Jungkook Pov:
මම දවල් වෙලාවේ ලෙක්චර් එහෙක හිටියේ. ඒක ඉවර වෙන්න තිබුනේ 6ට විතර. මේ අවුරුද්දේ අන්තිම මාස ටික නිසා ස්ටුඩන්ට්ස්ලට එක්සෑම් තියන කාලේ. නොවැම්බර් මාසේ එයාලට එක්සෑම් පටන් ගන්න නිසා මම මේ ටිකේම ගොඩක් බිසී ලයිෆ් එකක් ගෙවුවේ. සමහර දවස් වලට මට දවල්ට ලන්ච් එක එහෙම පරක්කු වෙනවා. පරක්කු වෙනවමත් නෙමේ මට ඒක අමතක වෙනවා. ඒ තරමට මං වැඩ වල හිරවෙලයි හිටියේ. ඒත් ඉතින් ටේහියුන් නිසා මං වේල් තුනම දවස ඇතුලත කීයට හරි ගන්නවා. එක අතකට එයා එයාගේ එක්සෑම් අස්සේ එයාට පුලුවන් වෙලාවට මං ගැනත් හොයලා බලනවා. එයානම් වෙලාවකට මට පුදුමයි කියලා හිතෙනවා. එයා කොහොමද එයාගේ වැඩ අස්සේ මං ගැනත් බලන්නේ. මට හිතාගන්න බෑ ඒක..
හ්ම්ම් කොහොම හරි මං 3ට විතර ටේහියුන් කෑවද කියලා අහපු වෙලාවේ මගේ ලංච් එකත් එයාට පිංසිද්ද වෙන්න ගත්තා. ලමයිට මං පොඩි ටෙස්ට් එකක් කරන්න දිලා තිබ්බේ එ වෙලේ. ඒ වෙලාවෙදි ඉක්මනට ලන්ච් එකත් අරන් ආයේ ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා ඉදගෙන බලාගෙන හිටියේ. මං උවමනාවෙන් බලන් හිටියට ලමයි දිහා එයාලා කවදාවත් මට හොරෙන් කොපිනම් කලේ නෑ. ඒකට එයාලා පෙළබෙන්නෙත් නෑ. එක්කනෙක් දෙන්නෙක් ඇරෙන්න හැමෝම වගේ තමන්ගේ මහන්සියෙන් වැඩ කරනවා. එහෙම ළමයිට කවදත් මං ගොඩක් ආසයි.
ටික වෙලාවක් මං එහෙම ඉන්න කොට මගේ සාක්කුවේ දාලා තිබුන ෆෝන් එක වයිබ්රේට් වෙනවා කියලා මට තේරුනා. ඊට පස්සේ මං ඒක කලිසමගේ සාක්කුවෙන් අරහෙන ස්ක්රීන් එක ඔන් කරලා බැලුවා. ලයින් එකෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මං දැක්කා. මං වැඩිය මැසේජ් චෙක් කරන කෙනෙක් නෙමේ. ඒත් දැන් මට මැසේජ් දාන්න ටේහියුන් ඉන්න නිසාම මට පුලුවන් ෆ්රී වෙලාවකට මං ලයින් ඇප් එකට ගිහින් ටේහියුන්ගේ මැසේජ් බලලා ඒවට රිප්ලයි දානවා. හැමවෙලේම වගේ ටේහියුන්ගේ මැසේජ් එකක් අනිවාරෙන් ලයින් එකට එනවා කියලා මං දන්නාවා. මං ගොඩක් වෙලාවට නොටිෆිකේශන් එකක් හයිඩ් කරලා තියෙන්නේ. ඒ කිව්වේ ඒක පොප් අප් උනාට මැසේජ් එක ස්ක්රීන් එකේ පෙන්නන්නේ නෑ. මං ඉතින් මැසේජ් එක කාගෙන්ද බලන්න ඇප් එක ඕපල්න් කරලා බැලුවා.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
