"මටනම් මේ පඩිපෙල් දිගේ බඩගාලා දැන්නම් හරි අමාරුයි බං..මන් පොඩ්ඩක් කැන්ටින් එක පැත්තට ලයින් වෙලා එන්නද""අනේ උඹට කන බණේමයි..දැන් මේ පීරියඩ් හයට කීපාරක් කැන්ටින් එකට ගියාද කියපන්"
"සරි සරි ඉතින් පොඩ්ඩක් විතර බඩගිනි අප්පා"
"බඩගිනි උනාට කමක් නෑ තව විනාඩි දහයක් ඉවසපන්කො.ඊට පස්සෙ ගිහින් ඕනතරමක් කාපන්"
"හාකො එහෙනම්..ඉවසපන් බඩ ඉවසපන්..මේ පාපතර මිනිස්සු බොටයි මටයි සෑහෙන්න වෙනස්කම් කරනවා"
අනේ අම්මපා මේ අපේ හවුස් එකේ ලේකම් නුරාන්කාරයා ඉන්නවා නේද බැලුවොත් බඩගිනී ගාගත්ත ගමන්මයි..මූ සෝමාලියාවෙන්වත් ගොඩබැහැලද මන්දා..අද දවසට හතර පස් පාරක්ම කැන්ටින් එකේ රිංගලා අැවිත් අායෙත් බඩගිනි ගගා බඩ අල්ලගෙන අැක්ට් එකක් දාන්න පටන්ගත්තනෙ..මූව පෝෂණය කරන්නම හවුස් එකෙන් වෙනම අරමුදලක් එකතු කරන්න වෙයිද දන්නෑ..
අපි අද උදේ ඉඳන් ඉවෙන්ට්ස් වලට නම් ගන්න ඉස්කෝලෙ ක්ලාසස් ගානෙ අැවිදිනවා..නුරාන් කිව්වත්හරි අැත්තටම පඩිපෙල් නැගලා බැහැලම කකුල් ටික ටික කකියනවත් වගේ..තාම මුල් දවසනෙ..ටික දවසක් යද්දි මේ වැඩවලට හුරුවෙද්දි හරියයි..මොකෝ අපි පුරුද්දට පඩිපෙල් නගින බහින එකක්යැ..ඒකට වරුන්..උෟනම් පඩිපෙල් සීයක් නෙමෙයි සීගිරිය හතර පස්පාරක් නැගලා අාවත් ගානක් නෑ වගේ ඉන්නෙ..එහෙම වෙන්නත් එපැයි ඉතින්..අැත්ලටික් කැප්ටන්ට නැති ෆිට්නස් එකකින් වැඩක් තියේද..
හේශ්, වරුන් , නුරාන් , මම අපි හතරදෙනාම අද උදේ ඉඳන්ම වැඩ..
අැවිදලා අැවිදලා කොහොමහරි හය හත අට නමය සෙක්ශන්ස් හතරම අද දවසට කවර් කරගත්තා.. මොනා උනත් නුරාන් පිලිවෙලට ඔක්කොම ලියාගෙන තිබුණා..අපි අඹ ගස් සෙවනෙ බංකුවල වාඩි වෙලා ලියාගත්ත ඒවා අායෙ චෙක් කරන්න ගත්තෙ අඩුපාඩු තියනවනම් දැන්ම ක්ලියර් කරගෙන යන එක හොඳ නිසා.."මේ උඹ අපිත් එක්ක හවුස් එකේ වැඩවලට අැවිද්දට අවුලක් නැති වෙයිද"
"ඉතින් බං මාත් මේ හවුස් එකේනෙ"
"ඒක හරි..ඒ උනාට උඹ අැත්ලටික් කැපානෙ..අපේ හවුස් එකත් එක්ක විතරක් ඉඳලා අනිත් උන් කේස් අදීද දන්නෑ"
ČTEŠ
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Literatura faktuඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...