Chapter 31 💚💜️

84 13 2
                                        


මුලින්ම අපිට තිබ්බේ සෙකන්ඩ් පේපර් එක. පැය 3ක් තියෙනවා. 🤧 මං ඉතින් දන්න ඔක්කොම ටික පේපර් එකේ ලියලා දැම්මා. හිතුව තරම් ලේසී නෑ. ඒත් අමාරුයි කියන්නත් බෑ. මං පාඩම් කරපුවාගෙන් ප්‍රශ්න තුනක් වගේ තිබ්බා. ඒවටනම සුපිරියටම ලියලා දැම්මා මං. අනික් ඒවා ගැනනම් කතා කරලා වැඩක් නෑ. එන්නේ නෑ කියලා හිතන් හිටපු පාඩන් වලිනුත් ආවා. අපේ මිස් කිව්වේනම් ඕක හැම වාරෙම ආපූ නිසා මේ පාර එන එකක් නෑ කියලා.😒 ඒ උනාට ඒක මේ පාරත් ආවා වටෙන් ගොඩෙන් අහලා. මං ඉතින් දන්න විදිහට ඒකත් ලියලා දැම්මා.

ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවර උනාට පස්සේ මං වෙලාව බැලුවා. තව විනාඩි 30ක් වගේ ඉතුරු වෙලා තිබුනේ. ඒකෙනුත් ප්‍රයෝජනයක් ගන්න එපැයී ඉතින්.. ඊට පස්සේ ආයෙමත් ලියපුවා මුල ඉදන් කියවන් ආවා.. ඒ අස්සේ එකක් දෙකක් බහු බූත ලියලා තිබ්බ නිසා ඒවටත් ආයෙමත් මතක් කරලා උත්තර හරි ගැස්සුවා. අඩුම මේ ලියපූ විදිහටනම් මට B එකක්වත් තිබ්බේ නැත්නම් වැඩක් නෑ.

ඒ විනාඩි 30ත් ඉවර වෙලා පේපර් එකතු කරන්න ටයිම් එකත් ආවා. මංනම් ලියලා ඉවරයි. ඒත් මගේ එහා පැත්තේ හිටපු කෙල්ලනම් තාම දමාගෙන ලියනවා මං දැක්කා. එකීට ටයිම් මදි වෙලාද කොහෙද.. ඒත් එයාලගේ ක්ලාස් බාර සර්ද කොහෙද ඇවිල්ලා ඒකීගේ පේපර් එක උදුරගෙන අරන් ගියා. ඒකීගේ මූන දෙක උනා. ශැක් මූනේ හැටි. ටයිම් ගානට මැනේජ් කරගන්න වෙයි කෙල්ලේ.. ඔහොමනම් බෑ. මේ මං වගේ හොදට ටයිමින් මැනේජ් කරගන්න ඕන. පේනවනේ මං වෙලාවට ඉවර කරගත්තා. දන්න හැම මගුලම ඕකේ ලියන්න ගියොත් දන්න ටිකවත් ලියන්න වෙලාවක් නෑ.

මං දැක්කා ඒකී එක ප්‍රශ්නයක් විස්තර කරන්න හෙන ගොඩක් වැල් වටාරම් ලියනවා. මං හිතන්නේ ඒකීට ලියාගන්න පුලුවන් වෙලා තියෙන්නේ ප්‍රශ්න තුනයිද කොහෙද.. මට ඉතින් ඔය උන්ගේ ගැන්සියේ ඉන්න අනික් කෙල්ලොන්ට අඩා වැටීගෙන කියනවා ඇහිලා තමා ඔය ටිකත් හොයාගත්තේ. මට වැඩක් යැයි අනේ ඕවා. මං පාඩුවේ බෑග් එක අරන් ඇවිල්ලා ඒකට පෑන් පැන්සල් ටික ඔබාගෙන් වතුර බෝතලේ අරගෙන බීගෙන බීගෙන ගියා.. හම්මේ.. තිබහෙන් හිටියේ මං. පේපර් එක ලියන වෙලාවේ මං වතුර බොන්නේ නෑනේ. ඕක බිව්වනම් මට පේපර් එක ලියනවා කෙසේ වෙතත් වොශ්රූම් එක අස්සේ තමා රිංගං ඉන්න වෙන්නේ.

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold Where stories live. Discover now