අද මම ස්කූල් ගියේ නෑ. අද මට දවසම මැත්ස් ක්ලාස් තියෙන දවස. 🥲 ඉතින් අදත් ස්කූල් යන්නේ නෑ කියලා වෙනසක් නෑ. 6ට විතර නැගිටලා Soo yoon ටත් මැසේජ් එකක් දාලා මම මූනත් සෝදලා වොශ් එකක් දාගෙන ක්ලාස් යන්න ලෑස්තී උනා. ඔම්මා මගේ උදේ කෑම එකත් ලෑස්තී කරලා ඉවර වෙලා කුස්සියේ ඉදන් මට ඇවිල්ලා කන්න කියලා කෑ ගහන්න ගත්ත නිසා බෑග් එකත් හදාගෙන මම පහලට ගියා බ්රෙක්ස්ෆස්ට් එක ගන්ම ඕන නිසා.
මම ලෑස්ති වෙලා පහළට යනකොට ඔම්මා කෑම ටික මේසෙට යවලා තිබ්බා. මම අත් දෙකත් වොශ් කරන් කෑම කන්න ටේබල් එකෙන් වාඩි උනා. මම යනකොට අප්පා ඔෆිස් යන්න ලෑස්තී වෙලා මට කලින් බ්රේක්ෆස්ට් එක ගන්න ගමන් හිටියේ.
ගුඩ් මෝර්නිග් ඔම්මා. ගුඩ් මෝර්නිග් අප්පා.
ගුඩ් මෝර්නිග් ටේ..
ගුඩ් මෝර්නිග් චූටි පුතා.
අද දවසම ක්ලාස්ද ඔයාට.
ඔව් අප්පා අද දවසම තියෙනවා කිව්වා. මම එනකොට අද රෑ වේවී..
කමක් නෑ තව ටික කාලයයිනේ. හොදට වැඩ ටික කරගන්න.
හරි අප්පා. 😁
ඔයා කාලා රෙඩි වෙන්නකෝ. මාත් එක්ක යං. මං බස් එකට දාන්නම් ඔයාව.
හලී...
ටේ බෙයා Soo yoon දුවත් එනවා නේ.
ඕ ඔම්මා. එයා මාත් එක්කම යන්න ඉන්නම් කිව්වා.
ආ හාකෝ. දැන් දෙන්නගේ වැඩේම එකට යන එකනේ.
එයාට ඉතින් තනියම ඉන්න බෑලුනේ. තනිකන් දෝසෙලුනේ.
කවුද Soo yoon කියන්නේ..
ආ ඒ මෙයාත් එක්ක කරාටේ කරපූ යාලුවා.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
