the real start

41 7 5
                                    

" හියුන්ග්...ඉක්මනට එනවා ගෙදර..."

" ඇයි...කවුද මැරිල තියෙන්නෙ..."

" ජෝක් නෙවෙයි පිස්සෝ ! ඉක්මනට එනවා ගෙදර..."

" ඇයි...තමුසෙ කොෆී හදන්න ගිහින් ගෙදර වත් ගිනි තියා ගත්තද..."

" හැල්මොනි ඇවිල්ලා...එයා අහනවා ඔයා- "

" මං එන්නම්.."

ජිමින් කෝල් එක කට් කරලා පැත්තකින් තිබ්බා.කා එක පැත්තකින් නවත්තපු ජිමින් ශීට් බෙල්ට් එකත් ගලවලා දාල කා එකෙන් බැහැල ටයර් එකට පයින් ගැහුව.

" මට නිදහසේ ඉන්න දෙන්නෙ නැද්ද ! "

ජිමින් කෑ ගැහුවෙ කොන්ඩෙන් ඇද ගන්න ගමන්.එයා ඉක්මනට එයාගෙ බෙල්ලයි කම්මුලුයි අල්ලල බැලුව් එයා රත් වෙලාද කියලා.

" ශිට්ට්ට් ! අයි හේට් මයි ෆකින් ලයිෆ් ! "

ජිමින් තරහෙන් අත් මිටි මොලවලා කා එකට ගහලා ඇතුලෙන් වතුර බෝතලයක් ගත්ත.එයා වතුර බෝතලෙ ඇල්ලුවා විතරයි ඒකේ ප්ලාස්ක් උනු වෙන්න පටන් ගත්තෙ වතුරත් උනු වෙලා බුබුලු දාන්න පටන් ගනිද්දි.උනුවෙච්ච ප්ලාස්ටික් වලට  ජිමින්ගෙ අතේ හම පිච්චුනත් එයාබෝතලෙ අතාරිනව වෙනුවට තවත් අත් වලට තද කරගත්ත.

ජිමින්ගෙ  දුඹුරු පාට ඇස් රතු පාටින් ගින් සිලුවක් වගේ දිලිසෙන්න ගත්තත් ටික වෙලාවකින් ඒ දීප්තිමත් රතු පාට ඇස් අදුරු වෙන්න පටන් ගත්තෙ එයාගෙ බෙල්ලෙ නහර කලු පාට කරන ගමන්.

____________________________________________________________________

" දැන් අර යුන්ගි තාමත් හිත හදාගෙන නැද්ද..."

වයස අවුරුදු හැට පහකට ආසන්න උනත් ඒ තිබ්බෙ ගාම්භීර කටහඩක්.

" නෑ...හැල්මොනි...සමාවෙන්න.."

ජන්කුක් කිව්වෙ අත් දෙක පටලවගෙන බිම බලාගන්න ගමන්.

" මං යුන්ගිට කතා කරන්නද..? "

ඒ කටහඩේ තිබ්බෙ ප්‍රශ්නාර්ථයක් වෙනුවට අනකිරීමක් වගේ දෙයක්.ඒ වචන ඇහෙනවත් එක්ක ම ජන්කුක් එයාගෙ හැල්මොනි දිහා බැලුවෙ දුක හංග ගත්ත පුදුමයකින්.

" එපා හැල්මොනි..."

ජන්කුක් ආයෙත් බිම බලාගෙන උත්තර දුන්න.

" එහෙනම් මං මොකද්ද කරන්න ඕනි ජන්කුක් ! "

කිම් සූ යුන් මව් රැජින ඇහුවෙ එයාගෙ රත්තරං පාට උපැස් යුවල විනිවිද යන තීරණාත්මක බැල්මකින් ජන්කුක්ට සංග්‍රහ කරන ගමන්.

" මං ඔයාට මාසයක් දෙන්නම්...නම්ජූන්ගෙ කිරුලු පැලදවීම තියන දවසට සතියකට කලින් මේ ඔයාගෙයි යුන්ගිගෙයි අතරෙ තියන ප්‍රශ්නය විසදුනෙ නැත්නම්-"

" නැත්නම් ? "

" ඔයාට නෙවෙයි විදවන්න වෙන්නෙ එයාට..."

මව් රැජින කියද්දි  බිම බලාගෙන හිටපු ජන්කුක්ගෙ ඇස් වලින් වේදනාව කැටි වෙච්ච කදුලක් බිමට පැන්න.

" ඕහ්...මේ එන්නෙ අනිත් කෙනා..."

සූ යුන් ගෙ කටහඬ පොඩ්ඩක් මෙලෙක් උනේ ඒගොල්ලො ලගට එන ජිමින් ව දැකල.

" හැල්මොනි..."

ජිමින් කෙලින්ම ඇවිත් ආචාරශීලී විදිහට දන ගහල මව් රැජිනගෙ අතට හාදුවක් දුන්නෙ ඒ තියුනු දැඩි මූනෙ චූටි ම චූටි හිනාවක පෙරනිමිත්තක් අන්දල.

" මට ඔයා ලගින් ආදර සුවදක් එනව ජිමින්..."

bye ❤️❤️

🔞SO YOU WANNA PLAY?🔞Où les histoires vivent. Découvrez maintenant