6 කොටස

68 9 34
                                    

අදනම් මං නිදහසේ ගෙදර ඉන්න දවස..ක්ලාස් නෑ ස්කූල් නෑ කාලා බීලා සිංදුවක් අහගෙන ගෙදරට වෙලා චිල් එකේ ඉන්නයි තියෙන්නෙ.. අද තාත්තත් ගෙදර ඉන්න නිසා අපේ අමල්බිසෝ පැය ගානක් තිස්සෙ ලෑස්ති වෙනවා ෂොපින් යන්න..

තාත්තානම් ලෑස්ති වෙලා සාලෙ සෙටියෙ ඉඳගෙන පත්තර කියවනවා අම්මා එනකන්..

"කෝ බං කොල්ලො අම්මා..පොඩ්ඩක් බලපන්කො තාම ලෑස්තිවෙනවද කියලා..කාමරේට ගියා ගියාමයි තාම නෑනෙ.."

"හැඩ වෙනවා අැති අනේ ඔයාට පේන්න.."

"අනේ මදැයි බං දැන් ඔය පැය ගානක් හැඩ උනා..එන්න කියපන්කො ඉක්මනට යන්න"

"හා හා ඉන්න..මේ මහත්තයට හදිස්සියනෙ අරුණි ලමිස්සිගෙ හැඩ බලන්න"

මං ඒ කට කැඩිච්ච කතාව කියල ටක්ගාලා පුටුවෙන් නැගිටලා කාමරේට පැනගන්න හැදුවත් තාත්තා කෙලින්ම එල්ල කරපු කොට්ට පහර මගේ පිට මැද්දටම පතබෑ වෙලා මාව ඉබේම කාමරේට තල්ලු උනා..


"අරුණි නම්කියා..ඔයා තාම ලෑස්ති වෙනවද කියලා විරාජ් අයියණ්ඩි මට බලලා එන්න කිවුවා.."

"මේ දැන් ලෑස්ති වෙලා ඉවර උනා විතරයි..මගේ ෆෝන් එක කොහෙද බලන්නකො කොල්ලො..තිබ්බ තැනක් මතක නෑනෙ.."

"අනේ මංදා අප්පා ඔයත්..තාත්තා ගෙදර ඉන්න දවසට මෙලෝ සිහියක් නෑ..නාකි කෝලම"

"නාකි? උඹ මටද නාකි කිවුවෙ..මට තාම මේ හතලිස් අැඳිරිය ලැබුවා විතරයි හරිද..එන්නෙපා උඹ මට නාකි නාකි ගාගෙන.."

"විහිලුවක්නෙ කරේ අනියො..කෝ එන්න උම්මා එකක් දෙන්න..කුචු කුචු කුචු.."

මං කටත් උල් කරගෙන අම්මගෙ කම්මුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට වැනුවා..අම්මා මූණ හට්ටියක් කරගෙන මගේ අත් දෙකට තට්ටුවක් දාලා පද්ද පද්ද කාමරෙන් එලියට ගියා..මාත් අම්මගෙ පස්සෙන්ම වැටීගෙන සාලෙට ගියා.. අම්මව දැකපු තාත්තගෙ කට බලන්න එපැයි යකෝ..කට කන ලඟින් නතර උනා මදැයි..අලුත බැඳපු මනමාලි දිහා බලන්න වගේ තාත්තා අම්මා දිහා බැලුවෙ..අම්මගෙ අැඹරිල්ල තව ටිකක් වැඩි උනා තාත්තා බලපු බැල්මට..

මන්දාරම් නුවර | MANDARAM NUWARA Where stories live. Discover now