනා කරන්නෙ..

ෆිල්ම් එකේ දැන් ගිය සීන් එකේ උනේ කෙල්ලට කැමති වෙන කොල්ලෙක් මේන් ලීඩ් කොල්ලට ගහන්න එනවා..ඊටපස්සෙ කෙල්ල අැවිත් රණ්ඩුව නැවැත්තුවම අනිත් කොල්ලා කියනවා මේන් ලීඩ් කොල්ලා හොරෙන් කෙල්ල දිහා බලන නිසා ගැහුවෙ කියලා..එතකොට කෙල්ලයි කොල්ලයි යාලු නෑ..ඉතින් එහෙම එකක් කිවුවම කෙල්ලට පුදුම හිතෙනවා.. ඒත් කෙල්ල ඒ ගැන දැනගෙන ඉඳලා..ඊටපස්සෙ කෙල්ල කියනවා එයා හැමදේම දන්නවා කියලා..ඒ දේවල් කරලා කොල්ලට මොනාද ලැබෙන්නෙ කියලා කෙල්ල බනින්න ගන්නවා..ඒත් කෙල්ල හැමදේම දන්න එක ගැන කොල්ලට සතුටුයි..ඉතින් කොල්ලා එයා කරපු හැමදෙයක්ම සතුටින් කෙල්ලට කියනවා..ජීවිත කාලෙම එයාගෙ පස්සෙන් හෙවනැලලක් වගේ ඉන්නම් කියලා කියනවා..ඒත් කෙල්ල කියනවා ඒ හැමදෙයක්ම ඕන කෙනෙක්ට එයා වෙනුවෙන් කරන්න පුලුවන් අනිත් කොල්ලටත් පුලුවන්, ඉතින් ඒ දෙන්නා අතරින් අැයි කෙල්ල කොල්ලව තෝරගන්න ඕන මොකක්ද කොල්ලගෙ විශේෂත්වය කියලා..අනිත් කොල්ලා කියනවා එයාට කෙල්ල වෙනුවෙන් ඕන කෙනෙක් මරන්න උනත් පුලුවන් කියලා..ඊටපස්සෙ කොල්ලා බෑග් එකෙන් බ්ලේඩ් එකක් අරන් කෙල්ලගෙ නම අතේ කපාගෙන කියනවා එයාට කෙල්ල වෙනුවෙන් මැරෙන්න උනත් පුලුවන් කියලා..මං හොඳට සමවැදිලා ෆිල්ම් එක බල බල ඉද්දි වරුන් ඒ ෆීලින් එක කෑවා..

"මීෂ......."

"අැයි.."

"මටත් ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් පුලුවන්"


මන්දාරම් නුවර | MANDARAM NUWARA Where stories live. Discover now