කාලය මාර ඉක්මන්ට යනවා. එහේ බලලා මෙහෙ බලන කොට සති තුනක්ම ගිහින්.. හෙට තමා චෝහී නූනගේ වෙඩින් එක තියෙන්නේ. අද අපි රෑට චෝහී නූනට පොඩි Surprise එකක් දෙන්න හිතන් ඉන්නේ. ඒක සෑට කියන්නම්..🫢 කට්ටිය හරි හරියට හෙට දවසට ලෑස්ති වෙනවා. අපේ yoon නූනා ගානේ තමයි වෙඩින් ජා කේක් දෙන්නේ. ඉතින් ලොකු වැඩක් ඒකනම්. අපේ yeon නූනට හදන්න බැරි කෑමක් නෑ. පුදුම රහක් තියෙන්නේ එයාගේ කෑම වල.. ම්ම්ම් මතක් වෙද්දිත් කන්න හිතෙනවා.😩
ටේ...
ඕ..
ඔයා මොකද කරන්නේ? පාඩම් කරනවද?
පේපර් එකක් කරනවා. ඇයි කියන්න නූනා.
ආ නෑ මේ ඔයා ෆ්රීනම් ටිකක් ඔම්මලාට උදව් කරන්න බැරිද අහන්න ආවේ.
ආ...
කමක් නෑ. මං වෙන කාව හරි හොයා ගන්නම්. ඔයා පාඩම් වැඩ කරන්න.
මං තව විනාඩි 15 කින් වගේ එන්නම්. මේකේ තව එක ප්රශ්නයයි කරන්න තියෙන්නේ.
ම්ම්ම්.. කමක් නැද්ද?
අවුලක් නෑ මං එන්නම්.
ටෑන්ක්ස් බෙයා.
ම්ම්..
මම හිස්ට්රී වල පේපර් එකක් කර කර හිටියේ. කාමරේ දොරෙන් එබිලා Sang mi නූනා මට පොඩ්ඩක් උදව් කරන්න එන්න කිව්වාම බෑ නොකියන්න බැරි කමට මං එන්නම් කියලා කිව්වා. ඒත් ඇත්තම කතාව මටත් දැන් එයාලා ලගට යන්න ඕන වෙලා තිබුනේ දැන් හුගක් වෙලා ඉදන්. දන්නේ නැද්ද හිත එහෙ මෙහෙ යනවා හනේ..🥲
මං මේ ටිකේ ඉවසන් හිටිය හැටි මමනේ දන්නේ. මගේ හිත පොතට වඩා ඇදිලා යන්නේ අනික් ඒවට. කෝම හරි Sang mi නූනා අඩගැහුවාම තිබ්බ ඉවසීමත් ඉවර උනා. මං ඉක්මන්ට පේපර් එකේ අන්තිම ප්රශ්නයත් ඉවර කරලා කාමරෙන් එළියට ගියා.
මම පහළට යනකොට හැමෝම වගේ බරටම වැඩ. Yeon නූනා කේක් හදලා ඉවරයි ඒ ටික ඔම්මලත් එක්ක චූටියට කුඩු කරනවා. ම්ම්ම් කේක් සුවදයි මුලු ගෙදරම. ඔම්මගේ පැත්තේ නෑයෝ ඔක්කොම අද අපේ ගෙදරයි kenueomma ලගේ ගෙදරයි පිරිලා. කොහොමත් අපේ පවුල් වල අය ඔක්කොම එකතු වෙන්නේ එක්කෝ මළගෙදරක් උනාම නැත්නම් වෙඩින් එකක් උනාම තාමා ඉතින්. අපේ ඔම්මගේ උපන් ගම තමා Gangwon. හුගක් වෙලාවට අපි ස්කූල් නිවාඩු කාලේ එහේ යනවා. දැන්නම් යන්න වෙලාවක් ඇත්තේ නෑ අනේ. හුග කාලේකින් එහේ ගියේත් නෑ. ඒ පැත්ත හරිම ලස්සනයි..
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
