Chapter 30💜💚

94 11 0
                                        

මං ඇහැරුනේ අපේ ඔම්මයි ජන්ග්කුක් හියුන්ගෙයි කටහඩට. මට ඩොක්ටර් දීපූ මොකක් හරි එකක් නිසා නින්ද ගියා වගේ ලාවට මතකයි. අපරාදේ හියුන් එක්ක තනියම ඉන්න තිබ්බ චාන්ස් එක. දැන් ඉතින් මොනා කරන්නද. ඔම්මා අද එන්න ඇත්තේ මා ලගින් ඉන්න වෙන්න ඇති. ඒ කියන්නේ හියුන් ආයෙමත් බෝඩිමට යාවී.. හිතේ කොනක පුංචි දුකක් ඇති උනත් මං ඒක අනික් පැත්තට අමතක කරලා දැම්මා.මං ලග ඉන්න එයා මගේ කවුරුවත් යැයි. අනික ඔම්මත් බලාවී එයා මොන මගුලට ඉන්නවද කියලා.

මං ඇහැරිලා ඇස් එහා මෙහා කරලා පොඩ්ඩක් ඇස් දෙක රිලැක්ස් කර ගත්තා. බෙහෙත් සැරට ලාවට කැරකිල්ල ගතියක් තිබ්බ නිසා ඇස් ඇරගෙන ඉන්න එක අමාරු උනා මට. දැම්මම මේ මගුල් උනක් හැදුනනේ මට. උගුරත් එක්ක රිදෙන නිසා මං අමාරුකම් පැත්තකින් තියලා නැගිට්ටේ වතුර ටිකක් බොන්න ඕන නිසා. වම් පැත්තේ අතට කැනියුලා එකක් ගහලා තිබ්බ නිසා ඒ අත පට්ටෙට රිදෙනවා උස්සන්නත් බෑ. ඒක නිසා වම් පැත්තේ තිබ්බ ටේබල් එකක් උඩ තිබ්බ වතුර ජොග්ගුව ගන්න දකුණු අතින් බැරි බැරි ගාතේ ඒක ගන්න හෙන කට්ටක් කන ගමන් හිටියේ මං.

ඒත් මං ජොග්ගුවේ හැඩල් එකට ලං වෙන්න ඔන්න මෙන්න තියෙන කොට කොහෙන්දෝ මංදා ආපූ සුදු අතක් ඒක ඩැහැ ගත්තා.. ශැක් අපරාදේ මගේ මහන්සිය. බැලින්නම් ඒ ඉතින් මගේ පරම පූජනීය කස් එක.. ජන්ග්කුක් හියුන් වතුර ජොග්ගුව අරගෙන වතුර එකක් එතන තිබුන වීදුරු ග්ලාස් එකට වත්කරලා මගේ අතට දුන්නා. මං ඉතින් ඒක අරගෙන එයාටත් විරිත්තලා බීගෙන බීගෙන ගියා. හම්මේ.. හෙන තිබහෙන් හිටියේ මං. ඒකත් හරි දැන්. බීලා ඉවර උනාට පස්සේ එයා මගේ අතෙන් ග්ලාස් එක අරගෙන ඒක ටේබල් එකෙන් තිබ්බා.

ඊට පස්සේ එයා මගේ මූනට වැටිලා තිබුන කොන්ඩ කෑලී දෙක තුනක් එහාට මෙහාට කරලා හැදුවා.

නැගිට්ටද ටේ..

ම්ම්ම්.....

ඇයි මාව ඇහැරුවේ නැත්තේ ඔම්මත් ඇවිල්ලානේ..

ඔයා නිදිනේ. ඇහැරවන්න හිතුනේ නෑ..

ම්ම්ම්ම්...

මේකට මොකක් වෙලාද? ඔම්මත් ඉන්නවා. ඔම්මා ඉන්න කොට ලගකටවත් එන්නේ නැති මනුස්සයා මොකද මේ එකපාරටම මගේ අස්සේ රිංගන් කරන්නේ. මං ටිකක් උගුර පාදලා ඇස් වලින් එයාට ඔම්මව පෙන්නුවා. එතකොට තමා එයා ඉක්මනට අත අයින් කර ගත්තේ. මේකට ඇත්තටම ඔම්මා ඉන්නවා කියලා අමතක උනාද. දැන් මං නිසා අතරමං වෙන්නත් ඇරගෙනද.. වැඩේ බරපතලයි ටෙයියෝ..

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold Where stories live. Discover now