1 week later...
Taehyung Pov :
හැමදේම ඉවරයී... මට කලින් හිතන්න තිබ්බා ජන්ග්කුක් හියුන්ව ළං කරගන්න කලින්. ඒත් දැන් ඒකට පසු තැවෙන්න හොදටම පරක්කු වැඩී. එයාව අයිති වෙන කෙනෙක්ට ටේහියුන්. එයා ඔයාගේ නෙමේ. එයා ඔයාට ආදරේ නෑ. එයා කවදාවත් ඔයාට ආදරය කලේ නෑ. එයා කවදාවත් ඔයාගේ වෙන්නේ නෑ.. එයා chohee නූනගේ විතරයි. ඒත් මං සතුටු වෙනවා මගේ ෆස්ට් කිස් එක ඔයාට දුන්න එකට හියුන්. මගේ හිත වෙන කෙනෙක්ට යන්නේ නැති වෙයි. ඔයා වෙනුවෙන් තියෙන ආදරය තාමත් එහෙම්මම තියෙනවා. මම ඒක මගේ ලගම තියා ගන්නවා. හ්ම්ම්ම්... එහෙනම් ආයෙමත් පරන ජීවිතයට පුරුදු වෙමු ටේහියුන්.😊
හ්ම්ම්ම්... බලමු ජීමින් මොනාද කරන්නේ කියලා. මේ වෙලාවේ නම් එයා නිදිද දන්නේ නෑ. යුංගි හියුන් එක්ක මලේද දන්නේ නෑ.. 😁 අඩේ ඔන්ලයින් ඉන්නවා කොල්ලා..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හේ ජීමින් ඔයා නිදිද...??
ආ ටේ.. නිදි නෑ.. මං මේ නින්ද යන්නේ නැති නිසා සිංදුවක් අහ අහ හිටියේ..
ඒ මොකෝ නින්ද යන්නේ නැත්තේ.. ඔයාගේ යුගී මැසේජ් කලේ නැද්ද ??
හ්ම්ම්ම් නෑනේ.. එයා එනකමුත් එක්ක හිටියේ.. අද දවසටම මැසේජ් එකක්වත් නෑ.. 😕
හ්ම්ම්ම් එහෙමද.. එයාට වැඩ ඇති. සමහර විට ෆෝන් එක බලන්න වෙලාවක් නැතිව ඇති.. ගනන් ගන්න එපා. එයා පුලුවන් වෙලාවට මැසේජ් දාවී.. හිතන්න එපා..
හ්ම්ම් අනේ මංදා ටේ.. එයා වෙනුවෙන් බලන් ඉන්න එක මට දැන් පුරුද්දට ගිහින්.. ඉතින් ඔයා මොකෝ මේ ඇහැරන් කරන්නේ.. නිදා ගන්නේ නැද්ද ??
මටත් නින්ද යන්නේ නෑ ජීමිනා.. මේ ටිකේම ඇහැරගෙන ඉන්නේ මං..
ම්ම්ම් ඒ මොකෝ... ලෙඩ වෙලාවත්ද ඔයා..
හ්ම්ම් ලෙඩ වෙලාමත් නෙමේ.. එපා වෙලා අනේ ඉන්නේ.😐 අනේ මංදා මට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නෑ අනේ.. අඩුම පාඩම් කරන්නවත් හිතෙන්නේ නෑ මට. 😐
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
