මේ මම emoji අයින් කරලා කතාව ලියන්න හිතුව.❤️❤️❤️
හී කමක් නෑනේ 😅😅😅
_________________________________________" ඒත්..."
" ඒත් මේත් නෙවෙයි යන්නකො."
ජිමින් ජැකීව පොලබවන ගමන් කිව්ව.එයාට ඉක්මනට මේ වැඩේ කරන්න ඕනි
" ටේ ටේ ඔයාට තනි...."
" ආහ් මං ඔයා එනකං ඔයාගෙ යාලුවව බලාගන්නං "
ජිමින් ඉක්මනට පැනල කිව්වෙ ජැකීව හොබී ලගට යවාගන්න හදිස්සියට.ඕනි දෙයක් වෙද්දාවේ කියලා ජැකීත් හොබී ඉන්න දිහාවට ඇවිදගෙන ගියේ හොබීට කෙල ගිලෙද්දි.ඒත් එක්ක ම වගේ හොබීට ජිමින්ගෙන් මැසේජ් එකක් ආවෙ ' ඔන්න ඔය පොඩි එකාව විනාඩි දහයකට ශේප් කරගන්නව.මං වැඩේ කරගන්නං' කියලා.හොබී ජිමින්ට රවනව කියලා හිතාගෙන ස්ක්‍රීන් එකට රැව්වත් එයාගෙ යටි හිතේ සතුටකුත් තිබුන ජැකීත් එක්ක කතාකරන එකේ.එහෙම බැලුවොත් එයා හරිනං ජිමින්ට පින් දෙන්න ඕනි....
" මේ මනුස්සය මොනව කර ගනීද දන්නැ."
ලාවට මුමුණපු හොබී එයා ලගට එන ජැකීට අවදානෙ දුන්න.
" හරි.ඔයාට මොනවද කියන්න තියෙන්නෙ හියුන්ග් ?."
කොහොමත් ටිකක් සමාජශීලි ලමයෙක් වෙච්ච ජැකීගෙත් ලොකු අකමැත්තක් තිබ්බෙ නෑ හොබීව අදුර ගන්න එකට.
" ම්හ්ම් අපි පොඩ්ඩක් අර පැත්තට යමුද."
හොබී ජැකීට ටිකක් ලමයි අඩුවෙන් හිටපු ටේබල් එකක් පෙන්නන ගමන් කිව්ව.ජැකීත් ඔලුව වනාගෙන් ටේ දිහාත් බලන ගමන් ඒ පැත්තට ගියා.
" ම්ම්ම් ඒ දෙන්නගෙ කතාව නම් දැන්ම ඉවර වෙන එකක් නෑ වගේ."
" ඔහ්"
ජිමින් අදහස් කරන්නෙ මොකක්ද කියලා නොතේරුන ටේ එයා දිහා ඇස් ලොකු කරල බැලුව.එතකොටනම් ජිමින්ට එයාට පෙනුනෙ හුරතල් හිම බෝලයක් වගේ.
" ම්හ් ඔයාට දැන් ලෙක්ච එකක් නැහැනෙ ටේහියුන්ග්.මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා."
ජිමින් කෙලින්ම ට්‍රැක් එකට බැස්සෙ හොබී කොච්චර වෙලා ජැකීව තියාගයිද කියලා එයා දන්නෙ නැති නිස.වැල් වටාරම් කියවල එයාගෙ ප්ලෑන් එක වතුරෙ යවාගන්න බෑ.
හැබැයි ඒකට ටේගෙන් එයාට ලැබුනේ ආයෙත් පුදුම වෙච්ච බැල්මක්.ඒක හරිම අට්‍රෑක්ටිවු ජිමින්ට හිතුනෙ නම් එහෙමයි
" මේ මගෙන් ? "
ටේ පුදුම වෙච්ච කටහඬකින් එහෙම ඇහුවේ එයාටම ඇගිල්ලක් දික් කරගන්න ගමන්.
" හ්ම්ම්ම් ඔයාගෙන්."
ජිමිනුත් ඔහේ ටේගෙ මුහුදේ රැලි වගේ දිලිසෙන නිල් ඇස් දෙකට එබෙන ගමන් මිමිනුවා.
" හී හා.ඇයි දන්නවද මං මෙහෙ ඉන්න කවුරුවත් වැඩිය අදුරන්නැ."
ටේ එහෙම කියලා හුරතල් විදියට හිනා වෙලා ජිමින්ගෙ අතින් අල්ලගත්ත.ඇත්තටම ජිමින් පුදුම උනා ඒකට නම් කවුරුත් එයා එක්ක මෙච්චරට ම ක්ලෝස් වෙලා නෑ.එයාට දැනුනා හරිම උනුසුම් හැගීමක් ටේ ගැන ඒ වගේ ම එයා තේරුම් ගත්ත ටේ කියන්නෙ ගොඩක් හුරතල් වගේ ම පොඩි ලමයෙක් වගේ අහින්සක කෙනෙක් එයා කොහොමත් මේ විදිය වෙන්න ඇති කියල.
'' අපි ගාඩ්න් එකට යමුද "ජිමින් ටේගෙ සිනිදු අත තද කරල අල්ලගන්න ගමන් කිව්ව.ඒකට හිනාවෙලා ඔලුව වනපු ටේ ජිමින්ගෙ අතත් අල්ලගෙන ම චූටි සිනිදුවකුත් මුමුණන ගමන් ගාඩ්න් එක පැත්තට ගියා.ටේත් එක්ක ඇවිදින ජිමින්ගෙ මුලු හදවත ම මහ අමුතුම හැගීමකින් පිරිලා ගියේ ඒ දෙන්නගෙ පැටලිච්ච අත් දකිද්දි.
bye 💖💖
ඉක්මනට ඊලඟ එක දෙන්නම් 💜️💜️
මොනවහරි කොටාගෙන යන්න ඔයාලට කතා වලට අදහස් එහෙම තියනවනම් ඒත් කොටාගෙන යන්න හොදේ 💖💖💖💜️💜️💜️💜️🌼🌼🌼
YOU ARE READING
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...