අද උදේ දහයෙ ඉඳන් හවස හය වෙනකන්ම අකවුන්ටින් ක්ලාස්..නිවාඩු දවසටවත් ගෙදර ඉන්න වෙලාවක් නෑ.. මහ පවු ජීවිත අප්පා මෙවුවනම්.. ඒ ලෙවල් වලට අඩිය තිබ්බා විතරයි මෙහෙමනම් තව ටික කාලයක් යද්දි කොහොම තියෙයිද..මතක් වෙද්දිත් අැඟට පන නෑ වගේ..
වෙලාව දවල් දෙකයි..විනාඩි හතලිහෙ ඉන්ටර්වල් එකට කාලා බීලා පොඩි වටයක් දාලා මායි අවිනුවයි අැවිල්ලා ක්ලාස් එකෙන් වාඩි උනා..අවිනුවා මට කනක් අැහිලා ඉන්න දෙන්නෙම නෑ..ඊයෙ උනේ මොකද්ද කියලා අහ අහ වද දෙනවා ඉවරයක් නෑ..
"මං මේ උඹෙන් හොඳින් අහන්නෙ..කියපන් පගයා ඊයෙ මොකද්ද අර වරුන්දතී උඹව ගෙන්නගෙන කරේ.."
"කිවුවනෙ බල්ලො විශේෂ දෙයක් නෑ කියලා..කන්න එක්කන් ගියා..කතා කරා..ගෙදරට ඩ්‍රොප් කරා..එච්චරයි.."
"ටහිකේ ඔය මදැයි.. පලවෙනි පාර හම්බෙලා ඔහොමනම් ඉදිරි ගමන සුබයි කොල්ලො..ඔහොම යන් ඔහොම යන්.."
"තෝ හිතුවද බල්ලො මේක ඩේට් එකක් කියලා.. අනේ නිකන් පලයන් යන්න හු*න කතා නොකියා.."
"අනී මගෙ උම්මියා උයාට ලැජ්ජ හිතුනද සංකුට්ටො..කෝ බලන්න මූණ..කෝ ඉතින් කෝ.."
මේ පගයා දැන්නම් මගෙන් කන්න හදන්නෙ..පංතියෙ ලමයිනුත් අපි දිහා බලාගෙන..මේක ඉස්කෝලෙ නෙමෙයිනෙ..ක්ලාස් එකේ කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් ඉන්නවා..මූ නිසා මට කෑල්ලක්වත් ලයින් කරගන්න වෙන්නෑ..මූ නම් මාව කන්න අාපු සාපයක්..
"තෝ පගයා මගෙන් මුකුත් අහගන්නැතුව අහකට පලයන්..කියන්නෑ මං තොට ලැජ්ජාව.."
"හාකො හාකො ඉතිම්..උම්මියට කේන්ති ගිහිල්ලා..හුම්.."
මූ එපාර කෝලමට ගස්සලා පද්දලා ඉස්සරහ බලාගත්තා..ඒත් එක්කම සර් ක්ලාස් එකට අාවා..අායෙ ඉතින් ක්ලාස් අරිනකන් ඉන්ටර්වල් එකක්වත් නෑ..සෙනසුරාදා දවසට මගේ පුපට අඹසරණයි මේ අඹ ලෑලි බංකු රත් කර කර ඉඳලා ගෙදර ගියාම..ඊට පස්සෙ ඉතින් අැඳට පැනලා පුප උඩ දාන් නිදාගන්නවා..ඔහොම තමයි සෙනසුරාදා දවස ගෙවෙන්නෙ..
"දැන් අපි යන්නෙ ගිණුම්කරණ පරිසරය කොටසට..අපි මේ ජීවත්වෙන පරිසරයේ එක එක වෙනස්කම් සිද්ධ වෙනකොට ඒවා ගිණුම්කරණයටද බලපානවා..මේ විදියට ගිණුම්කරණ ක්‍රියාවලියට බලපාන විවිධ අභ්‍යන්තර හා බාහිර සාධකවල බලපෑම් ගිණුම්කරණ පරිසරය යනුවෙන් පැහැදිලි කරන්න පුලුවන්.."
ESTÁS LEYENDO
මන්දාරම් නුවර | MANDARAM NUWARA
No Ficciónඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...