Jungkook Pov:
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මම අද ටිකක් පාන්දරම නැගිට්ටා. මට අද මෝර්නිග් ලෙක්චර් එකක් තියෙන නිසා ඒකට කලින් ඉවර කරන්න වැඩක් තිබ්බා. ඉතින් වේලාසනින් නැගිටලා මූන කටත් සෝදගෙන මගේ මේසේ ලගට ගිහින් ඉදගත්තා. 9.30 ට වගේ තමා ලෙක්චර් එක පටන් ගන්න තියෙන්නේ. ඒත් ඊට කලින් මට ස්ටුඩන්ට්ස්ලගේ පේපර් වගයක් චෙක් කරන්න තිබ්බා. ඒකත් එසේ මෙසේ වැඩක් නෙමේ. මේ ගූරූප් එකේම ළමයි 60ක් විතර ඉන්නවා. ඉතින් බාගයක් මං කලින් දවසේ රෑ බලලා තිබ්බේ. තව පේපර් 25ක් වගේ තිබුනේ..
පේපර් ටිකත් ලගට අරගෙන ඒ ටික මං හෙමීට බලන්න ගත්තා. ටිකක් බලන අතර තුර මට නින්ද යාගෙන ආවා.. ඒක නිසා කුස්සියට ගිහින් කෝපී එහෙකුත් හදාගෙන ආයෙමත් ඇවිත් මගේ පුටුවේ ඉදගෙන පේපර් ටික බලන්න ගත්තා.. මේ ටික අද බලල ඉවරයක් කරලා ළමයින්ට බෙදලා දෙන්න ඕන. හොදට වැඩ කරන කිහිප දෙනෙක්ම ඉන්න නිසා මට එයාලා එක්ක වැඩ කරන් යන එකනම් ගානක් නෑ.. ඒත් ඒ අස්සේ එකකෙනෙක් දෙන්නෙක් ඉන්නවා පිස්සු නටන සෙට් එකක්. එයාලවනම් ඉතින් අනේ මංදා. කවදා හැදෙයිද දන්නේ නෑ..😒
8.00 විතර වෙනකොට ඔක්කොම ටික බලලා ඉවර කරා.. දැන් තමා සැනසීමක් දැනුනේ.. අද අල්ලගන්නම්කෝ මං ළකුණු අඩු සෙට් එකව. 😑 මෙහෙමනම් එක්සෑම් වලට ලකුණු අරන් වැඩක් නෑ.. රීපීට් කර කර කාලේ කකා තමා ඉන්න වෙන්නේ.. මටමනේ මෙයාලට ආයෙමත් උගන්නන්න වෙන්නේ. 😒
ටේහියුන් ස්කූල් ගියාද දන්නේ නෑ.. ඒ අනිත් එක්කනා. දැන් පුදුම හිතුවක්කාරකම්ක් ගහලා තියෙන්නේ එයාටත්. මේ වයසේ හැටිද නැත්නම් වෙන මොකක් හරි එකක්ද? පොඩි එකා නිසා ඉවසනවා. හ්ම්ම් බලමු. හැමදාම මට කියලානේ යන්නේ කොහොමත්.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
