"මොකද බං උඹ නිකන් නයිට් ගහලා වගේ අාපු වෙලාවෙ ඉඳන් ඩෙස්ක් එක උඩ දපන්නෙ..පොඩ්ඩක් කෙලින් කටින් ඉඳපන්කො මූසලයෙක් නොවී "
නයිට් ගහලා වගේ නෙමෙයි බල්ලො නයිට් ගහලා තමයි..ස්පෝට්ස් මීට් එකේ වැඩ නිසා ඉස්කෝලෙ අාවට මොකද අද මට කෙලින් හිටන් ඉන්නවත් බැරි තරම් නිදි මතයි..නිදිමත වැඩි කමට අැඟත් රස්නෙයි වගේ..ඔලුවත් පැලෙන්න වගේ රිදෙනවා..ඊයෙ රෑ පිස්සෙක් වගේ අැහැරන් ඉඳපු එකේ විපාක තමයි මේ..මම උදේ ඉඳන්ම ඩෙස්ක් එකට ඔලුව තියාගෙන අඩ නින්දෙ හිටියෙ..කොහෙද මේ අවිනුවත් එක්ක කරන්න බෑනෙ කරන්න..මට නින්ද යාගෙන එනකොටම මූ මොකක්හරි ලබ්බක් කියලා කෑගහනවා..එතකොට තමයි මට මුගේ අම්මා මුත්තා මතක් වෙන්නෙ..ඒ උනාට කොටින්ම කිවුවොත් මට ඔලුව උස්සලා බනින්නවත් බැරි තරම් අසාධ්‍ය තත්වෙක මං අද ඉන්නෙ..ඔන්න ඔහේ ඕන මගුලක් කියවපන් කියලා මං අැහෙන්නෑ වගේ හිටියා..
මගේ මේ විසාල නිදිමතට වගකිව යුත්තත් සුපුරුදු පරිදි මට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්නවා..මගේ නින්ද නැති කරලා මූ ගිහින් හොඳට නිදාගෙනද කොහෙද ගස් ගෙම්බා..නැත්තන් ඉතින් මූටත් මං වගේම මෙතන නින්ද යන්න එපැයි..ඒ උනාට කොන්ද කෙලින් තියාගෙන යස අගේට මේ ඉන්නෙ..මට එන කේන්තියක්..කේන්ති උනාට කරන්න දෙයක් නෑ මං දැන් ඉන්නෙ මූට මූණ දෙන්න බැරි තත්ත්වෙක..එහා පැත්තෙ හිටියට අද දවසටම මම එක පාරක්වත් සයද් දිහා බැලුවෙ නෑ..අැත්තටම කියනවනම් ඊයෙ වෙච්ච දේ ගැන මට ලැ..ජ්..ජ..යි..
"මීශ..පුතේ ඔයාට අමාරුනම් අපි අම්මට එන්න කියලා ඔයාව ගෙදර යවන්නද?"
මං ඔලුව උස්සලා බැලුවෙ අපේ මලී මිස්ගෙ කටහඬට..මිස් මගේ මේසෙ ලඟම හිටගෙන හිටියා..වැඩේ කියන්නෙ මට මිස්ලා දෙන්නෙක් පේනවා..ඒ කියන්නෙ මලී මිස් ට්වින්ස්ද? අනිත් එක්කෙනා සමන්මලී වෙන්න අැති..අනේ මට මොකෝ මොකෙක් උනත්..නිදි විකාරද කොහෙද..මං පුලුවන් උපරිමෙන් අැස් දෙක අැරලා මිස් දිහා බලලා හිනාවක් පා කරලා යැවුවා..
"ලොකු අමාරුවක් නෑ ටීචර්..අනික කලින් ගෙදර යන්න බෑ හවුස් එකේ වැඩ තියනවා..තව ටිකකින් මේක හරියාවි.."
VOUS LISEZ
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Non-Fictionඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...