"ඕයි බල්ලො කියපන්කො මං දැන් මොකද්ද කරන්න ඕන කියලා""එකපාරක් කිව්වනේ බල්ලො බය නොවී ගැම්ම අරන් පලයන්..උඹ ගියේ නැත්තන් උඹ බයගුල්ලෙක් කියලා හිතයි හොඳේ..පිරිමි කමටත් ලැජ්ජයි.."
වෙලාව හවස හයයි..මං තාම කල්පනා කරනවා වරුන්ව හම්බෙන්න යනවද නැද්ද කියලා..වැරැද්ද මගේ අතේ නිසා නොගිහිල්ලත් බෑ..ඒත් මේ යකා මට අතවර කරයිද..මේ තුන් කුලුඳුල් මම ඉඳුල් උනොත් කාට කියන්නද දෙයියනේ..ප්වීස් මාව බේරගන්න දෙයියනේ..
දැන් පැය ගානක ඉඳන් මං අවිනුවට කෝල් කර කර වද දෙනවා..මට හිතාගන්න බෑ මොකද්ද කරන්නෙ ගියලා..අවිනුනම් කියන්නෙ යන්නමයි කියලා..ඒත් ඉතින් අනේ මන්දා..
"ඉතින් මට බයයි තමයි බං..උෟ මට අතවර කෙරොත් එහෙම.."
"පුහ්..ඒකටනම් මගෙ පුපත් හිනාවෙනවා බං..මේ අැහෙනවද සද්දෙ"
"අනේ හු*තෝ..විහිලු නෙමෙයි..සිරා කියන්නෙ.."
"හරි හරි බං..බය වෙන්න දෙයක් නෑ..මං දන්න තරමින් උෟ එහෙම එකෙක් නෙමෙයි..ඩීසන්ට් පොරක්"
"හ්ම්.."
"අනික් කවුද දන්නෙ උෟ වරූ ද කියලා"
"පොඩ්ඩක් ඉඳපන් පොඩ්ඩක් ඉඳපන්..මොකද්ද උඹ කිවුවෙ.."
"නෑ ඉතින් උගේ නම වරුන්..පේන විදියට උෟ උඹ ගැන ඉන්ට්රස්ටින්..උඹේ වරූ උෞ වෙන්නත් පුලුවන්නෙ.."
"අඩෝ මට පරක්කු වෙනවා..මං උඹට ගිහින් අැවිල්ලා කෝල් එකක් ගන්නම්..ගුනබුස..සොරි සොරි ගුඉබුස..අාහ් මේ මං අම්මට කියන්නෙ උඹත් එක්ක ඩිනර් එකකට යනවා කියලා..අපේ අම්මා උඹට කෝල් කරොත් උඹත් එහෙම්ම කියපන්..බායි..."
"ඒයි..අඩෝ.."
ඒ කියන්නෙ මට හිතුන දේ අවිනුවටත් හිතිලා..මං ටක්ගාලා ෆෝන් එක තියලා බාත්රූම් එකට පැනලා වොෂ් එකක් දාගත්තා..දැන්නම් මට ලොකු උවමනාවක් තියනවා වරුන්ව හම්බෙන්න යන්න..මගේ වරූ එයාද..
මං මගේ සුදුපාට ඩෙනිම් එකයි සුදුපාට හූඩි එකයි අැඳලා කැප් එකයි ඩෙක් දෙකයිත් දාලා සන්ග්ලාස් දෙකත් අැඳුම අස්සෙ දාගත්තෙ අම්මට බොරුවක් කියලා ගෙදරින් එලියට යන නිසා කාටවත් මාව අඳුරන්න බැරි වෙන්න එලියෙදි දාගන්න..මං ලඟ තිබ්බ සුවඳම පර්ෆියුම් එක මුලු අැඟේම ගාගෙන හතර පස් පාරක් කණ්ණාඩිය ඉස්සරහ හැඩ බැලුවා..මේ ඉන්නෙ හැඩට හැන්ඩියා වගේ..අදනම් ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලන ගානට ලස්සනට ඉන්නවා.. මටම තේරෙන්නෑ අැයි මං වරුන්ව හම්බෙන්න යන්න මෙච්චර හැඩ වෙන්නෙ කියලා..ඒක නිකම්ම නිකම් හමුවීමක් විතරයි..ඒ උනාට මගේ හිතට අමුත්තක් දැනෙනවා..
ESTÁS LEYENDO
මන්දාරම් නුවර | MANDARAM NUWARA
No Ficciónඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...