Jimin Pov :
මම ටේහියුන් එක්ක කතා කරන්න එයාගේ මේසේ ළගට ගියත් මට එයා එක්ක කතා කරන්න උනේ නෑ එයාගේ යාලුවා gunwoo නිසා. හ්ම්ම්ම්... එයාටත් මාත් එක්ක කතා කරන්න කිසි දෙයක් නැතුව ඇති. ඒක නිසා මං woojin එක්ක අපේ කෑම ඕඩර් එක දෙන්න ගියා. ඊට පස්සේ මම එයා එක්ක කෑම තෝරන අතරේ ටේගේ ටේබල් එක පැත්තට ඇස් යවන්නත් අමතක කලේ නෑ.. ඒත් එයා මං දිහානම් බැලුවේ නෑ.. එයා ආපූ වෙලාවේ ඉදන් කලේ ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කරපු එක. මොනාද ටේ ඔයා ඔච්චරටම මාව පේන්නේ නැති තරම් කල්පනා කරන්නේ.. මට තවත් මෙතන ඉන්න ඕන නැති නිසා මං woojin ට ඔලුව රිදෙනවා කියලා බොරුවක් කියලා අපේ ටේබල් එකට ගියා ඉදගන්න. මං එතනට ගිහින් අනික් යාලුවන්ට මගේ ඔලුව රිදෙනවා කියලා කිව්වාම ඒක ටේහියුන් අහන් ඉදලා හොර ගෙඩියෙක් වගේ.. පස්සේ මට බොන්න කියලා පැනඩෝල් දෙකක් ගෙනත් දුන්නා. ඉස්සර වගේම තාමත් එයා මං ගැන තාමත් care කරනවා කියලා මට තේරුනා. ඔයා තාමත් ඔහොම මං ගැන බලන්න එපා ටේහියුන්.. අපි දෙන්නට ආයෙමත් ලගින් ඉන්න බෑ.. මං නිසා ඔයා විදවලා තේරුමක් නෑ ටේහියුන්..
ඔයා සතුටින් ඉන්න ඕන කෙනෙක්. මං වගේ selfish යාලුවෙක් ඔයාට කොහොමත් ගැලපෙන්නේ නෑ ටේහියුන්..🥺 මං මගේ පුටුවට වෙලා එයයි gunwoo යි කතාවෙන දේවල් නිකමට අහන් හිටියා.. ඒත් මට ඒවා අහන් ඉන්නේ නැතුව හිටියනන් කියලා හිතුනා. එයාලා කතා උන දේවල් ඇහුනාම මගේ පපුව පිච්චිලා යනවා වගේ මට දැනුනා.. තාමත් එයා අපි දෙන්නගේ මතක වලින් දුක් විදිනවා.. මං හිතුවේ ඔයා ඒ දේවල් අමතක කරලා ඉස්සරහට ගිහිං ඇති කියලා ටේහියුන්... අනේ මට සමාවෙන්න ඔයාව මෙච්චර රිද්දනවට..
ආ මෙන්න කට්ටියට කන්න ගෙනාවා..
අම්මෝ.. මං බඩගින්නේ හිටියේ.. ඇති යන්තන් දැන්වත් කන්න පුලුවන්..
ඔව් ඔව්. එන්න කමූ.. ජීමින්.. ආ මෙන්න මං මේක ඔයාටමයි ගත්තේ.. ඔයා බ්ලැක් කොෆි බොන්න ආසයිනේ..
ආව් ආව්.. කෙල්ල ලකුණු දාගන්න හදන්නෙ..😆
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
