" අද මොනවද උනේ."
ජූන් ජින් ව එයාලගෙ රූම් එකට ඇදගෙන ඇවිත් ඇහුවෙ ජින්ගෙ මැනික්කටුව ලගින් අල්ලල එයා ලගට ඇදල ගන්න ගමන්.
" අද...අපි යුනි එකේ හිටිය බලු පැටියෙක් හුරතල් කරා,තව එයාට කන්න දුන්න...ම්ම් ඇස්ටොනොමි එකේ මීටින් එකකට වෙලා හිටියා...බෝබා ටී බිව්ව...තව.."
ජින් එයා මුලු දවසෙම කරපු දේවල් එකින් එක කියවගෙන ගියත් ජූන් එයා බලාපොරොත්තු උනු උත්තරේ ජින්ගෙන් ලබුනෙ නැති නිසා තව ටිකක් හයියෙන් එයාගෙ අත ඇල්ලුවෙ ජින් ගැස්සිල ජූන් දිහා බලද්දි...
මොකක් උනත් ජින්ට තේරුන මොකක් හරි දේකට ජූන් හොදට ම තරහින් ඉන්නෙ කියලා.
" එච්චර ද ? "
ජූන් ජින් දිහාවට මාරන්තික බැල්මක් හෙලන ගමන් එයාගෙ තොල හපාගත්තෙ තරහ වැඩි කමට ම...
ජින්ට ඒක දැකල හීන් දාඩිය දැම්මෙ ' එයා ඒක දැනගෙන !' කියලා එයාගෙ හිත එයාටම අනතුරු අගවද්දි." ඔ...ව් ඇයි ? "
ජින් වෙනසක් නොපෙන්වන්නෙ නැතුව ම ජූන්ගෙ ඇස් දිහා බැලුවෙ ජූන් ජින් ව අතෑරලා එක අතක් මිටි මොලව ගද්දි.
" වෙන මුකුත් උනේ ම නෑ එතකොට..."
" ම්ම්..ම්...නෑහ්..."
" liar ! "
ජූන් එක සැරේටම ජින්ගෙ කම්මුල් තද කරලා අල්ලගන්න ගමන් කෑ ගැහුවෙ ජින්ගෙ ඇස් වලට කදුලු පිරෙද්දි.
" එහෙනම් මේ මොනවද කියලා කියනවා!...ආහ්...තමුසෙ මොනවද මේ කරල තියෙන්නෙ...ආහ්!..."
ජූන් එයාගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝස් ටිකක් ජින්ට පෙන්නුවෙ එයා තොල් බයටම වෙව්ලද්දි.
ඇත්තටම අද යුනි එකේදි...සෙකන්ඩ් ඉයර් කොල්ලෙක් රෝස මල් ටිකක් අරන් මුලු යුනි එක ඉස්සරහ ම ජින්ට ආදරෙයි කිව්වෙ ඒ වෙලාවෙ ජින්ට කරකියාගන්න දෙයක් නැති වෙද්දි...ජින් කියන්නෙ ගොඩක් කරුනාවන්ත,අහින්සක කෙනෙක් නිසා එයාට ඒ කොල්ලව හැමෝ ම ඉස්සරහ රිජෙක්ට් කරන්න හිතුනෙ නැ.ඒ නිසා එයා ඒ කොල්ලට ගොඩක් හොදින් එයාට කෙනෙක් ඉන්නව කියලා පැහැදිලි කරල දුන්නත් එක පාරටම ඒ කොල්ල එයාව බදාගත්තෙ " අනේ..ප්ලීස්..මාව රිජෙක්ට් කරන්න එපා කිය කිය."
මොනව නැතත් ඒකට ජින්ගෙ හදවත උනු උනා.ඒ නිසයි එයා ඒ කොල්ලට ඇති වෙනකං එයාව බදාගෙන අඩල දික නැති කරගන්න දුන්නෙ....
ඔව් ඒක ජින්ගෙ පැත්තෙන් නම් මානුෂික දෙයක් උනත්...ජූන් ගෙ පැත්තෙන් ඒක තනිකරම වැරැද්දක් විතරයි...
ජින්ගෙන් උත්තරයක් නැති තැන ජූන්ගෙ ඇස් දිලිසෙන දම් පාටින් දිලිසුනේ...ජින් ඉවසගන්න ම බැරි තැන හයියෙන් ජූන්ව තද කරලා බදාගනිද්දි.
එයාව තද කරලා බදාගෙන ඉන්න ජින්ගෙ ඉනෙන් අල්ලල එයාව එහාට කරපු ජූන් පිස්සුවෙන් වගේ ජින්ව කිස් කරන්න ගත්තෙ ජින්ගෙ අත් වලට ජූන්ගෙ ශර්ට් එක ගුලි වෙද්දි.ජින්ට හුස්ම ගන්න බැරි තැන කිස් එක බ්‍රේක් කරපු ජූන් ජිනීගෙ මූන එයාගෙ අත් වලින් තද කරල අල්ලගත්තෙ ඒ රතු වෙලා ඉදිමිලා තියන තොල් දිහායි ඒ කදුලු පිරිච්ච බෝල ඇස් දිහායි මාරුවෙන් මාරුවට බැලුවෙ එයාගෙ ඇතුලාන්තයෙන් ම වරදකාරී හැගීමක් දැනෙද්දි.
" මං ඌව පන පිටින් පුච්චනවා!...ආයෙ මේ වගේ දෙයක් උනොත් එදාට ඔයත් පසුතැවෙයි ජින් ! "
නම්ජූන්ගෙ සැර ,කේන්තිය පිරුනු වචන වලට ජින්ගෙ සියුමැලි කම්මුල් එයාගෙ ම කදුලු වලින් තෙමිල ගියේ ජූන්ට කට උත්තර නැති වෙද්දි...ජූන්ගෙ හෘදද් ශාක්ශිය දැනගෙන හිටිය මේක ජින්ගෙ වරදක් නෙවෙයි කියල ඒත්....ඒ කොල්ලා ජින්ව බදාගනිද්දි එයාට ඇතිවෙච්ච හැගීම...ඒක...එයාට මීට කලින් කා ගැනවත් ඇතිවෙලා නෑ.
" ඔයා මගෙ ! මගෙ විතරමයි "
ජූන් එහෙම්මම ජින්ගෙ පින්ක් කලර් ලිප්ස් කිස් කරන්න පටන් ගත්තෙ එයාගෙ ඉනෙන් අල්ලල වඩාගන්න ගමන්...දෙන්නට ම හුස්ම ගන්න අමාරු උනා ම කිස් එක බ්‍රේක් කරපු ජූන් ජින්ගෙ නලලට නලල තියාගෙන හයියෙන් හුස්ම ගන්න ගත්තෙ ජිනීත් හයියෙන් හුස්ම ගන්න ගමන් ජූන්ගෙ ඇස් දිහා බලාගෙන හිටිය....
" මං ලගට ම වෙලා ඉන්න "
" මං කොහෙවත් යන්නෙ නැහැ."
ආයෙත් ජූන් ජින්ව කිස් එකකට ඇදල ගත්තෙ එයාගෙ ටී ශර්ට් එක ගලවල පැත්තකට විසිකරන ගමන්.....මං හිතන්නෙ ඒක එයාලට ගොඩක් දිග රැයක් වෙයි වගේ.
A / N
කොහොම ද කප්කේක්ස් 💝🥺
ටික දවසකින් අප්ඩේට් එකක් දෙන්න බැරි උනානෙ ලමායි...වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන ම යන්න ඉතින් ❤️💕
YOU ARE READING
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...