Chapter 14 💜💚

235 22 1
                                        

ජන්ග්කුක් හියුන් දැන් ගොඩක් වෙනස් වෙලා.. ඇත්තටම මට එයා ඉන්න විදිහ දැක්කාම මගේ පපුව හිරවෙනවා වගේ දැනෙනවා. එයා දැන් ඉන්නේ එයාගේ keuneommaගේ ගෙදර නෙමෙයී.. එයා දැන් බෝඩිමක බෝඩ් වෙලයී ඉන්නේ. ඒක නිසා කලින් වගේ මට එයාව නිතරම දකින්න වෙන්නේ නෑ.. සමහර දවස් වලට එයාගේ keuneomma එයාට කෑම කන්න අඩගහන කොට විතරක් එයා මෙහෙ එනවා. අපේ ගෙදරත් කලාතුරකින් එනවා. කලින් එයා කැම්පස් යන කාලේ එයාගේ බයික් එක යන යන සැරේට මං එයාගේ බයික් එකේ සද්දෙට කොහෙ හිටියත් දුවගෙන ඇවිල්ලා එයා දිහා හොරෙන් බලාගෙන ඉන්නවා.. ඒ කාලේ එයාගේ හොරෙන් ගත්තු ෆෝටෝස් මං ලග තාමත් තියෙනවා. හ්ම්ම්ම්... එයාට හැමෝම බැන්නා එයා Chohee නූනාව රවට්ටලා දැම්මා කියලා.. ඒත් මේක නවත්තලා තියෙන්නේ Chohee නූනාමයී.. ඉතින් මෙතන හියුන්ගේ වැරැද්දක් නෑ.. හැමෝම හියුන්ව අතෑරලා දාලා. ඒත් මං එයාව තාමත් පරිසමට බලාගන්නවා..

මම එයා එක්ක හැමවෙලේම හිටියා.. එයා එයාගේ ප්‍රශ්න මට කියන්න ගත්තා. මං කියන දේ ටික ටික අහන්න ගත්තා.. අපි දෙන්නා අතර නමක් නැති බැදීමක් ටික ටික ගොඩ නැගෙන්න ගත්තා. එයා මාත් එක්ක විතරක් එයාගේ දේවල් බෙදාගත්තා.. අපි දෙන්නම එකම වෙලාවේ කන්න පුරුදු උනා.. ඒ බැදීම මොකක්ද කියලා අදටත් මට හරියට තේරුම් ගන්න බෑ.. ඒත් එයාගේ හිතේ තියෙන මහන වීමේ අදහස මට නැති කරලා දාන්න බැරි උනා.. එයා මාත් එක්ක විතරක් ඉන්නවා තමයී.. ඒත් එයා ඒක අතඇරියේ නෑ.. මං දැනන්  හිටියා එයා කවදමහරී දවසක එයාට යන්න ඕන තැනට යාවී කියලා.. හිත ගොඩක් රිදුනත් ඒකට මට හුරු වෙන්න වෙයී කියලා මම හිතා ගත්තා..

මෙහෙම මාසයක් දෙකක් වගේ ගෙවිලා ගියා.. ජන්ග්කුක් හියුන් ගොඩක් දහමට නැබුරු උනා මේ කාලේ. ඒත් chohee නූනට නම් ජන්ග්කුක් හියුන් නෑ කියලා ලොකුවට ගානක් නෑ වගේ කියලා මට හිතුනා.

*                 *                *

දවසක් Chohee නූනා මටයී yeon නූනටයී එයා එක්ක Haneul පාර්ක් යන්න කතා කලා. කොහෙවත් යන්නවත් උනේ නැති නිසා මං ඒ දෙන්න එක්ක පාර්ක් යන්න කැමති උනා. එදා ඉතින් මායී නූනලා දෙන්නයී උදේම ලෑස්තී වෙලා Haneul Park එක ලගට ගියා.. ඊට පස්සේ මායී yeon නූනයී Chohee නූනාගේ යාලුවා එනකම් එතනට වෙලා බලාගෙන  හිටියා.. ඊට පස්සේ ටිකක් වෙලා එහෙම බලාගෙන ඉන්න කොට බයික් එකකින් එතනට කොල්ලෙක් ආවා. මං ඉතින් වැඩිය ඒක ගනන් ගත්තේ නෑ.. Chohee නූනාගේ යාලුවෙක් කියලා මම හිතුවේ. අපි හතර දෙනා පාර්ක් එක ඇතුලට ගියා..

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold Where stories live. Discover now