10 කොටස

59 7 6
                                    

"මීෂ ගෙට් රෙඩි..ඊළඟට අපේ මැච් එක"

"ඕකේ අයිම් රෙඩි"

අද තමයි බාස්කට්බෝල් හවුස් මැචස්..මැචස් පටන් ගත්තෙ දවල් දෙක හමාරට..දැන් වෙලාව හවස හතර හමාරයි..තාම අපේ හවුස් එකයි පැන්තර්ස් එකයි අතර මැච් එක විතරයි අපිට තිබුණෙ..ඒකනම් අවුලක් නැතුව දිනාගත්තා..තව මැචස් දෙකක් එහෙම්පිටින්ම තියනවා.. සාමාන්‍යයෙන් හැම ස්පෝර්ට් එකේම හවුස් මැචස් තියන්නෙ ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ හවස් වරුවෙ..ඒකට හේතුව ටීචර්ස්ලටත් ලමයින්ටත් වැඩ පාඩු නොවෙන්න..ඉතින් මැචස් බලන්න ස්කූල් එකේ ලමයි ගොඩක් කෝට් එකට අැවිල්ලා හිටියා..සමහරු කලර් කිට් එකෙන්..සමහරු ස්කූල් අැරිලා එහෙම්ම නැවතිලා හිටියා..ඊළඟට තියන්න තිබ්බෙ අපේ හවුස් එකයි නයිට්ස් එකයි අතර මැච් එක..ඊයෙ රෑ මගේ මැචස් බලන්න එනවා කියපු බොරුකාරයානම් තාම අැවිල්ලා හිටියෙ නෑ..මටනම් කමක් නෑ අාවෙ නැති උනාට..ඒ උනාට බොරු බලාපොරොත්තු දෙන්න ඕන්නෑනෙ එන්නැත්තන්..තකහනියක් මැසේජ් එකක් දාලා තිබ්බෙනම් කොහොමද හොඳට ප්ලේ කරන්න මං එනවා මැචස් බලන්න යැයි යැයි යැයි තමයි..

"The Next match between Trojans and Knights will begin in 10 minutes.. All the players please get ready for the match "

මැච් එක තියනවා කියලා අනවුස් කරද්දි මට නිකන් බයයි බයයි වගේ..ලමයි කෝට් එක වටේම ඉඳන් චියර් කරද්දි ඊටවඩා හිතට බයයි.. මොකෝ මම එක්ස්පීරියන්ස්ඩ් ප්ලේයර් කෙනෙක් නෙමෙයිනෙ..නිකන් හරි මගේ මිස්ටේක් එකක් නිසා අපිට පරාද වෙන්න වෙයිද කියලා මට පොඩි බයක් නැතුවම නෙමෙයි..

මේ වෙනකොටත් එක මැච් එකක් ප්ලේ කරලා මම දාඩිය පෙරාගෙන හිටියෙ..ශෝට් එකයි ස්කිනර් එකයි මගේ කොණ්ඩෙත් එක්ක දාඩියට තෙත් වෙලා..මම අාපහු මගේ කොණ්ඩෙ පස්සට වෙන්න බන්ඩානා එක දාගෙන මැච් එකට යන්න ලෑස්ති උනා..අපරාදේ කියන්න බෑ හේශ් වරුන් වරුෂ නුරාන් හතර දෙනාගෙන්ම මටයි ටිනූෂයටයි පට්ට සප් එකක් හම්බෙන්නෙ..ටිනූෂත් මං වගේම තමයි..උෟ ජීවිතේ පලවෙනි පාරටලු මේ බාස්කට්බෝල් ප්ලේ කරන්නෙ..වෙලාවට මට උෟ හරි ඉන්නෙ..නෝන්ඩි වෙනවනම් දෙන්නා එක්ක නෝන්ඩි වෙතෑකිනෙ..නැත්තන් මට තනියම නෝන්ඩි වෙන්න උනොත් වහ කන්න තමයි වෙන්නෙ..

මන්දාරම් නුවර | MANDARAM NUWARA Where stories live. Discover now