" හැබැයි ඔයා මේ ගැන කිසිම දෙයක් යුන්ගිට කියන්න එපා."
" ඒත්-"
" ඇයි ? "
ජිමින් එක සැරේට ම ටේ දිහා බැලුවත් එයා දැනටමත් බිම බලාගෙන හිටපු නිසා ජිමින්ට ටිකක් තරහ ගියා.
" කතා කරනකොට මගෙ ඇස් දිහා බලාගෙන කතාකරන්න."
ජිමින් ඇගිවලින් ටේගෙ නිකට උස්සලා එයාගෙ ඇස් දිහා බලන ගමන් මිමිනුවා.
" ඒත්.හියුන්ග් දන්නවනෙ එයා කැමති දේවල් දන්නෙ මං විතරයි කියලා එතකොට කොහොමත් මං අහුවෙනව."
ටේ අමාරුවෙන් හිනා වෙන ගමන් ජිමින්ගෙ ඇස් දිහා මාරුවෙන් මාරුවට බැලුව.
" ආයිශ්...ඔයා ඒව ගැන හිතන්න එපා.මොකක් හරි උනොත් මං බලාගන්නම්."
ජිමින් ටේව සන්සුන් කරන්න එයාගෙ කොන්ඩෙ අවුස්සන ගමන් හිනාවෙලා කිව්වත් ටේගෙ හිතේ තාම චූටි බයක් නැත්තෙමත් නෑ.එයාට ඕනි උන්නෑ යුන්ගි එක්ක ආයෙත් රණ්ඩුවක් පටන්ගන්න.මොකද කියනවන ම් ඒ දෙන්න මේ දවස් ටිකේ එච්චර හොදින් නෙවේ ඉන්නෙ.
" හියුන්ග් දැනගත්තොත් මං - "
ටේට වාක්ය ඉවර කරන්න දෙන්නෙ නැතුව ජිමින් එයාගෙ ඇගිල්ලක් ටේගෙ තොල් උඩින් තිබ්බ.එයාට ඒ තොල් දැනුනෙ ගොඩාක් සොෆ්ට් විදියට.
" ඒක ඒ වෙලාවට බලාගමු."
" හම්ම්"
ටේ කෙටි උත්තරයක් දීලා කල්පනාවට වැටුන.ඇත්තටම එයාට මේ වැඩේ එච්චරටම ශුවර් එකක් නැතත් එයාට මේ වැඩේ ජිමින්ට කරන්න බෑ කියන්න හිතුන්නෑ...ඔව් මොකක් හරි හේතුවක් හින්දා.
" එහෙනං ටේ ඔයාට ලෙක්ච එකක් නේද "
" ආහ් ඔව් හියුන්ග්."
" හෝල් එක එහෙම අමතක උනේ නෑනෙ."
ජිමින් ඉස්සර සිදිධියක් මතක් කරගෙන මල් හිනාවක් දාන ගමන් ටේගෙන් අහනකොට ටේටේ ට නම් දැනුනෙ එයාගෙ කම්මුල් ගිනිගන්නව වගේ එයා හිතාගත්තා ඒවා දැනටමත් රෝස පාට වෙලා ඇති කියලා.
" අනේහ් හියුන්ග්."
ටේ ලැජ්ජාවෙන් මිමිනුවා.
" හරි.හරි ඒක නෙවෙයි...උදවුවට තෑන්ක්ස් හොදෙ."
" හරිනං මමයි ඔයාට තෑන්ක් කරන්න කරන්න ඕනි."
ටේ එයාගෙ ලස්සන බොක්සි ස්මයිල් එකෙන් ජිමින්ට සංග්රහ කරේ එයාගෙ තොල් වලත් ලාවට හිනාවක් ඇදෙද්දී.
" anyway...එදා මම හැසිරුනු විදිහ ඔයා වැඩිය ගනන් ගන්න එපා."
ජිමින් එයා ටේගෙ පලවෙනි දවසෙම එයාට බේබියි අරවයි මේවයි කියපු ඒවා මතක් වෙල කිව්ව.
" හී...ඒකට කමක් නෑ."
ජිමින් ටේට ආපිට හිනාවෙලා බෙන්ච් එකෙන් නැගිටලා පොකට් දෙකට අත් දෙක දාගන්න ගමන් ටිකක් දුරක් ඇවිදගෙන ගිහින් ආයෙත් දෙයක් මතක් උනා වගේ ටේ දිහාවට හැරුනා.
" ම්ම් ඔයා ලස්සනයි."
ජිමින් ටේට වින්ක් කරන ගමන් කියලා ඉස්සරහට ඇවිදගෙන ගියා.
අනිත් පැත්තෙන් ටේට දැනුනෙ එයා දියවෙනවා වගේ.එයා දැනටමත් රතු වෙලා තියන කම්මුල් වලට තට්ටුවක් දාන ගමන් ඊලඟ ලෙක්ච එකට යන්න ලෑස්ති උනා.දැනටමත් එයාගෙ බඩේ සමනල්ලු පියාබන වද කොහෙද....
Bye 💖💜️
කමෙන්ට් එකක් දාගෙන ම යන්න
![](https://img.wattpad.com/cover/357073873-288-k218456.jpg)
ESTÁS LEYENDO
🔞SO YOU WANNA PLAY?🔞
FanficThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...