today was the day

56 7 4
                                    


ජිමින් එලාම් තුනක් විතර තියලා බොහොම අමාරුවෙන් උදේ අටට ඇහැර ගත්ත

...සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකට තියා වීක් ඩේස් වල වත් එලාම් එකක් තියලා උදේ පාන්දර නැගිටින කෙනෙක් නෙවෙයි එයා...ඒත් අද එයාට කරන්න ලොකු වැඩක් තියනවා.

ජිමින් කම්මැලිකමේ එයාගෙ ඇස් පොඩි කරගෙන ෆෝන් එක අතට ගත්තෙ ඩුවට් එක එයාගෙ ඇග වැහෙන්න ම දාගන්න ගමන්.

ජිමින් එයාගෙ ෆෝන් එකේ upday delivery කියලා සේව් කරලා තියන නම්බර් එකට කෝල් කරේ කපටි හිනාවකින් එයාගෙ මුලු මූනම පිරිලා යද්දි.

" හායි...අපි upday delivery සවිස් එකෙන් how can we help you ? "

" මට කෙල්ලෙක් හොයාගන්න ඕනි.''

ජිමින් හෙන සීරියස් විදියට කිව්වෙ කෝල් එක ගත්තෙ කෙල්ලෙක් කියලා දැනගෙන...කෙල්ලව පොඩ්ඩක් ඇවිස්සුව කියලා මැරෙනවයැ...

ආහ්...අනිත් එක..ඉස්සරහ ඉදන්ම එයාගෙ යාලුවො එයාට කිව්වෙ පැණි මුට්ටිය කියලා...🌚 තේරෙනවනෙ ඒ ඇයි කියලා...

" සොරී සර්...අපි මෙතන ඒවගේ දේවල් කරන්නෙ නෑ "

හැබැයි ජිමින්ගෙ අවාසනාවකට කෝල් එක ගත්ත කෙල්ල විහිලු ඇලජික් ගම්මිරිස් ඇටයක් උනා...

කෙල්ල තරහෙන් ම කෝල් එක කට් කරන්න හැදුවේ ජිමින් කෙල්ලට හිතින් බනින ගමන් කොහොම හරි කෙල්ලව නවත්ත ගනිද්දි...කෙල්ලෙක් වගේද එයාගෙ ප්ලෑන් එක.

" ඔහ්...ඔහ්හ්...මෙයාගෙ සැර බලන්නකො...ඔච්චර තරහ ගන්න එපා කෙල්ලෙ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නත් කලින් වයසට යයි...හරිද...එනිවේ...මට පාර්සල් එකක් කෙනෙක්ට යවන්න ඕනි."

ජිමින් හොදට වචන බර කරලා කිව්වෙ අනිත් පැත්තෙන් කෙල්ල මකරෙක් වගේ පිබිද්දි.

" හරි...ඔයා අපිට පාර්සල් එක බාර දුන්නනම් ඒක අදාල කෙනාගෙ අතට යයි...සෝ...කෝල් කරලා වද දෙන්න එපා."

කෙල්ල තරහෙන් පුපුරන ගමන් කිව්වෙ ජිමින් ෆෝන් එකට විරිත්තලා හිනාවෙද්දි.

" මං පාර්සල් එක දුන්න..ඒත් මට ඕනි මගෙ පර්සනල් ඉන්ෆ්‍රොමේශන් මුකුත් ම ඒ කෙනා දැනගන්නෙ නැතුව ඉන්න..''

🔞SO YOU WANNA PLAY?🔞Where stories live. Discover now