huh !

49 6 6
                                    


" ජැකී...නැගිටිනවකො හලෝ ! "

ටේ කිව්වෙ ඇද බදාගෙන ගෙම්බෙක් වගේ නිදාගෙන ඉන්න ජැකීට.

" අනේ.... නිදිය ගන්න දෙනවකො වලස් පැටියො."

ජැකී කිව්වෙ ටේට කොට්ටෙකින් ගහලා ඩුවට් එකෙන් මුලු ඇග ම වහගන්න ගමන්...

" පාඩං කරන්නෙ නැද්ද ගෙම්බෝ.!"

ටේ චුට්ටක් තරහෙන් තරහෙන් වගේ එයාගෙ අතේ තිබ්බ කොට්ටෙන් ජැකීට ගහලා දැම්ම.

අමාරුවෙන් ටේට හිතින් බනින ගමන් නැගිටපු ජැකී ලොකූ ඈනුමක් අරින ගමන් බාතෲම් එකට ගියේ ඩුවට් එක ඔලුවෙ ඉදන් පුරව ගෙන...ටේට එයාව පෙනුනෙ එතකොට බූත පැටියෙක් වගේ.

ටේ ජැකී ගියාට පස්සෙ එයාලට කම්ප්ලීට් කරන්න තියන එසයිමන්ට් ටික දිහා බැලුවෙ අඩන්න ඔන්න මෙන්න වගේ.

' පාඩම් කරන්න ගෙන්න ගත්තෙ ශෝක් මනුස්සය තමයි.'

ටේට නිකම්ම හිතුනෙ එයාල ඊයේ රෑ පොතක් පතක් අල්ලන්නෙවත් නැතුව ඩිස්නි එකේ අලුත් ඇනිමේශන් බලපු විදිහ....එයාට හිතුනෙ inside out එකේ වගේ එයාගෙ ඔලුව ඇතුලෙත් චූටි ටෙටේල දැන් ගහ ගන්නව ඇති කියලා.

( කැමති නම් බලන්න ඒක...inside out එකේ දෙවනි ෆිල්ම් එකත් තියවා.)

ටේ ගිහින් අම්බලම වගේ තියන එයාගෙ ස්ටඩී ටේබල් එක අස් කරන කොට ම වගේ එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේ ගිහින් අම්බලම වගේ තියන එයාගෙ ස්ටඩී ටේබල් එක අස් කරන කොට ම වගේ එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.

ටේ ඉක්මනට ෆෝන් එක අරන් බැලුවෙ කවුද මේ උදේ පාන්දර කෝල් කරන්නෙ කියලා.කිසිම කන්ටෑක් නේම් එකක් නැති අන්නවුන් නම්බර් එක දිහා ටේ බැලුවෙ කුතුහලයෙන් වගේ.ඕනි එකක් කියලා ටේ ෆෝන් එක ආන්ස කරලා බැලුව.

" good morning ! "

" ම්හ්.. ක.වුද ? "

" ඉස්සෙලා good morning කියලා ඉන්න."

" ජිමින් හියුන්ග්.? "

" good morning කියන්නෙ නැද්ද.."

ටේ හිනාව නවත්ත ගන්න ගමන් ආයෙත් ෆෝන් එක දිහා බැලුව.

" good morning "

" දැන් නම් කොහොමත් ගුඩ් මෝනින් එකක් වෙයි.."

" ඇයි.? "

" උදේ ම ලස්සන කියූට් රෝල මලකගෙ කටහඩ ඇහුවනෙ."

ටේ ජිමින් වචන වලට රතු උනු කම්මුල් එක්ක ලැජ්ජාවෙන් හිනා උනා.ලස්සන....කියුට්...ආහ් රෝස මලක් ටේ හිතින් හිතල හිනා වෙන  ගමන් ආයෙත් ෆෝන් එක කනේ තියා ගත්ත.

" ඔයා දන්නවද බේබි දැන් ඔයා බැල්කනි එකට ආවොත් මගෙ දවස ගූඩ් ම ගුඩ් මෝනින් එකක් වෙයි."

ටේ පුදුම වෙලා ෆෝන් එකත් අරගෙන ම බැල්කනි එකට දිව්ව.

" හියුන්ග්....ඔයා...ඔයා මාව පුදුම කරා...අනික කොහොමද ගෙදරයි,මගෙ නම්බර් එකයි හොයා ගත්තෙ."

ටේ ඇහුවෙ බැල්කනි එකේ ඉදන්  පාරෙන් එහා පැත්තෙ කා එකේ බොනට් එක උඩ වාඩිවෙලා එයාට අත වනන ජිමින් දිහා බලාගෙන.

" ඕනි උනා ඉතින්.... හොයාගත්ත.....ආහ්....අද වෙන කිසිම දෙයක් දන්නැති ගානට ඉන්න හරිද...බායි....තෑන්ක්ස් හොදෙ මගෙ දවස ලස්සන කරාට."

" හියුන්ග් මො-"

ටේ කියන්නත් කලින් ෆෝන් එක කට් වෙලා ගිය එයා ෆෝන් එක විසි කරලා ඇදට පැනලා ලොකු ටෙඩියෙක්ගෙ කකුල හපන්න ගත්ත....

" ජිමින් හියුන්ග් එක්ක කතා කරන එක තමයි ශෝක් ම දේ."

ටේ එයාට ම මුමුණ ගත්තෙ මූන කොට්ටෙන් වහගන්න ගමන්.








Bye 🥰💟

අදහස් කියාගෙන යන්න බබාලා....

අද පොඩ්ඩක් කොටයි....ඊලඟ එක දෙන්නම් දිගට.😍



🔞SO YOU WANNA PLAY?🔞Where stories live. Discover now