අද අපි කට්ටියම චෝහී නූනගේ වෙන්ඩ හබීගේ ගෙදර යන්න දා ගත්තා. වෙඩින් එකේ වැඩ වල ඕනම ටික ඉවර කරගත්ත නිසා මින්ජුන් හියුන්ගේ ගෙදරට කට්ටියම සෙට් වෙන්න දා ගත්තා. මායි අපේ මොට්ට නූනලා දෙන්නයි චෝහී නූනයි උදේම ලෑස්ති වෙලා මේ යන්න හදන්නේ මින්ජුන් හියුන්ගේ දිහා.
මං තාම එහේ යනවා කියලා ජන්ග්කුක් හියුන්ට කිව්වේ නෑ. එයාට චෝහී නූනා ගැන ගානක් නෑ ගාලා කියෙව්වට මගේ හිතටනම් ඒක අවුල් අනේ. මොනා උනත් එයා ආදරේ කරපු කෙල්ලනේ. ම්ම් මායි නූනලා තුන් දෙනයි හයිවේ බස් හෝල්ට් එකට වෙල හිටියා බස් එකක් එනකම්. ටික වෙලවක් ඉන්න කොට බස් එකක් ආවා. එකට නැග්ගා අපි ටික....
බස් එකෙන් බැහැලා ගෙදරයට ගෙනියන්න බඩු වගයක් ගන්න ශොප් එහෙකට ගියා. නූනලා බඩු තෝරා අතරේ මං චෝහී නූනට කියලා මට බොන්න මගේ ස්ටෝබෙරි මිල්ක්ශේක් එකකට වැඩේ දුන්නා..😁 පොඩ්ඩක් පීපී ඇස් වලින් බැලුවාම ඒ හූනීත් ඇන්දුනා ගොනා වගේ.. එහෙම තමා ටේ දක්ශයා.. හුම්..
අපි හතර දෙනා තඩි බඩු මලුත් උස්සගෙන මින්ජූන් හියුන්ගේ ගෙදරය යන පාර දිගෙ ඇවිදගෙන ගියා. හම්මේ හෙන දුරක් යන්න ඕන ගේ හොයාගෙන පයින්. මගේ මෝඩ ජෝඩුවට තව ඇවිදින්න බෑ ගාගෙන කෑ ගහපු නිසා චෝහී නූන් මින්ජුන් හියුන්ට කෝල් එකක් දීලා අපිව ගන්න එන්න කිව්වා මගට. එයාට බයික් එකක් විතරයි තියෙන්නේ. එකේ ඔක්කෝටම යන්න බැරි නිසා එයාට අපිව දාගෙන දෙපාර්කට යන්න උනා.
මායි Sang-mi නූනයි චූටී නිසා අපි දෙන්නව මුලින්ම දාගෙන ගියා. මින්ජුන් හියුන් අපි දෙනව දාගෙන එයාලගේ ගෙදරට යනකොට චෝහී නූනගේ වෙන්ඩ නැන්දම්මා දොර ලගට වෙලා අපි එනකම් බලාගෙන හිටියා. මාවයි Sang-mi නූනවයි ගේ ලගින් බස්සලා ආයේමත් මින්ජුන් හියුන් බයික් එක හරවගෙන අනික් ඩබලව ගේන්න ගියා.. ඒ අතරේ මින්ජුන් හියුන්ගේ ඔම්මා මාවයි Sang-mi නූනවයි ගේ ඇතුලට එක්කන් ගියා.
කට්ටිය මොනාද මේ බරටම උස්සන් ඇවිල්ලා තියෙන්නේ අනේ. මෙහේ කන්න හදන්න බඩු තියෙනවනේ ළමයිනේ.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
